The Leader News
BREAKING
Top Ad
Opinion

Nirmal the SPIN DOCTOR ; නිර්මාල්ගේ දඟකැවීම එල්ලයටද? | Shiral Lakthilaka

T

The Leader Desk

December 26, 2025 • 4:57 PM

Nirmal the SPIN DOCTOR ; නිර්මාල්ගේ දඟකැවීම එල්ලයටද? | Shiral Lakthilaka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාචාර්ය නිර්මාල් මේ වන විට මාලිමා ආන්ඩුවේ ප්‍රමඛ පෙලේ spin doctor කෙනෙකු වන්නට දරන
  • නමුත් කුමක්දෝ හේතුවකට වර්ථමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපෙය ඔහුට සලකන්නේ එපා වාහෙට හොදි බෙදන ලෙසට යයි මට සිතේ.
  • ඇතැම්විට ඒ ජනාධිපති වරයාට උවිදු වැනි ඉතිහාසයේදී ද්‍රෝහින් ලෙස නම් කල පුද්ගලයන්ගෙන් උදව් පදව් ලබා ගැනීමේ ආනිසංස පිලිබද අත්දැකීම නිසා වන්නට පිලිවන.
  • නිර්මාල්ගේ අළුත්ම spin එක වී ඇත්තේ හිරු නාලිකාව මර්ධනය කිරීමට ආන්ඩුව දරන උත්සාහය සාධාරනය කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්සාහය කැපී පෙනෙන උත්සාහයක් බවත් මාලිමා සමාජයේ ප්‍රශංසාව හා නිසි පිලිගැනීමකට ලක් විය යුතු බවත් අපගේ විශ්වාසය වන්නේය.

නමුත් කුමක්දෝ හේතුවකට වර්ථමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපෙය ඔහුට සලකන්නේ එපා වාහෙට හොදි බෙදන ලෙසට යයි මට සිතේ.

ඇතැම්විට ඒ ජනාධිපති වරයාට උවිදු වැනි ඉතිහාසයේදී ද්‍රෝහින් ලෙස නම් කල පුද්ගලයන්ගෙන් උදව් පදව් ලබා ගැනීමේ ආනිසංස පිලිබද අත්දැකීම නිසා වන්නට පිලිවන. එසේ සිතීමද සාධාරන වන්නේය.

ආණ්ඩුවෙන් ලැබෙන කෙනහිලිකම් කෙසේ වෙතත් නිර්මාල් ආන්ඩුව වෙනුවෙන් සිදු කරන පෙනී සිටීම අඩුම වශයෙන් තමන්ව සතුටු කර ගන්නට හේතුවක් සපයා තිබේ. ඒ සමාජ මාධ්‍ය තුල නිර්මාල්ට ලැබෙන ප්‍රතිචාරය හා ප්‍රසිද්දියයි.

එම නිසා ජවිපෙ විසින් ඔහු ලගට නොගත්තද ජවිපෙ වෙනුවෙන් දිගටම පෙනී සිටී.


නිර්මාල්ගේ අළුත්ම spin එක වී ඇත්තේ හිරු නාලිකාව මර්ධනය කිරීමට ආන්ඩුව දරන උත්සාහය සාධාරනය කිරීමයි. ඔහු කියන්නේ පසුගිය ආන්ඩු LTTE ප්‍රචාරයන් මර්ධනය කලා නම් හිරු ප්‍රචාරනයන්ද එසේ මර්ධනය කිරීම සාධාරන වන බවයි.


නිර්මාල් මේ ආකාරයට මාලිමා ආන්ඩුවේ ප්‍රතිපත්ති තහවුරු කිරීමට දමනු ලබන spin දෙස බැලූ විට ඒවා මේ දක්වා ජනාධිපති මාධ්‍ය අංශයේ වීරප්පන් බලකාය විසින් තම රජය වෙනුවෙන් දමන spin හරසුන් කොට තිබෙන බව කිව යුතුව තිබේ.

Spin doctors ලාගේ ඉතිහාසය දෙස අපට සිහිපත් වන්නේ නාට්සි ජර්මනියෙන් බිහිවු ගොබෙල්ස් ගැනය.

මෑත ඉතිහාසයේදී එසේ බිහිවු spin doctors ලා ලෙස එංලන්තයෙන් බිහිවු ඇලිස්ටර් කැම්බල් (ටෝනි බ්ලෙයාරගේ) මෙන්ම අමරිකාවෙන් බිහිවු කේලයින් කෝන්වෙල්(ට්‍රම්ප්ගෙ) ගිනිය හැකිය.

නිර්මාල් මහාචාර්ය වරයාටත් මෙම කෂේත්‍රයේ හිනිපෙත්තටම නැගිමේ හැකියාව තිබෙන බව මෙවන විට ඔහු කියන දෑ වලින් මනාව තහවුරු වන්නේය. නමුත් ඔහු ඒ සම්බනදව ප්‍රවීනත්වයකට ලගාවී නැත්තේය.

තවමත් නිර්මාල් ආන්ඩුව වෙනුවෙන් spin එකක් ලෙස ඉදිරිපත් කරන බුද්දිමය තර්කයන් ගිනිය හැක්කේ කැකිල්ලෙ පන්නයේ කතා වලටය. එවා පුද්ගලයකුගෙ අවිඥ්ඤානයට කාවදින්නේ නැත.

එම නිසා ඒවා අයත් වන්නේ spin එකකට වඩා දේශපාලන ප්‍රචාරනයන්ට (political propaganda ) බව කිව යුතුව තිබේ.


නිර්මාල් පසුගිය කාලයේ ඉදිරිපත් කල බොහෝ කතා තුල තමන් යෝජනා කරන දෘශ්ඨියක් (ideology)  අන්තර්ගතව තිබුනේ නැති අතර ඉදිරිපත් කරන එක මතයක් තවත් මතයක හරයට පටහැනි වුයේය.


 ආපදාවෙ වගකීම ආන්ඩුවවේ කරපිටට ඒම වැලැක්වීමට සමාජ මාධ්‍ය තුල අරතිවු කතා බහ නිශේදනය කිරීමට නිර්මාල් කියන්නේ 12 දා වැස්ස ගැන දෙරන වාර්ථාව පචයක් බවත් ඒ නිසා ආන්ඩුවට ඒ සම්බන්දයෙන් ආරෝපකය කල හැකි වගකීමක් නැති බවය.

තවත් වරෙක ආන්ඩුව පච කියන බව වසා දමන්නට ඔහු කියන්නේ මාලිමාව බොරු කියලා නැති බවත් කියලා තිබෙන්නෙ 2015 චන්දෙදි පොදු විපක්ෂය කියපු සාමුහික බොරු නැවත කීම පමනක් බවය.

කොළඹ මහ නගර සභා පරාජය වු කල ජවිපෙ දේශපාලනය ආරක්ෂා කිරීමට නිර්මාල් ආරාධනය කරන්නේ පංති අරගලයක් සිදු කිරීමට පෙරට එන ලෙසටය.

මේ සෑම ප්‍රකාෂයක් තුල ගැබ්වී ඇත්තේ spin එකකට වඩා ප්‍රචාරන ලක්ෂනයක් බව කිව යුතුව තිබේ.

නමුත් නිර්මාල් දාන්න යන spin එක වැටෙන්නෙ විකට් එකෙන් එලියට බව කිව යුතුය.

ඒ නිසා අප කියන්නේ නිර්මාල්ට spin doctoring ප්‍රගුන කිරීමට තව තවත් ඉඩ ප්‍රස්තා ජනාධිපති වරයා විසින් ඉඩ සලසා දිය යුතු බවය.

ඒ සදහා හැකි නම් ජනාධිපති මාධ්‍ය අංශයේ වෙනම spin department එකක් ස්ථාපනය කොට එහි ප්‍රධානත්වය මහාචාර්ය නිර්මාල්ට පවරා දිය යුතු බවය.

කෙසේ නමුත් මෙතරම් බුද්ධිමය වෙහෙසක් දරා ජනාධිපති තුමන් හා මාලිමා ආන්ඩුව ආරක්ෂා කිරීමට වෙහෙසෙන මහාචාර්ය නිර්මාල් නොතකා නොඇසු කන්ව සිටීම ජනාධිපති තුමන්ට තරම් නොවන බවය.

Shiral lakthillaka(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

slakthilaka@gmail.com


@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...


''අනුරතුමාට SPIN DOCTOR කෙනෙක් අවශ්‍යයයි'' | Uvindu Kurukulasuriya

jhdjke
මේ අතර ශිරාල් ලක්තිලකගේ ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දක්වා අතින් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.

''ශිරාල් ස්පින් ඩොක්ටර්ස්ල [Spin doctors] ගැන විග්‍රයක් කරල. නිර්මාල්ව ස්පින් ඩොක්ටර් කෙනෙකුත් කරල. මගේ නමත් කොහෙ හරි ඒකට ගාවල. නමුත් ඒක වැරදි විග්‍රයක්. නිර්මාල් කොහොමවත් ස්පින් ඩොක්ටර් කෙනෙක් නෙමෙයි. මම නම් කොහොමටවත් නැහැ. මේ තියෙන්නෙ ටෝනි බ්ලෙයාර්ගෙ ස්පින් ඩොක්ටර් ඇලිස්ටර් කැම්බල් ලියපු එයාගෙ ඩයරීස්. මේ දෙකේ සෑහෙන්න තොරතුරු තියෙනව වෙච්ච සාකච්ඡා. ඇලිස්ටත් බ්ලේයාර් එක්ක තරහ උනා. එහෙමටම තරහක් නෙමෙයි. මට මේ කරුණු කට පාඩම්.

මේ ඩයරිවලින් මම ගත්ත වැදගත් දෙයක් තියෙනව. ඒ කියන්නෙ රාජ්‍ය නායකයට ඉන්න ඕන "තමන්ගේ පෞර්ශයට ගැලපෙන" උපදේශකයො සහ "එක ස්පින් ඩොක්ටර්" කෙනෙක්. අනුරතුමාට එහෙම කෙනෙක් අවශ්‍යයයි. මට නම් පේන අහලකවත් එහෙම කෙනෙක් එයා ළඟ ඉන්නව කියල පේන්නෙ නැහැ. එයාට කවුරු හරි කෙනෙක්ව හොයල දෙන්න.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...