පාර්ලිමේන්තුවේ කළ කතාව යට ගියා.
ඒ කතාව අහපු අය නම් කිව්වේ ලාල් මාර කතාවක් කළේ කියලා.. ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අයවැයට න්‍යායාත්මක විග්‍රහයක් කළේ වත්මන් දේශපාලන ආර්ථිකය තුළ නව අරුත්ගැන්වීමක් කළේ මාලිමාවේ අයවැයට අනන්‍යතාවයක් සලකුණු කරේ ලාල්කාන්ත කියලා. මරු.. නියමයි ..අන්න කතා..
කොළ කෑල්ලක්වත් නැතුව confidently කළ කතාවක්. Theoretical explanation එකක්..ඒ වගේ විශේෂණ අලංකාරොක්ති ගොඩක් දැක්කා. විපක්ෂය පැත්තෙනුත් ඒකට හරියට උත්තරයක් දෙනවා දැක්කේ නෑ.
ඒ කොහොම නමුත්, කෙටියෙන් කියන්න තියෙන්නේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රකරණය කරන්න කලින් තමන්ගේ පාලනය යටතේ දේශපාලන නිදහස ප්‍රජාතන්ත්‍රකරණය කරන්න. විසම්මුතියට ඉඩදෙන්න. භාෂණයේ නිදහසට ඉඩ දෙන්න. තමන්ගේ පක්ෂයේ මහජන නියෝජිතයින්ට තහංචි දාලා කට වහපියව් කියන එක නතර කරන්න. පක්ෂයේ අනතුරු ඇඟවීමේ නිලධාරීන් දාලා කරන බිය වැද්දීම තර්ජනය දේශපාලන නිදහස භාෂණය හා ප්‍රකාශනයෙ නිදහසට බාධා කිරීම ඉස්සෙල්ලා නතර කරන්න. සෙසු පක්ෂවල රැස්වීම් කඩාකප්පල් කරන එක නතර කරන්න. වෛරය ද්වේශය පළිගැනීම ඇවිස්සීම බොරුව නතර කරන්න. ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ තමන්ගේ මහජන නියෝජිතයන ගේ කට වහන එක ප්ලාස්ටර් ගහන එක නතර කරන්න.
දේශපාලන නිදහස ලබා නොදෙන අයගෙන් ආර්ථික නිදහස හෝ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන්න බෑ. එවැනි කණ්ඩායමකට රටේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රකරණය කරන්නත් බැහැ. පක්ෂය රාජ්‍ය බවට පත්වෙලා දේශපාලන නිදහස නැති කරලා බහු පක්ෂ ක්‍රමය නැති කරලා රාජ්‍යය කේන්ද්‍රීයව පක්ෂය විසින් රාජ්‍යයේ ආර්ථිකය ගොඩනගන රටවල් තියෙනවා. කියුබාව, චීනය, උතුරු කොරියාව, වියට්නාමය වගේ රටවල් හැබැයි දේශපාලන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මූලික මිනිස් අයිතිවාසිකම් මාධ්‍ය නිදහස සිවිල් අයිතිවාසිකම් පුද්ගලික නිදහසක් නෑ. පක්ෂය රාජ්‍යය අත්පත් කරගෙන හෝ රාජ්‍යයට ආරෝපණය වෙලා හෝ දේශපාලන නිදහස හකුලලා ආර්ථිකය ගොඩනගනවා.
ආර්ථිකය ප්‍රජාතන්ත්‍රකරණය කරනවා කියලා තමන්ට අනුකූලතාවයක් දක්වන පිරිස් වලට සහභාගිත්වය හා අවස්ථාව සලසා දෙමින් දේශපාලනික වශයෙන් අවනත නොවන පිරිස් යටත් කරගැනීම තමයි මේ යට තියෙන වැඩපිළිවෙළ.
ඔය ලාල්කාන්තම ගමට අධිකරණ බලය යෝජනා කිරීම හරහා කරන්න යන්නේ තමන්ගේ පක්ෂයේ චින්තනයට ප්‍රතිපත්තියට අනුකූලතාවයක් දක්වන අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සහචරවාදී අනුග්‍රාහකවාදී ආර්ථික ප්‍රජාතන්ත්‍රකරණයක්..
ලාල්කාන්තල වි අලෙවි මණ්ඩලයට වී දුන් නැත්නම් බලාගනිමු. කියන තැන ඇති ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමකුත් නැහැ කියන තැනට එන්නෙත් ඔතනින් තමයි. ආර්ථිකයේ රාජ්‍ය පංගුව බලහත්කාරයෙන් ගන්න හදනවා. එතැන ඇති ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. මේ ගැන වැඩිදුරටත් ලියන්න ඕන. පාතාලේ මේ දවස්වල මරාගන්න නිසා ලාල්කාන්ත ඇමතිතුමා ගේ කතාව යට ගියා.. ඒ ගැන අවධානය අඩුවුණා.
කොහොම නමුත් ලාල් කාන්ත ඇමතිතුමාටයි ආණ්ඩුවටයි කියන්න තියෙන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රකරණයට කලින් රට තුළ දේශපාලනය කරන්න තියෙන අයිතිය ප්‍රජාතන්ත්‍රීකරණය කරන්න. තමන්ගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රකරණය කරගන්න. තම පක්ෂයේ පරිවාසයේ සිටින මහජන නියෝජිතයින් නිදහස් කරන්න. මහජන නියෝජිතයින්ට මුඛවාඩම් එපා. කොට්ටහච්චි මන්ත්‍රීතුමියට කතා කරන්න නිදහස දෙන්න. ආණ්ඩුවට සහාය නොදෙන වෘත්තීය සමිතිවලට තර්ජනය කරන එක නතර කරන්න. වැඩබිම්වල සේවා ආයතනවල ගම්බිම්වල බියවැද්දීම නතර කරන්න. ගම් මට්ටමින් මාලිමාවේ ජන සභා හදාගෙන ගම යටත් කරන එක නතර කරන්න. ජනතා විමුක්ති පෙරමුණෙ මතවාදයට දේශපාලනයට ක්‍රියාකාරීත්වයට යටත් වුණු විශ්ව විද්‍යාල වල දේවල් සිදුවන ආකාරයට ඒ මට්ටමට රට පත් කරන්න සූදානම් වෙන්න එපා. දේශපාලන නිදහස ප්‍රජාතන්ත්‍රීකරණය නොකරන චින්තනයකින් සන්නද්ධ වුණු කණ්ඩායමක ආණ්ඩු පාලනයකින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ප්‍රජාතන්ත්‍රීකරණයක් බලාපොරොත්තු වෙන්න බෑ.
දේවල් සිදුවෙන ආකාරය දිහා බැලුවම පැලවත්ත කාර්යාලයෙන් මෙහෙයවන වත්මන් ආණ්ඩුව කොහාටද යන්නේ කියලා විචාර බුද්ධියක් තියෙන දැනඋගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සම්ප්‍රදායන් වටිනාකම් වලට ගරු කරන ඕන කෙනෙකුට තේරෙනවා. එනිසා ලාල් කාන්තගේ කතාව මේ පාතාලේ වෙඩි හඬ පහව ගියාට පස්සේ මේ කතා කරන ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම ගැන ඒ යට තියෙන අදහස ගැන පැරණි හා නව දේශපාලන ආර්ථික මාදිලි ගැන මොඩියුල ගැන ලාල්කාන්ත කියන කතාව ආර්ථික ක්‍රියාවලිය ගැන දේශපාලනිකව සීරියස් කතා කරමූ. දැනට නවතිමි. ඉදිරියට ලියමි.!
(සටහන | නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය
nishanthasriws@gmail.com
Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..
2025.02.23



