The Leader News
BREAKING
Top Ad
Opinion

NOWarNEVER : 'අරගලය තියෙන්නෙ OLD POWER සහ NEW POWER අතරයි' - රන්දුලා ද සිල්වා

T

The Leader Desk

April 15, 2022 • 9:43 AM

NOWarNEVER : 'අරගලය තියෙන්නෙ OLD POWER සහ NEW POWER අතරයි' - රන්දුලා ද සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • න් පුරවැසි අරගලය OLD POWER සහ NEW POWER අතර අරගලයක් බව 'ෆ්‍රීඩම් හබ්' ව්‍යාපෘතියේ රන්දුලා ද සිල්වා පවසයි.
  • හැබැයි, ඇත්තටම මේ කිසිම එකක් මේ වෙලාවේ සාර්ථක වෙන්නේ නැති බවක් අපිට පේන්න තියෙනවා.
  • ඇත්තටම ඇයි මේ අරගලයේ ප්‍රචණ්ඩ වෙන්නේ නැත්තේ???
  •   ඇත්තටම මේ මොහොතෙ ලංකාවෙ අපි දකින්නෙ මේ කිව්ව වගේ new power movement එකක්..
අකුරු ප්‍රමාණය (Font Size):



මංගල සමරවීර විසින් ආරම්භකළ 'ෆ්‍රීඩම් හබ්' ව්‍යාපෘතියේ සමාරම්භක සාමාජිකාවක් වන රන්දුලා එබව කියා සිටියේ SL VLOG සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.

ඉහත කාරණය තවදුරටත් පැහැදිලි කරමින් ඇය මෙසේ කරුණු පැහැදිලි කළාය.

''අපි දැක්කා විවිධ පාර්ශ්ව මේ අරගලය ප්‍රචණ්ඩ කරන්න හදනවා... මේ අරගලයට දේශපාලනික මුහුණුවරක් එකතු කරන්න හදනවා.. හැබැයි, ඇත්තටම මේ කිසිම එකක් මේ වෙලාවේ සාර්ථක වෙන්නේ නැති බවක් අපිට පේන්න තියෙනවා.

ඇත්තටම ඇයි මේ අරගලයේ ප්‍රචණ්ඩ වෙන්නේ නැත්තේ??? ඇයි එහෙම කොච්චර උත්සාහ කරත් කරන්න බැරිවෙලා තියෙන්නේ???

මුලු ලෝකයේම මේ වෙද්දී කතා වෙන මාතෘකාවක් තමයි new power සහ old power කියන එක. සරලව කිව්වොත් old power සංකල්පය තුළ බලය තියෙන්නේ කේන්ද්‍රගත වෙලා. ඒ කියන්නේ මෙතැනදි  නායකයෙක් අවශ්‍ය වෙනවා සහ බලය විහිදෙන්නේ සිරස් අතට.. ඉහළ සිට පහළට..

හැබැයි new power structure එකේදි බලය විමධ්‍යගතයි.. තිරස් අතට බලය විහිදෙන්නෙ..එක නායකයෙක් නෑ.. මිනිස්සු හැමෝම මෙතනදි සමාන කාර්‍යභාරයක් ඉටුකරනවා.. තමන් ම තමන්ව නියෝජනය කරනවා. ඒ කියන්නෙ හැමෝම නායකයො..

 

ඇත්තටම මේ මොහොතෙ ලංකාවෙ අපි දකින්නෙ මේ කිව්ව වගේ new power movement එකක්.. හැමෝම එක පොදු සතුරෙක් ඉස්සරහ එකට හිටගෙන ඉන්න මොහොතක්..එක පොදු අරමුණක් වෙනුවෙන්  ස්වේච්ඡාවෙන් වැඩ කරන මොහොතක්.. ඒ නිසාම මේ අරගලය කාටවත් control කරන්න බැරි වෙලා තියනවා.

 

ඒ නිසාම ගොඩක් අය මේ අරගලය සම්බන්ධයෙන් ඍණාත්මක අදහස් දක්වනව අපි දකිනවා සමාජ මාධ්‍ය තුළ.. මොකද ගොඩක් දෙනෙක්ට මේක හරි නුහුරුයි.. මේ අරගලය ඇතුලෙ ඕඩර්ස් නෑ. කවුරුත් කාවවත් මෙහෙයවන්නෙ නෑ.. එහෙම දෙයක් මීට කලින් කවුරුත් අත්දැකල අත්විදල නෑ..

ඉතින් ඒ නිසාමයි මේ බොහෝ පාර්ශව මේ අරගලය හරියන්නෙ නෑ කියන්නෙ. හැබැයි ඒ නිසාමයි කවුරු මේක අල කරන්න හැදුවත් වැඩේ හරියන්නෙ නැත්තෙ.. කොතනද කේන්ද්‍රය? හැම තැනක්ම කේන්ද්‍රයක්.

ආණ්ඩු පක්ශෙ හෝ වේවා විපක්ශෙ හෝ වේවා මේ කොයි කවුරුත් මේකට විසදුම් හොයන්නෙ තාම අර old power structure එක ඇතුලෙ ඉදන්.. ඒ කාටවත් තාමත් හිතාගන්න බෑ මේ මොකක්ද වෙන්නෙ කියල.. ඊලග මොහොතෙ මොකක් වෙයිද කියල.. ඉතින් ඒ නිසා ම මේ අරගලය අපි කවුරුත් හිතනවට වඩා හරිම පවර්ෆුල්.

 

අපි මතක තියාගන්න ඕන මේ නිව් පවර් කියන අලුත් බල ව්‍යූහය දේශපාලනයට විතරක් අදාල වෙන එකක් නෙමෙයි. දේශපාලනයේ නියෝජනය වෙන මේ සාමූහිකත්වය ගැන අදහස පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය, අධ්‍යාපනය, නීතිය විතරක් නෙමෙයි ගොවිතැන වගේ කර්මාන්ත ඇතුලෙත් ක්‍රියාත්මක වෙන්න ඕන. මේක හැම අංශයකටම අදාල වෙනසක්. සිස්ටම් චේන්ජ් කියන්නෙ හැමදෙයකම නාඩිය, ගලායාමේ ස්වභාවය වෙනස් වෙන්න ඕන කියන එක.

 

මෙතන තියෙන්නෙ පරණ බල ව්‍යූහයන් එක්ක ගැටුමක් නෙමෙයි. අලුත් ඒවා සමාන්තරව නිර්මාණය කිරීමක්. පැරණි දේශපාලන සමාජ ක්‍රමය බිඳ වැටෙද්දි ඒ අලුත් යාන්ත්‍රණ ඊට අවශ්‍ය විදිහට සකස් වෙලා තියෙන්න ඕන.

මේ අරගලය ඇත්තටම ලංකා ඉතිහාසය වැදගත් හැරවුම් ලක්ශ්‍යයක් වෙලා ඉවරයි. මොකද මේ වෙලේ හැමතැනම අපි දකින්නෙ මනුශ්‍යත්වය. බාර ගැනීම. අනෙකා ගැන හොයල බලන, අනෙකාව බලාගන්න, අනෙකා වෙනුවෙන් කතාකරන මිනිස් සංස්කෘතියක්. ශ්‍රී ලංකාවක් විදිහට ඔලුවෙන් පැනපු මේ පිම්ම ආපහු හරවන්න බෑ.

මෙතන ඉන්න හැමෝම ඉන්නෙ අර අවුරුදු ගානක් තිස්සෙ අපිට අන්දල තිබ්බ පාට, පක්ශ හැමදෙයක්ම ගලවල විසිකරල දාල.. ඉතින් කවුරුවත් කොහොම මේ නිදහස් මනුස්ස සංස්කෘතිය අභියෝග කරන්නෙ?

 

 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...