එදා ගෝඨාභය ඉතාම කරුණාවෙන් තේරුම් කරලා කිව්වා අවශ්‍ය ප්‍රමාණයට තෙල් ගේනවා, ඒ නිසා පෝලිමේ ගිහිල්ලා එකතු කරන්න එපා කියලා. ලංකාවේ වාහන එලවන පකිස් බූරුවන් ඒක අහුවේ නැහැ. එදා තෙල් පෝලිම හැදුනේ අනවශ්‍ය විදිහට තෙල් ගහගන්න ගිය නිසා. අන්තිමට සාමාන්‍යයෙන් මාසෙකට ගෙන්වන තෙල් ප්‍රමාණය වගේ තුන් ගුණයක් ගෙන්නලත් පෝලිම නැවතුනේ නැහැ. ඒ තරම් මෝහයෙන් වැසුණු ජාතියක් තමයි මේ රටේ ඉන්නේ. උන්ට කරුණු කාරණා තේරුම් ගන්න බැරි උපන් ගෙයි මෝඩකමක් පිහිටලා තියෙනවා.
නමුත් ගෝඨාභය ඔවුන්ට අනුකම්පා කළා. අරගලයට ඇවිල්ලා කූඩාරම් බැඳගෙන ජවුසම් නටන කොටවත් ඒ අමනයන්ට මුකුත් කළේ නැහැ. ඒකට අනුර සහෝදරයා… කියන දේ නාහා රෑ තිස්සේ පෝලිමේ ඉන්න එන උන්ට හොඳට දැනෙන්න ගෙනල්ලා ගැහුවා පණුවෝ ගහපු කුණු ජූස් බේරෙන, කට පිරෙන්න කුණු පුරවපු නගර සභාවේ ලොරියක්. පළාතම ගන්දස්කාරයි. පෝලිමේ ඉන්න උන්ට හොඳ වැඩේ.
ලංකාවේ මෝඩ වැසියාට සලකන හැටි අනුර දන්නවා. මෝඩ නැත්තං තමන්ගේ ගල් පැලෙන බොරු විශ්වාස කරලා තමන්ට ඡන්දය දෙන්නේ නැහැ කියලා ඔහු දන්නවා. එහෙම උන්ට ඕනා විදිහට ආණ්ඩුව නටන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ ආණ්ඩුවට ඕනා දේ. දවසට පාස්පෝට් දෙන්නේ දාහ නම් දාහයි. කිසිම විශේෂයක් කරන්නේ නැහැ. ඒක තමයි මෝඩ ජනතාව මට්ටු කරන විදිහ.
තව දවසකින් දෙකකින් උන්ටම එපා වෙලා ඔය පෝලිම නැති වෙනවා කියලා ආණ්ඩුව දන්නවා. මම ආසම වැඩේ තමයි අනුරට ඡන්දය දාන්න ඉතාලියේ ඉඳලා ආව එකෙක් පෝලිමේ ඉඳගෙන අර කුණු ලොරියේ සැප විඳ විඳ ආඩපාලි කියන එක. ඔය පිටරට ඉන්න NPP කාරයන්ට නම් හැබැයි කුණු ගඳ හුරුයි. ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 නොවැම්බර් 3
දැනට NPP ආණ්ඩුවෙන් කරපු හොඳම වැඩේ ? - (එරන්ද ගිනිගේ)
T
The Leader Desk
November 3, 2024 • 8:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එදා ගෝඨාභය ඉතාම කරුණාවෙන් තේරුම් කරලා කිව්වා අවශ්‍ය ප්‍රමාණයට තෙල් ගේනවා, ඒ නිසා පෝලිමේ ගිහිල්ලා එකතු කරන්න එපා කියලා.
- මෝඩ නැත්තං තමන්ගේ ගල් පැලෙන බොරු විශ්වාස කරලා තමන්ට ඡන්දය දෙන්නේ නැහැ කියලා ඔහු දන්නවා.
- සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com 2024 නොවැම්බර් 3.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


