The Leader News
BREAKING
Top Ad
Opinion

ඔරැකල් විප්ලවය...- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

March 24, 2022 • 12:35 PM

ඔරැකල් විප්ලවය...- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔරැකල් ඩේටා බේස් ක්‍රමයට ඊයේ හංදියට ආපු ගෑස් ලොරියේ තිබුණේ හරියටම තට්ටුවෙන් හතරෙන් එකයි.
  • මේ අර්බුදය ඇතුලේ දැන් මිනිස්සු පවතින්නේ ඒ විදියට.
  • ඩීසල් පෙට්‍රල් සහ ගෑස් රත්තරං හා සමාන නිසා මිනිස්සු ඒවා ගෙනියන්න එන්නේ ආත්ම ආරක්ෂාව ඇතුව.
  • බඩු ගන්න විතරක් නෙවෙයි එන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):



හන්දියේ කඩේට පහක් හයක් දැම්මා. ඒ පහ හය කොහෙන් ගියාද නැහැ. තව කිලෝ මිටරයක් ඉස්සරහ තියන අනික් කඩේටත් පහක් හයක් දැම්මා.

 එතකොට හංදියේ කඩේට ගෑස් ගන්න ආපු උන් එතන ඉවර නිසා බයික්, ත්‍රීවිල්, කාර් අරන් අනික් කඩේට ආව. එතකොට එතනත් ඉවරයි.

ඊට පස්සේ හන්දියේ කඩෙන් ගන්න බැරි වෙච්ච අයයි අනික් කඩෙන් ගන්න බැරි වෙච්ච අයයි දෙගොල්ලම අර ලොරිය පස්සේ වාහන අරන් හඹා ගියා. ඒ ඊට පස්සේ ගෑස් බාන කඩෙන් ගන්න.

මිනිස්සුන්ට කතා කරන්න බැහැ. තොරතුරක් අහන්න බැහැ. කේන්ති යනවා.

ඊට පස්සේ බයිපාස් පාරේ ෂෙඩ් එක ළඟ ඩීසල් සහ පෙට්‍රල් පෝලිම. ඒකත් ඔරැකල් ක්‍රමයට.

ෂෙඩ් එක ළඟ ලංකා බැංකුවේ ටෙලර් එකක් තියන නිසා ත්‍රී වීල් මල්ලිට කිව්වා එතෙන්ට දාන්න කියල. දාන්න යනකොට ම මිනිස්සු කෑ ගහනවා. 'කොහෙද ඕයි යන්නේ. පෝලිමක් තියනවා පේන්නේ නැද්ද' කියල. ටෙලර් එකට යන්නේ කිව්වට මිනිස්සුන්ට ඒකත් සැකයි.

වැඩිය කතා කරන්න බැහැ. පිහියක් උනත් ඇදල ගන්න පුළුවන්. මේ අර්බුදය ඇතුලේ දැන් මිනිස්සු පවතින්නේ ඒ විදියට.

ඉතාම වැදගත් කරුණක් තමයි මිනිස්සු ඉතාම සුළුවෙන් උණත් සන්නද්ධයි කියන එක. ඩීසල් පෙට්‍රල් සහ ගෑස් රත්තරං හා සමාන නිසා මිනිස්සු ඒවා ගෙනියන්න එන්නේ ආත්ම ආරක්ෂාව ඇතුව.

බඩු ගන්න විතරක් නෙවෙයි එන්නේ. පණ බේරා ගන්නත් එක්ක. පිහියක් මොකක් හරි නැත්නම් ගෑස් ටැංකිය හරි එවනවා මූණට.

276117896 10224570567986190 7262060143740541744 n

පාර්ලිමේන්තු බස් බෝඩ් ගලවාගෙන යන තත්වෙට එන්නේ මේ පුපුරායන පීඩනය නිසා.

ලොකු ලොකු කාර් වලින් බිමට වත් සමහරු බහින්න බයයි. ඔන්න තත්වය.

අනික් ඔක්කොම උඹල අපෙන් උදුරලා ගත්තා. අඩුම තරමේ ජීවත් වෙන්න වත් දීපල්ලා. ඒක තමයි පහල පංතියේ ඉල්ලීම.

විසි එක් වෙනි සියවසේ දෙවැනි දශකේ වෙනකොට ලාංකික මිනිසාගේ දෛවය ඕක. මේක ටිකක් විප්ලවිය ප්‍රචණ්ඩ බවක්. දිව්‍යමය ප්‍රචණ්ඩ බව කියලත් කියන්න පුළුවන් ඕනිනම්.

විප්ලවය පිටතින් ඇතුළට එන්නත් කරන එකනේ වැරදියි කියන්නේ. දැන් පුපුරන්නේ ඇතුළතින්!

ඒක තමයි ඔරැකල් එක.

(Oracle කියන්නේ අනාගත වක්තෘ කියන එක. දිවැස් කියනවා කියන එක).


හිස් බැල්ම : කියවිය යුතුම සංවේදී කතාවක් - මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 


The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...