The Leader News
BREAKING
Top Ad
Opinion

Pervert’s guide to enjoy Leaks : ලීක්වෙන වීඩියෝ කියන්නෙ වෙනම ශෘංගාර කලාපයක්

T

The Leader Desk

December 22, 2024 • 8:47 AM

Pervert’s guide to enjoy Leaks : ලීක්වෙන වීඩියෝ කියන්නෙ වෙනම ශෘංගාර කලාපයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක වොයෙරිස්ටික් නැත්නම් යතුරු සිදුරෙන් බැලීමේ ආස්වාදය එක්ක සමපාත වෙන දෙයක්. කවුරු කොහොම කිව්වත් නූතනයේ හැම කෙනෙක්ම එකවිට ප්‍රදර්ශනකාමියෙක් සහ නැරඹුම්කාමියෙක් වෙනවා.
  • ඒ කියන්නෙ තමන්ගේ ෆෝන් කැමරාව ඉදිරියේ විවිධ අරමුණු වෙනුවෙන් නිරුවත් වීමේ ආස්වාදය පැවතිය යුතුයි. ඒ නිසා ලීක්වීම අපහාසයක්, අපරාධයක් ලෙස සැලකීම කියන්නෙ හොඳ නැරඹුම්කාමියෙකුට නොගැලපෙන දෙයක්.
  • ෂෙයාර් නොකර ඉන්න බැරි එක ඇත්ත එවන් වීඩියෝවක් තමන් රස විඳීමෙන් පසුව තවත් කිට්ටු මිතුරන් සමග ෂෙයාර් කිරීමත් ස්වභාවික දෙයක්.
  • ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් තමන් අඳුරන්නෙවත් නැති සමාජ මාධ්‍ය හරහා එය ප්‍රසිද්ධ කිරීම හොඳ දෙයක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒක වොයෙරිස්ටික් නැත්නම් යතුරු සිදුරෙන් බැලීමේ ආස්වාදය එක්ක සමපාත වෙන දෙයක්. 


කවුරු කොහොම කිව්වත් නූතනයේ හැම කෙනෙක්ම එකවිට ප්‍රදර්ශනකාමියෙක් සහ නැරඹුම්කාමියෙක් වෙනවා. ඒ කියන්නෙ විපරීතභාවය සාමාන්‍යයක් වෙලා තියෙන්නෙ. ඒ හින්ද තමන් එහෙම නෙමෙයි කියල‍ පෙන්නන්න හදන කුහකයෙක් වෙනවට වඩා එතිකල් විදිහට නැරඹුම්කාමියෙක් වෙන හැටි දැනගන්න එක වැදගත්. නැත්නම් ඒ ආර්ට් එක අපරාධයක් වෙන එකයි සිද්ද වෙන්නෙ.

ඉතින් මේ කියන්නෙ ඉතාම ආන්දෝලනාත්මක එතිකල් නැරඹුම්කාමියෙකුට උපදෙස්.

1- ලීක් වීම වැලැක්වීමට නොහැකියි

ෆෝන් කැමරාව සොයාගත්තෙම නැරඹුම්/ප්‍රදර්ශනකාමයේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒ නිසා මේ යුගයේ ලීක්වීම යනු ‍නොවැලැක්විය හැකි දෙයක්. ඒ වගේම නැරඹුම්කාමීන්ට ආස්වාදය ලබන්නට නම් ප්‍රදර්ශනකාමීත්වය පැවතිය යුතුමයි. ඒ කියන්නෙ තමන්ගේ ෆෝන් කැමරාව ඉදිරියේ විවිධ අරමුණු වෙනුවෙන් නිරුවත් වීමේ ආස්වාදය පැවතිය යුතුයි. 

ඒ නිසා ලීක්වීම අපහාසයක්, අපරාධයක් ලෙස සැලකීම කියන්නෙ හොඳ නැරඹුම්කාමියෙකුට නොගැලපෙන දෙයක්.

2- ලීක් වුනු දේ ගැන ගෞරවය

 

ethics45

ලීක් වීඩියෝව අදාල පුද්ගලයන්ට අවමානයක් විදිහට භාවිතා කිරීම වෙනම සාපරාධී මානසික තත්වයක්. ඒක ශීෂ්ටකරණය නොවූ වනචාරී ආශාවක ප්‍රතිඵලයක්.  හොඳ නැරඹුම්කාමියෙකුට එය ආස්වාදය ගෙනෙන නිර්මාණයක් වගේමයි. ඒ ප්‍රදර්ශනය කරන අය ගැන ගෞරවයක් හොඳ නැරඹුම්කාමියෙකුට තිබිය යුතුමයි. 

ඒ නිසා ප්‍රදර්ශනය කළ අය ආරක්ෂා කිරීම නැරඹුම්කාමියාගෙ වගකීමක් වෙනවා.

3- ෂෙයාර් නොකර ඉන්න බැරි එක ඇත්ත

එවන් වීඩියෝවක් තමන් රස විඳීමෙන් පසුව තවත් කිට්ටු මිතුරන් සමග ෂෙයාර් කිරීමත් ස්වභාවික දෙයක්. ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. 

නමුත් තමන් අඳුරන්නෙවත් නැති සමාජ මාධ්‍ය හරහා එය ප්‍රසිද්ධ කිරීම හොඳ දෙයක් නෙමෙයි. එයින් සිදුකරන්නෙ ඒ වීඩියෝවෙ ආස්වාදය ලැබීම වෙනුවට එය නිර්මාණය කළ අයව අපහසුතාවයට පත්කිරීමයි. ඒක යහපත් නැරඹුම්කාමියෙකුගේ හැසිරීමක් නොවේ.

4- තමන් යහපත්බව ප්‍රදර්ශනය කරන්න යාම වරදක්

 

How To Respect Internet Privacy e1541007411696
කෙනෙකුගේ අවසරයකින් තොරව ඒ අයගේ නිරුවත් දර්ශනයක් නැරඹීම වරදක්. ඒ නිසා එවන් ලීක් වීඩියෝවක් නරඹන හැම කෙනෙකුම කරන්නෙ වරදක්. ඒ වරදකාරීත්වය පිළිගන්න. ඒ වෙනුවෙන් එම වීඩියෝවෙ සිටින අයට කෘතඥ වන්න. 

ඒ අය ගැන විවිධ දේ කියමින්, විවිධ ප්‍රචාර යවමින් තමන් සුද්දවන්තයෙකු ලෙස හැසිරීමට උත්සාහ ගැනීම හොඳ නැරඹුම්කාමියෙකුට තරම් නොවේ.

5- ලීක්වුනු අය‍ගේ පුද්ගලිකත්වයට ගරු කරන්න

 

An office worker whispering something to his colleague about the other guy.

ලීක්වීමක් කියන්නෙ එහි ප්‍රදර්ශනය වෙන පුද්ගලයාට විශාල අපහසුතාවයක්, සමාජ ආතතියක් ඇති කරවන තත්වයක්. ඒ ගැන සවිඥාණක වෙන්න. ඒ පුද්ගලයාගේ පුද්ගලික ජීවිතයට එබෙන්න උත්සාහ ගන්න එපා. තවත් එක් නැරඹුම්කාමී අත්දැකීමක් හැටියෙන් එය විඳ අවසන් කරන්න. 

එහි ඇලීගැලී නොඉන්න. ඒ අදාල පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතය ඉන් මතුවටත් සාමාන්‍ය පරිදිම පවත්වාගෙන යාමට ඔබට කළ හැකි නිහඩවීම සිදු කරන්න.

මෙන්න මේ පංච ආචාර ධර්මයන් පුහුණු කළහොත් ඔබට එතිකල් නැරඹුම්කාමියෙක් වෙන්න පුළුවන්. ඒක සුන්දර ශෘංගාර අත්දැකීමක් කරගන්න පුළුවන්. නැත්නම් ඔබ මෙම ශෘංගාර කලාපයට නොගැලපෙන සාපරාධී මනසක් ඇති අශිෂ්ටයෙක් හැටියෙන් පිලිගන්න සිදුවෙනවා.

පාරාදීසයක තේරුමක් නැති චාරිකාවක් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...