The Leader News
BREAKING
Top Ad
Opinion

සංස්කෘතික අමාත්‍ය ධූරය තුයියකොන්තාට ලබාදෙනු ! | Philip Shantha

T

The Leader Desk

April 19, 2026 • 4:38 AM

සංස්කෘතික අමාත්‍ය ධූරය තුයියකොන්තාට ලබාදෙනු ! | Philip Shantha

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1998 දී පමණ මොරටුව කැම්පස් එකේ ඇතිවූ ගැටුමක් ගැන මංජුල වෙඩිවර්ධන රාවයට විශේෂාංග ලිපියක් ලිව්වේය.
  • මුකුත් වෙන්නෙ නෑ යැයි මම පෙරලා කීවෙමි.    දීපචෙල්වම්ගේ නව කතා පොත් වගයක් අශ්ලීල ලෙස රේගුවේ ර‍ඳවා ගැනීම ගැන ජයතිලක කම්මැල්ලවීර ප්‍රකාශ කරන්නේ ප්‍රකාශනයට ඇති නිදහසේ නාමයෙන් සමාජය ගිනි ඇවිලවීමට යමෙකුට ඉඩ දිය නොහැකි බවයි.
  •   අප හිතවත් ශක්තික සත්කුමාර ලියූ කෙටි කතාවක් සම්බන්ධයෙන් උරණ වී පොල්ගහවෙල ප්‍රදේශයේ මහණුන් කිහිපදෙනෙක් පොල්ගහවෙල පොලීසියට පැමිණිලි කළේ එමගින් ආගම් අතර විරසකයක් ඇති වී සමාජ ගැටුමකට එය හේතුවිය හැකි බව ය.
  • ඒ අනුව නිර්මාණයක් සම්බන්ධයෙන් ලේඛකයකු අත් අඩංගුවට ගැනීමේ යුක්ත යුක්තිභාවය ලේඛකයාගේ නිර්මාණයේ සාහිත්‍ය වටිනාකම මත ද රදා පවතින්නක් බව කම්මැල්ලවීර හැඟවුම්කරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
එල්ටීටීඊ හිතවත් සිසුන් සමූහයකට වෙඩ්ඩා යම්කිසි හිතවත්කමකින් වාක්‍ය දෙක තුනක් ලියා තිබුණි. මා වෙඩ්ඩාගෙන් විමසුවේ ඇයි උබ එහෙම කළේ යන්නයි. ඉතින් එහෙම කළාම මොකෝ වෙන්නේ යැයි ඔහු පෙරලා මගෙන් විමසීය. මුකුත් වෙන්නෙ නෑ යැයි මම පෙරලා කීවෙමි. 
 
දීපචෙල්වම්ගේ නව කතා පොත් වගයක් අශ්ලීල ලෙස රේගුවේ ර‍ඳවා ගැනීම ගැන ජයතිලක කම්මැල්ලවීර ප්‍රකාශ කරන්නේ ප්‍රකාශනයට ඇති නිදහසේ නාමයෙන් සමාජය ගිනි ඇවිලවීමට යමෙකුට ඉඩ දිය නොහැකි බවයි. මේ න්‍යායට අනුව එදා මංජුල වෙඩිවර්ධන රාවයට ලියූ වාක්‍ය දෙක තුන ද කම්මැල්ලවීරගේ අර්ථයෙන් අර්ථ ගන්වා වෙඩ්ඩාට යස පාඩමක් උගන්වන්නට ඉඩ තිබුණි.

 

අප හිතවත් ශක්තික සත්කුමාර ලියූ කෙටි කතාවක් සම්බන්ධයෙන් උරණ වී පොල්ගහවෙල ප්‍රදේශයේ මහණුන් කිහිපදෙනෙක් පොල්ගහවෙල පොලීසියට පැමිණිලි කළේ එමගින් ආගම් අතර විරසකයක් ඇති වී සමාජ ගැටුමකට එය හේතුවිය හැකි බව ය. එවකට පොල්ගහවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම ශක්තිකව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ බරපතල නීතියකිනි. ඒ ගැන විවිධ සමාජ කොටස් විරෝධය පළ කරන විට ජයතිලක කම්මැල්ලවීර ද ශක්තිකව අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑය. එහෙත් ශක්තිකගේ කෙටි කතාවේ සාහිත්‍ය වටිනාකමේ අඩුවක් ගැන ද කම්මැල්ලවීර මොන මොනවදෝ කීය. ඒ අනුව නිර්මාණයක් සම්බන්ධයෙන් ලේඛකයකු අත් අඩංගුවට ගැනීමේ යුක්ත යුක්තිභාවය ලේඛකයාගේ නිර්මාණයේ සාහිත්‍ය වටිනාකම මත ද රදා පවතින්නක් බව කම්මැල්ලවීර හැඟවුම්කරණය කළේය.
 
දීපචෙල්වම්ගේ නවකතා රේගුවේ රඳවා ගැනීම ගැන අදහස් පළ කරන කම්මැල්ලවීර පදානුගතව ප්‍රකාශ කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රජයකට පාලනය කළ නොහැකි බවයි. නමුත් කම්මැල්ලවීරගේ බළලා මල්ලෙන් එළියට පනින්නේ එහෙත්, යැයි කියමිනි. ඒ අනුව යමෙකුගේ ප්‍රකාශනය තුළ සමාජ විනාශකාරී යමක් අඩංගු නම් ඊට ද ඉඩදිය  යුතු නැති බව ඔහු ප්‍රකාශ කරයි. කම්මැල්ලවීරම පවසන පරිදි ඔහුට දෙමළ භාෂාව කියවිය ලිවිය නොහැක. එහෙත් දීපචෙල්වම්ගේ සමහර වෙනත් ප්‍රකාශන සමාජ විනාශකාරී බව ඔහුට දැනගන්නට ලැබී තියේලු. ඒ නිසා පරීක්ෂණයකින් තොරව දීපචෙල්වම්ගේ නවකතාව නිදහස් කළ යුතු නැතිලු.

 

 දීපචෙල්වම්ගේ නවකතා පොත ආණ්ඩුව විසින් රඳවා ගැනීම සිංහල ලේඛකයකුවන ජයතිලක කම්මැල්ලවීර විසින් යුක්ති සහගත කරන්නේ දෙමළ භාෂාව කියවා තේරුම් ගැනීමටත් ඔහුට නොහැකිව තිබිය දී ය. කම්මැල්ලවීර වැනි ලේඛකයකු අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ දෙන්නේ වෙනත් අයකු ඔහුට ප්‍රකාශ කළ ඕපාදූප මත නම් ඔහුගේ ලේඛනයන් පරිශීලනය කිරීම කුඩා කළ අප ද අතහැරිය යුතුව තිබුණි. ඊට හේතුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී සමාජයක ජීවත් වූ අපට ඒ සමාජයේ සමහරු කම්මැල්ලවීරගේ නිර්මාණයන් සම්බන්ධයෙන් අපේ ඔළුවලට දැම්මේ ද ඔවැනි විෂබීජ බැවිනි. 
යම් නිර්මාණයක් ගැන යමෙක් අර්ථ දක්වන්නේ තම තමන්ගේ දේශපාලනය මත පදනම් වෙමිනි. දීපචෙල්වම්, කම්මැල්ලවීර හා වෙඩිවර්ධන එල්ටීටීඊකාරයන් බවට ලේබල්කරණය කළ හැක්කේ එබැවිනි. ප්‍රශ්නය වන්නේ ඔවුන් එල්ටීටීඊකාරයන් වූ පළියට නිදහසේ නිර්මාණකරණයේ යෙදිය නොහැකි ද යන්නයි. දීපචෙල්වම්ගේ, ශක්තිකගේ හෝ වෙනයම් අයකුගේ නිර්මාණයන් සාහිත්‍යමය වශයෙන් නොවටිනා ප්‍රකාශන යැයි කියමින් ගිල්ටීනයට තල්ලු කිරීමට කම්මැල්ලවීරට අයිතියක් නැත්තේ එබැවිනි. එය තීරණය කළ යුත්තේ  මහජන විනිශ්චයකිනි.කම්මැල්ලවීරලා දැන් මේ උත්සාහ ගන්නේ තමන්ට සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇති සිවිල් බලය යොදාගෙන ඒ මහජන විනිශ්චය පවරා ගැනීමට ය.
 

ගහමු, කොටමු, මරමු යැයි කෙතරම් හඬ නඟා ඝෝෂා කළත් සමාජය ගිනි ඇවිලවිය නොහැකි බව කාලයක් තිස්සේ ගලගොඩ අත්තේ ඔප්පු කරමින් සිටී. එය දෙමළ භාෂාවෙන් කළත් ප්‍රතිඵල එයම වේ. එවැනි වෛරී අදහසක් නිර්මාණයකට මිශ්‍ර කළොත් එය නිර්මාණයක් වන්නේ නැත. එවිට එය භාෂණයක් ලෙස ද නොපිළිගනී. එවැන්නකින් සමාජය විනාශයට තල්ලු කරාවි යැයි කම්මැල්ලවීර බියට පත්වීම හාස්‍යජනක ය. 
දීපචෙල්වම්ගේ නව කතාව තුළින් බෙදුම්වාදය උසි ගන්වන්නේ යැයි ආණ්ඩුව සිතන්නේ නම් කළ යුත්තේ බෙදුම්වාදය මහජන පරීක්ෂාවකින් ප්‍රතික්ශේප කිරීමට මාර්ගය සකස් කිරීම ය. ඒ සදහා හොදම දේ නවකතාව සමාජ ගත කිරීමය. එවිට එහි සාහිත්‍යයක් නොමැති නිසාත් බෙදුම්වාදයට දෙමළ ජනතාව එකඟ නොවන නිසාත් නව කතාව දෙමළ සමාජයෙන් ප්‍රතික්ශේප වේ. නමුත් එය තේරුම් ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හා ආරක්ෂක අමාත්‍යංශයට නොහැකිවීම සාධාරණ ය. එහෙත් කම්මැල්ලවීර ඇතුළු ආණ්ඩුව පසුපස ලෑටි ගසන බොහෝ ලේඛයන්ට ද එය තේරුම් ගැනීමට නොහැකිවීම ලැජ්ජාවට හේතුවකි.



PHOTO 2024 10 14 10 31 21(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com

උපුටා ගැනීම - Philip Shantha ගේ ෆේස්බුක් පිටුවෙන්....

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...