විපක්‍ෂයෙ අපේ යාළුවෝ අහන්නේ මේ තරම් බොරු වලට හසුවන ජනතාවක් අතර දේශපාලනය කරන එකේ තේරුමක් තිබේද කියලයි. මෙච්චර රැවටිච්ච ජනතාවක් ආපහු රවටන එකේ තේරුමක් තිබේද. කටුක ඇත්තම ඇත්ත උනත් කියලා දේශපාලනය කරන එකේ තේරුමක් තියෙයිද යන කල්පනාවට සාන්දෘෂ්ටික මානසිකත්වයට ඔවුන් ඇවිත් තිබෙන බවක් පේනවා.
පවතින තත්ත්වය ගැන ඔවුන් තුළ තියෙන්නේ ඉමහත් කළකිරීමක්.. බොහෝ දෙනා එවැනි සිතිවිල්ලක සිටින බව කතාබහ කිරීම තුළින් අත්දැක තිබේ. වැටහී තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් බැලන්ස් කරන්න ජේආර් ජවර්ධන හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමයත් අභියෝගයට ලක් කළ political disaster එකක්.. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය.
දේශපාලනය තුළින් විචාර බුද්ධිය අහිමි වී අවිචාරය රජ කරනකොට බොරුව රජ කරනකොට හැඟීම් ආවේග වෛරය කේන්තිය හා අතිශෝක්ති, අලංකා රොත්තී අධිනිශ්චය වූ විට පොදු සමාජය තුළ මෙවැනි පොදු ජන විඤ්ඤාණයක් නිර්මාණය වෙන එක වළක්වන්න බෑ.
බරපතළ විකෘතියක්..
මෙය නිවැරදි කළ යුතුයි.
ඒ සඳහා සත්‍යගරුකව realty world එකක දේශපාලනය කළ යුතුයි.. විශේෂයෙන් ලංකාවේ මධ්‍යම පංතිය ඉන්නේ fantasy world එකක. මේකට ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් සමාජයත් වතුකරයත් මේ කේන්ති රැල්ලට තම අභිලාෂයන් යට කරගෙන යටවුණා. දැන් ැවෙන එදිනෙදා ප්‍රශ්න විසඳා ගැනීමට ආණ්ඩුවට නොහැකි වීමෙන් කියාපාන්නේ ඔවුන්ට කෙතරම් විසිල් ලක් ගහන්නට පුළුවන් වුවද රියල්ටි වර්ල්ඩ් එක තුළ බල්ටි ගැසීය නොහැකි බවයි. එබැවින් ඒ ඇත්ත පහදා දෙමින් ඒ සඳහා අසීරු නමුත් දේශපාලනය කළ යුතුය. ජාහමනයා පාර්ලිමේන්තුව තුළ විපක්ෂය දුර්වල කර තිබෙන බව සැබෑයි. ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තු දේශපාලනය ගැන අප විශ්වාස තබන මුත් පවතින සන්දර්භය තුළ දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුව අවශ්‍යම නැත.
ප්‍රජාතන්ත්‍රවාදීව බොරුවෙන් සත්‍ය වෙන්කර ගන්නා සත්‍යගරුක යථාර්ථවාදී ඇත්ත විපක්ෂයේ දේශපාලන කතිකාව අහසින් පොළොවට ගෙනා ආ යුතුව ඇත. සියලු බොරු පුරාජේරු ජහමණයා ඉදිරියේ කිසිවක් ඉතිරි නොකර එකින් එක ගැලවී නිරුවත් වෙද්දී කළ යුත්තේ කුමක්දැයි නැවත පියවි සිහියට පැමිණ මෙතරම් බොරුවලට හසුවන ජනතාවක් අතර දේශපාලනය කර වැඩක් තිබේද යන කල්පනාවට තිත තබා නැවත යථාර්ථවාදීව දේශපාලන භූමියට අවතීර්ණ විය යුත්තේ 76 වසරක් තිස්සේ වෙර වීරියෙන් අපගේ පෙර පරම්පරාවන් ගොඩනගපු system එකක් ව්‍යාජ ප්‍රවාදයන්ගෙන් කුඩුපට්ටම් වෙන්නට ඉඩදී බලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට අප කරන සමාව දිය නොහැකි අපරාධයක් බැවිනි.
එබැවින් වත්මන් ආණ්ඩුවට එරෙහිව විරුද්ධාභාෂයෙ දේශපාලනය කරන විචාර බුද්ධියෙන් දේශපාලනයේ නිරතවන සියලු දේශපාලන ක්‍රියාකාරිකයින් යළි ශක්තිමත්ව සක්‍රීයදේශපාලනයට අවතීර්ණ විය යුතුව ඇත. මේ දේශපාලන විලෝපනය නිවැරදි කළ යුත්තේ දේශපාලන යෙන් මය. ඇනුණු කටු ඉවත් කිරීමට සැත්කම් කිරීමට කටුම පාවිච්චි කිරීමට සිදුවන බව අප මතක තබාගත යුතුය. එබැවින් පවතින දේශපාලන ආර්ථික යථාර්ථයට වඩා සමීපව comparative advantage politics කිරීම හැර වෙන මගක් නැත. (fantasy world එකයි reality world. එකයි තේරුම් ගන්න මේ පින්තූර දෙක ප්‍රයෝජනවත්වෙයි.)
(සටහන | නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය
nishanthasriws@gmail.com
Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..



