The Leader News
BREAKING
Top Ad
Opinion

''ජනාධිපතිගේ පත්වීම් ක්‍රමය අගය කළ යුතුයි'' -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

February 7, 2020 • 8:11 AM

''ජනාධිපතිගේ පත්වීම් ක්‍රමය අගය කළ යුතුයි''  -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් භාෂා තුනෙන් ම ප්‍රධාන පුවත්පත්වල දැන්වීම් පළ කරමින්
  • මෙම ජනාධිපති ලේකම්වරයා අධිකරණවලින් වරදකරු කරනු ලැබ, රජයේ තනතුරු දැරිය නොහැකි බවට නියෝග පවා ලැබුණු අයෙක්.
  • කෙසේ වෙතත්, නිවේදනය අනුව, ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට රාජ්‍ය ආයතනවල සභාපති හා අධ්‍යක්ෂ තනතුරු සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබිණි.
  • අදාළ කමිටුව විසින් පත්කිරීම් සිදුකිරීමේදී විෂය දැනුම, නිපුණතා හා පළපුරුද්ද සැලකිල්ලට ගන්නා බව එම දැන්වීමේ සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ ඉහළ නිලතල පත්කිරීම් සඳහා අභිමතය ප්‍රකාශ කරන ලෙස මහජනතාවට පොදු නිවේදනයක් නිකුත් කළේ ය. මෙම ජනාධිපති ලේකම්වරයා අධිකරණවලින් වරදකරු කරනු ලැබ, රජයේ තනතුරු දැරිය නොහැකි බවට නියෝග පවා ලැබුණු අයෙක්.

කෙසේ වෙතත්, නිවේදනය අනුව, ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට රාජ්‍ය ආයතනවල සභාපති හා අධ්‍යක්ෂ තනතුරු සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබිණි. අදාළ කමිටුව විසින් පත්කිරීම් සිදුකිරීමේදී විෂය දැනුම, නිපුණතා හා පළපුරුද්ද සැලකිල්ලට ගන්නා බව එම දැන්වීමේ සඳහන් විය.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද මෙම තනතුරුවලට අයදුම් කිරීමට ආරාධනා කරන ලදී. තමන් කැමති කිසියම් ක්ෂේත්‍රයක මූලෝපායික සංවර්ධනය වෙනුවෙන් නිර්දේශ සාරාංශයක් ඉදිරිපත් කරන ලෙස ද එම දැන්වීමේ සඳහන් විය.

මෙම පත්වීම් කමිටුවක් හරහා සිදුකිරීම අගය කළ යුතු ක්‍රියාවකි. මෙම පත්වීම් සියල්ල දේශපාලනික බව ද, එම පත්වීම් සිදුකිරීමේදී ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලතල හා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ ලා ඇමතිවරුන්ට තිබෙන හැකියාව අදාළ වන බව රහසක් නොවේ.

Text 7 1එහෙත්, මේ ඔස්සේ අඩු තරමින් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා වෙහෙස මහන්සි වී කලින් රජයට විරුද්ධව වැඩ කළ පිරිස්වලට අඩු තරමේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් හෝ ලැබිණි. එය කලින් තිබුණ තත්වයක් නොවේ. 

මීට පෙර තිබුණු ක්‍රමය අනුව ජනාධිපතිවරයා හා ඇමතිවරු තමන්ට කැමති අන්දමින් පුද්ගලයන් සභාපතිකම්, අධ්‍යක්ෂ තනතුරු ආදියට පත් කළ හ. එහි කිසිදු පාරදෘෂ්‍යභාවයක් තිබුණේ නැත. ඇමතිවරු තම පවුලේ අය, ඥාතීන්, මිතුරන්, උදව් කළ අය, හෙංචයියන් ආදීන්ගෙන් මෙම තනතුරු පිරවූ අතර කවුරු, කුමන තනතුරට පත් වී ද යන්න රටට හෙළිදරව් වූයේ ද නැත.

එසේ පත් කරන ලද පුද්ගලයන්ගෙන් අදාළ ආයතනවලට සිදු වූ සේවයක් ද නැත. ඇතැමෙක් අධ්‍යක්ෂවරුන් වුණේ අදාළ දීමනාව හා වෙනත් නීත්‍යානුකූල හා අයථා වරප්‍රසාද ලබාගැනීමට ය. තමන් අධ්‍යක්ෂ තනතුරු දැරූ ආයතන ගැන කිසිවක් නොදන්නා අධ්‍යක්ෂවරු ද සිටිය හ.

පසුගිය ඊනියා යහපාලන රජය ද මෙම පත්කිරීම් සිදුකළේ උපරිම දූෂිත අන්දමිනි. දේශපාලනිකව රජය වෙනුවෙන් සේවය කිරීමේ ඇත්ත අවශ්‍යතාව තිබුණු අයට අවස්ථාවක් දීම සම්බන්ධයෙන් හෝ ආණ්ඩුව සලකා බැලුවේ නැත. ඒ වෙනුවට තඹ දොයිතුවක වැඩක් නැති කාලකණ්ණින් රාජ්‍ය ආයතනවල සභාපති, අධ්‍යක්ෂ ආදී තනතුරුවලට පත් කළ හ. එම පත්වීම් පිළිබඳ ලිපිගොනු දැන් වත්මන් ආණ්ඩුව අතේ ඇත. ඒවා හෙළිදරව් කළ යුතු යයි අපි ද කියමු.

 

''මොහුට තනතුර අහිමි වන්නට ඇත්තේ ඇමති බන්දුලගේ සිත් දිනා නොගත් නිසා විය හැකි ය.''

ගුවන් විදුලියේ සභාපති තනතුරට පත් කර, දින දෙකකින් අස් කරන ලද රෝහණ දේව පෙරේරා කවටයකු ලෙස හැසිරීම අපගේ ගර්හාවට ලක් වුණ ද, ඔහුට පෙර ගුවන් විදුලියේ සභාපති තනතුර දැරූ, මංගල සමරවීරගේ අන්තේවාසිකයකු වූ එස්.එම්. ෆාරුක් යනු ගුවන් විදුලියට කිසිදු කලඑළියක් නොවූ, රාජකීය විද්‍යාල ආදි ශිෂ්‍යකම ඉහළම සුදුසුකම ලෙස ප්‍රකාශිත හුදු ව්‍යාපාරිකයකු පමණි.

Text 7 2දේශපාලන තනතුරක් වුව ද, ගුවන් විදුලියේ මුල් පුටුව හෙබවූ සුදර්ශන ගුණවර්ධන දක්වා බොහෝ අය මාධ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ, පළපුරුදු, දැක්මක් ඇති අයයි.

රෝහණ දේව පෙරේරා ගුවන් විදුලියේ සභාපති තනතුර භාරගනිමින් පැවැත්වූ කතාව තුළින් ඔහු සිය අපරිණතකම හා තනතුරට නුසුදුසුකම හෙළිදරව් කරගත් බව අපගේ අදහසයි. එහෙත්, ඉහත කී ෆාරුක් වැන්නන්ට සාපේක්ෂව ඔහු යම් අලුත් දෙයක් කරන්නට උත්සාහ කරන්නට ද ඉඩ තිබිණි.

ඔහු වටහා නොගත් දෙය වන්නේ ගුවන් විදුලි සංස්ථාව යනු ගුවන් විදුලියේ මහගෙදර බවයි. එහි දක්ෂකම්, දේශපාලන බත්බැලකම්, කැපිලි කෙටිලි, කුහකකම් හා තුච්ඡකම් සමග පරිණත වෘත්තික පෞරුෂයන් ද තිබෙන බව ඔහු තේරුම් ගත්තේ නැත. අනෙක් පැත්තෙන්, ඔහුට තනතුර අහිමි වන්නට ඇත්තේ ඔහු ඇමති බන්දුල ගුණවර්ධනගේ සිත් දිනා නොගත් නිසා විය හැකි ය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පවා අගමැතිගේ සිට ඇමතිවරුන් දක්වා බොහෝ අය රජයේ ඉහළ තනතුරු තවමත් සලකන්නේ පිදුම් දෙන ජාතියක් හැටියට ය. ඒවා තවමත් පිදුම් දෙන්නේ පවුලේ ඥාතීන්ට, හිතමිතුරන්ට, ලිංගික හවුල්කරුවන්ට, ව්‍යාපාරික සගයන්ට, විශ්වාසවන්ත සේවකයන්ට හා තමන්ට වැඩ කළ, වෙනත් දෙයක් කළ නොහැකි කාලකණ්ණින්ට ය. යහපාලන ආණ්ඩුව ද කළේ එසේ ය.

මේ තත්වය වෙනස් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දරන ලද උත්සාහය පරිපූර්ණ නොවුණත් එය අගය කිරීම පුරවැසියන් ලෙස අපගේ යුතුකමකි. මෙය යහපත් ආරම්භයකි. දැවැන්ත අභියෝගයකි. ශ්‍රී ලංකාවේ පවතින තත්වය තුළ එය පහසු කාර්යයක් නොවේ. එය නීතිගත කර ඉදිරියට ගෙන යා යුතු ය.

ජනාධිපතිවරයාට සිය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගත හැක්කේ තනතුරුවලට පත්කරල ලද පුද්ගලයන්ගේ කාර්ය සාධනය යම් කාලයකට පසු ඇගයීමට ලක් කර, අසාර්ථක පුද්ගලයන් ඉවත් කර, සුදුස්සන්ට තැන දීමෙනි.

(praja.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...