ජනතාව මෙවර ජවිපෙ/ජාජබට තුනෙන් දෙකක ජන වරමක් දුන්නේ නැවත සත්‍යවාදී දේශපාලනයක් බලාපොරොත්තුවෙන්. තමන්ව රවටන්නෙ නැතිවෙයි කියන අපේක්ෂාවෙන්.
මිනිස්සු ඉවෙන් වගේ දන්නව 'සත්‍යය වාමාංශිකයි' කියල.
ඒ නිසා ජවිපෙ/ජාජබට අබමල් රේණුවක අයිතියක් නැහැ, දුන් පොරොන්දු කඩ කරන්න. අමු බොරුකාරයන් ලෙස ඉතිහාසයේ කුණු කූඩයට එකතු වෙන්න.
මොකද රට මෙතෙක් ආණ්ඩු කරපු අනෙක් පාලක පැලැන්තීන් හා පාලක කල්ලි වලට නැති සදාචාරාත්මක දේශපාලන උරුමයක් ජනතා විමුක්ති පෙරමුණ සතුයි.
ඒ සාදාචාර උරුමය හා සමාජ යුක්තිය වෙනුවෙන් ජවිපෙ පරම්පරා දෙකකටත් වඩා ජීවිත පරිත්‍යාග කරල තියෙනව.
ඒ මරණීය දේශපාලන තෝරාගැනීමේ ප්‍රධානතම සටන්පාඨයක් වුනේ 'ත්‍රස්තවාදය වැලැක්වීමට' මුවා වී රැගෙන ආ මර්දන අණ පනත් වහා අහෝසි කිරීම.
දේශපාලනයේ සත්‍යවාදී අරමුණට ඔබලා පිටුපෑවොත් මෙතෙක් රට ආණ්ඩු කරපු කිසිදු පැලැන්තියක්, කල්ලියක් නොකරපු තරමේ *රි වැඩක් ඔබලා රටටත් දේශපාලනයටත් කළා වෙනව.
ඒ නිසා අතීතයේ කියූ වචන වලට වගවෙන්න.
හැකි ඉක්මනින් PTA අහෝසි කරන්න.
අහෝසි කරන කාල වකවානු ගැන දැන්ම සහතිකයක් දෙන්න.
(විදර්ශන කන්නන්ගර)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com
උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්
සබැඳි පුවත් :
පොලිසියට සිංහල බැරිද? නැත්නම් වෙනත් ප්‍රශ්නයක් ද ?
ඊනියා ව්‍යවසායක-ජාතිවාදී බලඇණියේ මෙහෙයුම උපන්ගෙයිම නියපොත්තෙන් කඩා දැමීම යුතුයි - (විදර්ශන කන්නන්ගරගේ වීඩියෝවක්)
අනුර ජනාධිපති ආන්ඩුව PTA නිතිය භාවිතා කිරීම හෙලා දකිමු! - (නීතිඥ ශිරාල් ලක්තිලක)
කැලුම් ජයසුමන ලබන 04 දක්වා රිමාන්ඩ්
දේශපාලන හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික කැලුම් ජයසුමන අත්අඩංගුවට
අකුදි ගේ ආණ්ඩුවත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අතට ගනී
අඬන්න ඇති නිදහස..- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ජාතිවාදී දේශපාලනයට හෝ ආගමික අන්තවාදයට යළි හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ - ජනාධිපති



