මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ප්‍රකාශ කළ බව අද වාර්තා වී තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පැවසුවේ ඛනිජ අගය එකතු කිරීමකින් තොරව අපනයනය කිරීමට ඉඩ නොදෙන බව. වසර දෙකක් තුළ ලංකාවේ ඛනිජ නිධි වලින් 30%ක් හාරාගෙන යාමට අනුමැතිය දෙන කැබිනට් පත්‍රිකවක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් අනුමත කළ පසුව ඒ ගැන පුළුල් විවේචනයක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළා.
වසර දෙකකට පෙර 2023 ඔක්තෝබර් 19 වැනිදා කළ එම පාර්ලිමේන්තු කතාවට https://m.youtube.com/watch?
වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසරක් ගත වුවත් ඒ කැබිනට් පත්‍රිකාව අවළංගු කර නෑ. ඒ වෙනුවට එම මංකොල්ලය නීතිගත කිරීමට ජාතික ඛනිජ ප්‍රතිපත්‍තිය නමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සකස් කළ කෙටුම්පත සම්මත කිරීමට මේ ආණ්ඩුව සැරසෙනවා. ඒ ගැන අප කළ අනාවරණයට https://www.facebook.com/
මෙවර අමාත්‍යාංශ විෂයයන් වෙනස් කර නිකුත් කළ ගැසට් නිවේදනයේ මෙතෙක් පරිසර අමාත්‍යංශය යටතේ තිබූ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යාංශය, GSMB කර්මාන්ත අමාත්‍යංශය යටතට පත් කරන්නේත් මේ ඛනිජ මංකොල්ලයට පහසුව හදා ගැනීමට බව පැහැදිලියි. එම ගැසට් නිවේදනයට https://documents.gov.lk/.../
ජවිපෙ විසින් මීට වසර 15කට පමණ පෙර එළිදැක්වූ "මහා ඛනිජ මංකොල්ලය" කෘතියේ සමසම්පාදකවරයෙකු වූ වත්මන් පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩිට වඩා පහසුවෙන් වියුක්තව ආර්ථික සංවර්ධනය ගැන සිතන, දේශපාලන ආර්ථිකය ගැන නොදන්නා සුනිල් හඳුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ කර්මාන්ත ඇමති - නියෝජ්‍ය ඇමති දෙපළ මේ මංකොල්ලයට එකඟ කරගත හැකි බව සිතනවා විය හැකියි.
කොහොම වුණත් තමන් සිටින්නේ එදා පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශයේ දැක්වූ අදහසේද, නැතිනම් රනිල් වික්‍රමසිංහ නිවැරදිය යන ස්ථාවරයේද යන්න ජනාධිපතිවරයා වහාම ජනතාවට ප්‍රකාශ කළ යුතුය. සමහර විට එවැන්නක් අවශ්‍ය නොවනවා වෙන්නත් පුළුවන්.
ගෝඨාගේ ආණ්ඩුව උපාලි සේදර වාර්තාව ගෙනෙන විට එයට එරෙහිව පාර්ලිමේන්තුවේ දීර්ඝ කතාවක් කළ හරිනි අමරසූරිය අද අධ්‍යාපන ඇමතිනිය ලෙස එම වාර්තාවම තමන්ගේ යෝජනා ලෙස ක්‍රියාත්මක කරන තත්වයක් තුළ ඛනිජ ගැනත් ඊට වෙනස් නැති වෙන්න පුළුවන්.
සමගර විට ලාල්කාන්ත පැවසූ ලෙස "විපක්ෂයේ ඉද්දී කියන්නේ එහෙමයි - බලය ගත්තාම කියන්නේ මෙහෙමයි" කියන්නත් පුළුවන්. එවැනි ප්‍රතිපත්‍ති විරහිත දේශපාලනයක් ගැන තීරණය ගැනීම ජනතාව කලයුතු දෙයක්.
කොහොම වුණත් ජනතාව සතු පොදු දේපළක් මේ ආකාරයට බහුජාතික සමාගම් වලට කොල්ල කෑමට ඉඩදීමේ ආර්ථික අපරාධයට සහ මහා පරිසර සංහාරයට ඉඩ නොදිය යුතුයි.
(සටහන | පුබුදු ජයගොඩ)
pubuduja@gmail.com
අධ්‍යාපන ලේකම්,
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
( Pubudu Jayagoda ගේ ෆේස්බුක් පිටුවෙන්..)




