The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

කෙහෙළිය කරපු දේම නලින්දත් කරලා ! Pubudu Jayagoda

T

The Leader Desk

December 17, 2025 • 8:34 AM

කෙහෙළිය කරපු දේම නලින්දත් කරලා ! Pubudu Jayagoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම නිෂ්පාදනය කළ තවත් ඖෂධ වර්ග ගණනාවක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී භාවිතයෙන් ඉවත් කරලා.
  • කෙහෙලිය කළේ ඒ ක්‍රමවේදය එලෙසම තිබියදී හදිසි මිලදී ගැනීම් සහ ලියාපදිංචිය අත හැරීමේ ලිපි නිකුත් කිරීම හරහා ප්‍රමිතියෙන් බාල ඖෂධ වලට දොර විවෘත කිරීම.
  • ජාතික ජන බලවේග ආණ්ඩුව 2025 අප්‍රේල් 05 අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්‍රමවේදයම විකෘති කර, ඉන්දියානු ඖෂධ සමාගම් වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වෙන්න පාර කපන බවට අප සැක කළා.
  • රහසිගතව තබන්නේ ඒවා පෙන්වීමට අසීරු තරමේ ප්‍රශ්නයක් ඇති නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ රෝගීන්ට ලබාදෙන ඖෂධ වල ගුණාත්මකභාවය සහතික කරන ක්‍රමවේදයක් තිබුණා.

කෙහෙලිය කළේ ඒ ක්‍රමවේදය එලෙසම තිබියදී හදිසි මිලදී ගැනීම් සහ ලියාපදිංචිය අත හැරීමේ ලිපි නිකුත් කිරීම හරහා ප්‍රමිතියෙන් බාල ඖෂධ වලට දොර විවෘත කිරීම.

ජාතික ජන බලවේග ආණ්ඩුව 2025 අප්‍රේල් 05 අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්‍රමවේදයම විකෘති කර, ඉන්දියානු ඖෂධ සමාගම් වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වෙන්න පාර කපන බවට අප සැක කළා.

"අනුර - මෝදි හොර ගිවිසුම් ඉරා දමනු" කියා අප හඬ නැගුවේ ඒ නිසා. අදටත් ඒ ගිවිසුම් පවා ජනතාවට රහසක්. රහසිගතව තබන්නේ ඒවා පෙන්වීමට අසීරු තරමේ ප්‍රශ්නයක් ඇති නිසා.

අද ඒ අනතුරු ඇඟවීම් යථාර්ථයක් වෙමින් යනවා. නමුත් එය සිදුවන්නේ ජීවිත බිලිගනිමින්.

මේ විනාශයට ඉඩ නොදෙන ලෙස අප එදා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට සහ මාලිමාවේ නියෝජිතයන්ට ආයාචනා කළා. මිනිස් ජීවිත අහිමි වීමෙන් පසුව මේවා කතා කර පලක් නැති බවත් කිව්වා.

මතු සබැඳියෙන් මැයි මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ඉල්ලීම බලන්න. විශේෂයෙන් මෙහි අවසන් කොටසේ අප රෝගී ජීවිත අවදානමේ නොදමන්නැයි ඉල්ලනවා.



හොඳටම ප්‍රමාද වුවත් දැන් මේ මොහොතේ හෝ මේ ගිවිසුම් ජනතාවට විවෘත කරන්න. මේවා හානිකර බවට සමාජ මතයක් තිබේනම් එම ගිවිසුම් වලින් ඉවත් වන්න...

pubudu 11
qcr5y4676676767
ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝශයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත මෙම තීරණය ගත් බවය.

මේ අතර භාවිතය අත්හිටුවා ඇති 'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එන්නතේ කාණ්ඩ කිහිපයක් භාවිතය අත්හිටුවනු ලැබුවේ එහි විෂබීජයක් ඇතැයි සැක මතුවීම සහ රෝහල් කිහිපයකින් ලද පැමිණිලි සලකා බලමින්ය.

'ඔන්ඩැන්සෙට්‍රෝන් යනු වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබාදෙන එන්නතකි.

එය මෙරට රෝහල් තුළ බහුලව භාවිතයට ගැනේ.

නමුත් ඔන්ඩැන්සෙට්‍රෝන් නමැති එන්නතේ කාණ්ඩ හතරක් මෙරට සියලු රෝහල්වලින් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම ඖෂධය මෙරටට ගෙන්වන පෞද්ගලික සමාගමට ලිඛිතව නියෝග කර තිබුණි.

ඒ පසුගිය දෙසැම්බර් 12 වැනිදාය.

එලෙස මෙම එන්නත අත්හිටුවීමට නියෝග කර තිබුණේ එන්නතේ සංකූලතා වාර්තාවීම සහ මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශය මෙම එන්නත සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකින්, එම සාම්පලයක විෂබීජයක් අන්තර්ගත බවට සැකයක් ඇතැයි වාර්තා කිරීමත් සමගින්ය.

මෙම එන්නත ලබාදුන් පසු මහනුවර ජාතික රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට උණ වැළඳීම හේතුවෙන් මෙම එන්නත විශේෂ පරික්ෂාවකට ලක් කර තිබුණි.

එමෙන්ම තවත් රෝහල් කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් මූලික වාර්තා ලැබුණු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර කොළඹ අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් දෙදෙනෙක් එම එන්නත ලබාගැනීමෙන් පසු මියගොස් ඇති බවට ජාතික පුවත්පත් ඊයේ වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කළේ අදාළ එන්නත් දෙලක්ෂ 70,000ක් පමණ මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය සිකුරාදා සිට එම එන්නත් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවය.

නමුත් එම එන්නත රෝහල්වලින් ඉවත් කිරීමට පෙර එන්නත් 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

අදාළ එන්නත ලබාදුන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසීය.

ඔන්ඩැන්සෙට්‍රෝන් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන පරීක්ෂණවලට අමතරව වෛද්‍ය පර්යේෂණායතනයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...