මම කියන්නේ ලංකාවේ බහු සංස්කෘතික විදියට රෝහල් හෙද නිලඇඳුමට ෆර්දා දාන්න කියන තම්බිලා ටික මේක බලන්න ඕනි. බලපල්ලා ඒ රටට ගිහින් උන් ආයේ උන්ගේ සංස්කෘතික ඇඳුම ගැන ටෝක් දිදී ඉන්නේ නැහැ. බටහිරකරණය වෙලා ඉන්නවා. ඇත්තටම කියනවා නම් ඇමෙරිකන්කරණය වෙලා ඉන්නවා.
මම කියන්නේ දෘශ්‍යමානය ඇතුලේ එයා මොඩ්. සෙක්සි....පෞරුෂය ඔක්කොම නඩත්තු කරනවා. මට ආයෙත් මතක් උනේ හනිෆ් කුරේෂි කොච්චර ඇත්තක් ද කිව්වේ කියල.. මූලධර්මවාදී වෙන්න එපා කියල. මිශ්‍රවෙන්න කියල. තණුකවෙන්න කියල.
දුවාජිගේ පෞරුෂය පවා අවසානයේ මම්දානිගේ දේශපාලනයට ධනාත්මක ලෙස බලපානවා. නිව්යෝක් වල ඇමෙරිකානුවෝ ඒ නිසා බයක් නැතුව මම්දානිව එයාලගේ නියෝජිතයා හැටියට තෝරනවා.
දුවාජි මානව ශිෂ්ටාචාරයේ හැරවුමක් බඳු සිරියාවේ දමස්කස් වලින් ආපු දෙමව්පියන්ට දාව ඉපදිලා ඇමෙරිකාවේ ටෙක්සාස් වල ඉස්කෝලේ ගිහිල්ල දෘශ්‍ය කලාව ප්‍රගුණකරලා පස්සේ වෘත්තීය විදියට දෘශ්‍ය කලාවම තෝරාගෙන තියනවා. එයාගේ චිත්‍ර සටහන් ලෝකයේ ප්‍රධාන මාධ්‍ය හැම එකකම ගිහිල්ල තියනවා.
ඉහත ෆොටෝ එකම එයා ගැන කතාවක් කියනවා...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි ලිපි :
ලස්සනයි ඒ පසුකරයාම... | Mahesh Hapugoda
නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සොහ්රාන් මම්දානි කවුද?
ටොරෙස් නගර සභාව 2005 : මම්ඩානි හෙට අනිද්දා සහ කවදත් නැති අපි... | කුසල් පෙරේරා




