The Leader News
BREAKING
Top Ad
Opinion

සමන් ඒකනායක කියන්නෙ ජනප්‍රිය චරිතයක් නෙමෙයි.. ඒත්... | Ranga Kalansooriya

T

The Leader Desk

February 3, 2026 • 7:00 AM

සමන් ඒකනායක කියන්නෙ ජනප්‍රිය චරිතයක් නෙමෙයි.. ඒත්... | Ranga Kalansooriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ සිද්ධියේදී වැරදිකරුවෙක් ද නිවැරදිකරුවෙක් ද කියන එක චෝදනා ගොනුකලායින් පස්සේ අධිකරණය තීරණය කරාවි.
  • සමන්ගෙත් මගෙත් මිත්‍රත්වය අවුරුදු 25කට වැඩියි.
  • ඊට පස්සෙ මම මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙ තොරතුරු කවුන්සල්වරයා ලෙස පත්වෙනකොට සමන් ඒකෙ දෙවෙනියා.
  • 2017 දී මම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වෙනකොට සමන් අග්‍රාමාත්‍ය ලේකම්.
අකුරු ප්‍රමාණය (Font Size):

එතකං ඒ ගැන වාද විවාද තියේවි. නමුත් මේ කියන්නෙ මම දන්න සමන් ගැන.

සමන්ගෙත් මගෙත් මිත්‍රත්වය අවුරුදු 25කට වැඩියි. හැබැයි රාජකාරියේ දී ඔහු මිත්‍රයෙක් නෙමෙයි. නිලධාරියෙක් විතරයි. මම අවස්ථා තුනකදී සමන් එක්ක සමීපව රාජකාරී කරලා තියෙනවා.

මුලින්ම මම ටිරෝන් ප්‍රනාන්දු විදේශ ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් වෙනකොට සමන් විදේශ අමාත්‍යාංශයේ පරිපාලන අධ්‍යක්ෂ ජෙනරාල්. ඊට පස්සෙ මම මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙ තොරතුරු කවුන්සල්වරයා ලෙස පත්වෙනකොට සමන් ඒකෙ දෙවෙනියා. (තනතුරෙන් මම ඒ කාර්යාලයේ තුන්වැනියා). 2017 දී මම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වෙනකොට සමන් අග්‍රාමාත්‍ය ලේකම්.

 

Ambassadors 1200px 24 08 21 1000x600 1

ඒ නිසා රාජකාරියට එහා ගිය යාළුකමක් අපි අතර තිබුණා (තාමත් තියෙනවා). ඒත් මේ කිසිම අවස්ථාවක යාළුකම් නිසා AR / FR වලට පිටින් කිසිම දෙයක් සමන් ලව්වා කරගන්න බැහැ. මැලේසියාවේ ඉන්න කාලෙ රාජකාරියකට පවා නිල වාහනය පාවිච්චි කරන්න පිටු ගනන් හේතු දක්වන්න ඕනෙ. ඔහුත් පාවිච්චි කලේ ඉතාම ලාබෙට ගත් කසි කබල් වාහනයක් මිස නිල වාහනය නෙමෙයි. ජනාධිපති ලේකම් වෙලත් එහෙමයි. වැඩට ආවෙ ගියෙ ඇක්වා පොඩි කාර් එකකින්. (හැබැයි නිල රාජකායෙදි ඔහු නිල වාහනය පාවිච්චි කලා).

අග්‍රාමාත්‍ය ලේකම් විදියටත්, ජනාධිපති ලේකම් විදියටත් වැඩ භාරගන්න අර පරණ පොඩි ඇක්වා කාර් එකෙන් ආපු දෙවතාවේම ගේට්ටුවේ ආරක්ෂක නිලධාරීන්ගෙ ප්‍රතිචාරය හිනා වෙවී ඔහු අපිට කිව්වා.

"අද අළුත් ලේකම්තුමා වැඩ භාරගන්න එනවා. ඒ නිසා කරුණාකරල ඔය වාහනය මෙතනින් අයින් කරගන්න"

"මම තමයි ඒ ලේකම් - සමන් ඒකනායක" කියලා කිව්වම උන්ගෙ ඇස් උඩ ගියා මචං, සමන් හිනාවෙවී කියනවා.

 

1 49

ඔය බොහෝ අය කියන කිරි තේ කතන්දරේ මම පෞද්ගලිකව ම අත් වින්දා. දවසක් මම සමන් හම්බවෙන්න ජනාධිපති කාර්යාලයට ගියේ ලොකු බඩගින්නක. "මේ සර්ට ප්ලේන් ටී එකක් ගේන්න" ඔහු සහායකයාට කිව්වා. "අනේ මචං, ටී එකක් දීපං, හරි බඩගිනී."

"අනේ මචෝ.. මෙහෙ ටී නැහැ. ප්ලේන් ටී විතරයි. උඹ දන්නවද ටී එක කපපු එකෙන් මම (ඔහු කියූ මුදල මට දැන් මතක නැත)....... ගානක් ඉතුරු කලා. උඹට කැන්ටිමෙන් බිස්කට් එකක් ගෙන්නලා දෙන්නං මා ගානෙ." ඒ තමයි සමන් ඒකනායක.

රටට කරනවා හැරෙන්න ඔහු ඔහුට ම කියා කරගත් දෙයක් නැත. ඔහු ජීවත්වෙන පානදුරේ නිවසට ගිය අයෙක් ඒ බව හොඳටම දනී. අදත් වැලිකඩ සිර කුටියේ පොළොව උඩ ඔහු නිදියන්නේ ඉතාම සැහැල්ලු හිතකින් බව සමන් ගැන දන්නා අය හොඳින්ම දනිති. ඒ තමන්ට කර නොගෙන රටට පමණක් ම කළ අවංක නිලධාරියෙක් බව සිය හෘද සාක්ෂිය දන්නා නිසාය.

ranga sir| අචාර්ය රංග කලන්සුරිය
හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Digital creator
Regional Advisor - Asia, IMS

උපුටා ගැනීම - Ranga Kalansooriya ගේ ෆේස්බුක් පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...