The Leader News
BREAKING
Top Ad
Opinion

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය'' -Mahesh Hapugoda

T

The Leader Desk

January 7, 2020 • 7:03 AM

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'විකිලීක්ස් යුගයක හොඳ පුරුදු' (Good manners in the age of Wikileaks) නමින් මිට කලකට පෙර ස්ලාවෝ ජිජැක්
  • සියළුම මිනිසුන් ක්‍රම විරෝධින් වී ඇති මෙවන් යුගයක, පුවත් ගවේෂණය යනු අප ජීවත් වන දෘෂ්ටිවාදයේ ම කොටසක් වී ඇති මෙවන් යුගයක, පොදු අවකාශයෙන් ඔබ්බෙහි පවතින 'ඇත්තම ඇත්ත' වෙත ඒ මොහොතේ විකිලීක්ස් ගමන් කර ඇති බව ඔහු ඒ ලිපියේ පෙන්වා දෙයි.
  • එහිදී එළිදරව් වූ වැදගත් දෙය නම් එක් එක් පුද්ගල තොරතුරු වල අශ්ලීල බව නොව සමස්ත බලය ම කොතරම් අශ්ලීල ද යන්න ය.
  • දුෂිත ද යන්න ය.  රන්ජන්ගේ දැනට හෙළිදරව් වී ඇති හඬ පට වල තත්වය ද ඉහත කරුණෙන් වෙනස් වන්නේ නම් ඒ මඳ වශයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් ලියන ලද ලිපියක ඔහු කියා සිටියේ විකිලික්ස් නම් සිද්ධියෙන් පසු 'මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය' ගවේෂනාත්මක මාධ්‍ය කරණයෙන් ඔබ්බට ගොස් අපට සිතාගත නොහැකි ක්ෂිතිජයක් කරා ගමන් කරමින් ඇති බවයි.

text 7 2සියළුම මිනිසුන් ක්‍රම විරෝධින් වී ඇති මෙවන් යුගයක, පුවත් ගවේෂණය යනු අප ජීවත් වන දෘෂ්ටිවාදයේ ම කොටසක් වී ඇති මෙවන් යුගයක, පොදු අවකාශයෙන් ඔබ්බෙහි පවතින 'ඇත්තම ඇත්ත' වෙත ඒ මොහොතේ විකිලීක්ස් ගමන් කර ඇති බව ඔහු ඒ ලිපියේ පෙන්වා දෙයි.

මෙහිදී සත්‍යය වෙත ගමන් කිරීම වෙනුවෙන් විකිලික්ස් සම්මත - අප දන්නා - ක්‍රම වේදයන් ගෙන් ඔබ්බට ගියේය. එනම් රාජ්‍ය රහස් රැගත් අධිරාජ්‍යයේ පරිගණක ජාලයන් අස්සට අනවසරයෙන් රිංගුවේය. එහිදී එළිදරව් වූ වැදගත් දෙය නම් එක් එක් පුද්ගල තොරතුරු වල අශ්ලීල බව නොව සමස්ත බලය ම කොතරම් අශ්ලීල ද යන්න ය. දුෂිත ද යන්න ය. 

රන්ජන්ගේ දැනට හෙළිදරව් වී ඇති හඬ පට වල තත්වය ද ඉහත කරුණෙන් වෙනස් වන්නේ නම් ඒ මඳ වශයෙනි. යහපාලනය තුළ දේශපාලනය යනු කොතරම් දුෂ්කර, අසීරු, ගණුදෙනු කාරී (ඩිල් දේශපාලනය නොහොත් 'සුහුරු දේශපාලනය') සහ අශ්ලීල දෙයක් වන්නට ඇත්දැයි මේ සංවාද තුළින් මැනවින් පෙනේ.

අධිකරණය, රාජ්‍ය සේවය සහ දේශපාලනය යනු කොතරම් ප්‍රභල දෘෂ්ටිවාදයන් දැයි අපට මේ ඔස්සේ පෙනේ. විශේෂයෙන් රාජ්‍ය සේවයේ සහ අධිකරණයේ ඉහලම තලයන් කොතරම් දේශපාලනය විසින් මෙහෙයවන්නේ ද යන්න මේ ඔස්සේ මැනවින් එළිදරව් වෙයි.

මේ හඬ පට වල සත්‍ය අසත්‍ය බව මා නොදන්නා නමුත් ඒවා සත්‍ය නම් තවදුරටත් මේ දෙපැත්තට බෙදී කරන දේශපාලනය ගැන විශ්වාස තැබීමට සාධාරණ හේතුවක් කිසිවකුට තිබිය නොහැක. සියල්ල ඇතුලාන්තයෙන් ම කුණුවී ඇත. ඕජස් ගලමින් ඇත. ක්‍රමයක් ලෙස ම එය අවසන් කල යුතුව ඇත. මේ හඬ පට අපට ගෙනෙන සත්‍යය එයයි. 

text 7 3ඒ සියල්ල එසේ වූවේ හඬ පට ලෙස ඒවා පටිගත කර තිබූ බැවිණි. රන්ජන් ම කියනා අයුරින් 'පිස්සෙක් වගේ' ඔහු වැඩ කළ නිසාය. අනෙක් 'සිහිය පත' ඇති මිනිසුන් කිසිවක් නොකරද්දී ඔහු උමතුවෙන් මෙන් වැඩ කළ නිසාය. ඒවා දේශපාලනික ලෙස කොතරම් හරිද වැරදිද යන්න වෙනම කරුණක් වුවත් ඔහු යම් දේශපාලන පොරොන්දුවක් ඉටු කිරීමට උත්සාහ ගෙන ඇත. එහිදී නිරවද්‍ය බව ඔහු විසින් උල්ලංඝනය කර ඇත.

මේ පටිගත කිරීම් පවා ඒ 'පිස්සු වැඩවල' - නිරවද්‍ය නොවන වැඩවල - ප්‍රතිබිම්බයකි. සිහිය පත ඇති මිනිසුන් 'ජරාව' ගා ගන්නේ නැතුව සුදෝ සුදට සිටියදී රන්ජන් තිත්ත ඇත්ත සමඟ කටයුතු කළ නිසා ඔහු අද අමාරුවේ වැටි සිටි. සල්ලි පොදි ගැසූ 'සිහිය පත ඇති මිනිසුන්' මේ වගේ දේවල් පටිගත කර ගන්නේ නැත.

text 7 4මා සිතන අයුරින් ඔහු කිසිවෙකු විශ්වාස කර නැත. කිසිවෙකු..කිසිම කිසිවෙකු දේශපාලනය තුළ විශ්වාස කර නැත. 'මේ ඔක්කොමල එකයි මල්ලි' යන නරුම සත්‍යය ඔහුගේ මුවින් එන්නේ එම 'දැනුම' නිසා විය හැක. ඔහු මේ ක්‍රමය නරුම බව දැනගෙන සිටින්නට ඇත. ඒ නිසා ඔහු සියළු දේ පටිගත කරන්නට ඇත.

ඒ ඔස්සේ සියළු 'සුදූ පාට අය' දැන් හෙළිදරව් වෙමින් පවතී. ඒ එළිදරව්වට ඔහු පවා ඇතුලත් ය. ඔහු පවා නිදහස් නැත. ඔහු ද එළිදරව් වෙමින් පවතී. මෙවන් යුගයක වඩාත් රැඩිකල් දෙය වන්නේ එයයි. සත්‍ය ම සත්‍යයයි.

මේ සියල්ල ඔහු කරන්නට ඇත්තේ ඔහුටම ආවේණික 'පිස්සුවකින්' විය හැක. නමුත් නරුම ක්‍රමයක පැවතිය හැකි නිරවද්‍ය ක්‍රමයක් ද නැති බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැක.

මේ හඬ පට නිවැරදි නම් සියල්ලන්ගේම අවධානයට ලක්විය යුතු එක් දෙයක් ඔහු එක්තරා විනිසුරුවරියකට කියයි. එනම් 'මේ තීන්දුව දිහා මුළු ලංකාවක් බලා ඉන්නවා මැඩම්' යනුවෙනි. මෑත කාලීන දේශපාලනයේ මට ඇසුණු වඩාත්ම අනුරාගික වාක්‍යය එයය. එය කියවෙන්නේ ලංකාවේ බහුතරයකට 'මෝඩයෙක්' වන දේශපාලඥයෙක් අතින් වීම සරදමක් නොවන්නේ ද?

text 7 5යහපාලනය තුළ ඒ බලා සිටියවුන් අතර මම ද සිටියෙමි. ඒ නිසා මේ ගැන ලිවීමට මට අයිතියක් ඇත. ඒ අර්ථයෙන් රන්ජන් යනු මෝඩයෙක් නොව අප ජීවත් වන නරුම යුගයේ 'තමා දෙස බලා සිටින මිනිසුන් වෙනුවෙන්' යමක් කිරීමට උත්සාහ කළ සත්‍යම සටන් කරුවෙකි.

විකිලීක්ස් යුගයක හොඳ පුරුදු නැති බවත් ඒ තුළ බොහෝ සදාචාර ගැටළු තිබිය හැකි බවත් මා අවංකව පිලිගනිමි. මේ ක්‍රමය තුළ අප කවුරුත් නිදහස් නැත.

උමතුවක් නැති නිරෝගී මිනිසෙකුට මේ යුගයේ දේශපාලනික විය නොහැකි බව අපට පෙන්වා දෙන්නේ 'ජෝකර්' චිත්‍රපටය ය. එය රන්ජන් ගේ වීඩියෝ ගොඩේ සමහර විට නොමැති වීමටද ඉඩ ඇත.

හදාරන්න
Good Manners in the Age of WikiLeaks

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...