The Leader News
BREAKING
Top Ad
Opinion

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

T

The Leader Desk

January 7, 2020 • 3:33 AM

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට පත් DVD හඬපට අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරියක් සහ අපරාධ විමර්ශන කොට්ටාශයේ එවකට සිටි ප්‍රධානීන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාද කිහිපයක හඬපට වේ. ප්‍රකාශිත එම සංවාද හරහා ශ්‍රී ලාංකීය දේශපාලනය හා අධිකරණය පිළිබඳව මෙතෙක් පැවති ජනතා විශ්වාසයන් මුළුමනින්ම කුඩුපට්ටම් වී ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයින් පවසති. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ විචාරකයකු වන සිරිමල් විජේසිංහ පවසන්නේ, ''මට නම් මාර ආතල්'' කියාය. 'රංජා වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අනන්ත ලෙස මේ සුර පුරට බිහි වේවා! '' යයි ඔහුගේ ප්‍රාර්ථනයයි. සිරිමල් විජේසිංහ ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සටහන් කර තිබේ. ''රංජාගේ යැයි සැක කෙරෙන හඬපට එළියට ඒමෙන්, මේ ඊනියා අධිකරණය ස්වාධීන යැයි සිතන සුද්දවන්තයින්ගේ කන්‍යා පටලය ට කෙළ වී තිබේ. මට නම් මාර ආතල්ය. අපේ අධිකරණය, කිසි දා සර්ව සම්පූර්ණව ස්වාධීනව තිබී නැත. පෘතග්ජනයින් ද වන බොහෝ විනිසුරන්, විවිධ පැති වලින් පක්ෂග්‍රාහීය. මේ ඊනියා අධිකරණය නිසා නිවැරදි කරුවන් - වැරදිකරුවන් වූ අවස්ථාවන් එමට තිබේ. එසේම වෙනත් රටවල අධිකරණයන් ද, අප සිතන තරම් ස්වාධීන නැති බව චිත්‍රපට බලන විට වැටහේ. රාජ්‍ය තන්ත්‍රයේම කොටසක් වන, නීතිය සහ අධිකරණය යනු ජනතා පීඩක මර්ධන යන්ත්‍රයන් බව මුලින්ම ලොවට කී, මාක්ස් සහ එංගල්ස් යන යෝධයින් ගැන දැන් කාට කාටත් අමතකය. රන්ජාගේ වැනි හඬ පට, මෙරට පුරවැසියන් රාශියක් අත තව තවත් තිබෙනවා නිසැකය. මාගේ ආතල් එක නම් ඒවා ද එළියට විත් මේ රටට කෙළ වෙන එක දිහා සතුටින් බලා සිටීමය. තව ද රංජා වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අනන්ත ලෙස මේ සුර පුරට බිහි වේවා !!!!! (උපුටා ගැනීම අවසන්) රන්ජන්ගේ හඬපට ගැන විශේෂ විමර්ශනයක් මේ අතර පොලිසිය පවසන්නේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකර ඇති දැයි සොයා බැලීම පිණිස විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බවයි. පොලිසිය පවසන පරිදි මෙම විමර්ශන ආරම්භ වී තිබෙන්නේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියේ ප්‍රධානීන් සමඟ සහ අධිකරණ ක්ෂේත්‍රයේ පිරිස් සමග සිදුකළ දුරකථන සංවාද ඇතුළත් හඬ පට පොලිසිය වෙත ලැබීමෙන් අනතුරුවය. මෙම විමර්ශනයේ පියවරක් ලෙස පසුගිය සෙනසුරාදා පොලිසිය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කරනු ලැබූ අතර, එහිදී පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබිණ. විමර්ශනවලට සම්බන්ධ තවත් සංවාද ඇතුළත් බවට සැක කරන සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටොප් පරිගණකයක් සහ බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ඇතුළු භාණ්ඩ ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඉරිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණ මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද විමර්ශනය කර ඔහු අපරාධ විමර්ශනවලට මැදිහත්වී තිබේ ද යන්න හා එම විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ අපහාසය ජනිතවන ආකාරයෙන් යුක්තිය පසිඳලීම සිදුකිරීම සඳහා රජයේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කර ඇත්දැයි යන්න තවදුරටත් විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.
  • රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට පත් DVD හඬපට අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරියක් සහ අපරාධ විමර්ශන කොට්ටාශයේ එවකට සිටි ප්‍රධානීන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාද කිහිපයක හඬපට වේ.
  • ප්‍රකාශිත එම සංවාද හරහා ශ්‍රී ලාංකීය දේශපාලනය හා අධිකරණය පිළිබඳව මෙතෙක් පැවති ජනතා විශ්වාසයන් මුළුමනින්ම කුඩුපට්ටම් වී ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයින් පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට පත් DVD හඬපට අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරියක් සහ අපරාධ විමර්ශන කොට්ටාශයේ එවකට සිටි ප්‍රධානීන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාද කිහිපයක හඬපට වේ.

ප්‍රකාශිත එම සංවාද හරහා ශ්‍රී ලාංකීය දේශපාලනය හා අධිකරණය පිළිබඳව මෙතෙක් පැවති ජනතා විශ්වාසයන් මුළුමනින්ම කුඩුපට්ටම් වී ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයින් පවසති.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ විචාරකයකු වන සිරිමල් විජේසිංහ පවසන්නේ,
''මට නම් මාර ආතල්'' කියාය. 'රංජා වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අනන්ත ලෙස මේ සුර පුරට බිහි වේවා! '' යයි  ඔහුගේ ප්‍රාර්ථනයයි.

සිරිමල් විජේසිංහ ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සටහන් කර තිබේ.

text 7 1''රංජාගේ යැයි සැක කෙරෙන හඬපට එළියට ඒමෙන්, මේ ඊනියා අධිකරණය ස්වාධීන යැයි සිතන සුද්දවන්තයින්ගේ කන්‍යා පටලය ට කෙළ වී තිබේ. මට නම් මාර ආතල්ය. අපේ අධිකරණය, කිසි දා සර්ව සම්පූර්ණව ස්වාධීනව තිබී නැත. පෘතග්ජනයින් ද වන බොහෝ විනිසුරන්, විවිධ පැති වලින් පක්ෂග්‍රාහීය. මේ ඊනියා අධිකරණය නිසා නිවැරදි කරුවන් - වැරදිකරුවන් වූ අවස්ථාවන් එමට තිබේ. එසේම වෙනත් රටවල අධිකරණයන් ද, අප සිතන තරම් ස්වාධීන නැති බව චිත්‍රපට බලන විට වැටහේ.

රාජ්‍ය තන්ත්‍රයේම කොටසක් වන, නීතිය සහ අධිකරණය යනු ජනතා පීඩක මර්ධන යන්ත්‍රයන් බව මුලින්ම ලොවට කී, මාක්ස් සහ එංගල්ස් යන යෝධයින් ගැන දැන් කාට කාටත් අමතකය.

රන්ජාගේ වැනි හඬ පට, මෙරට පුරවැසියන් රාශියක් අත තව තවත් තිබෙනවා නිසැකය. මාගේ ආතල් එක නම් ඒවා ද එළියට විත් මේ රටට කෙළ වෙන එක දිහා සතුටින් බලා සිටීමය.

තව ද රංජා වැනි මරාගෙන මැරෙන බෝම්බ කරුවන් අනන්ත ලෙස මේ සුර පුරට බිහි වේවා !!!!!

(උපුටා ගැනීම අවසන්)

 

රන්ජන්ගේ හඬපට ගැන විශේෂ විමර්ශනයක්

Ranjan Ramanayake 1මේ අතර පොලිසිය පවසන්නේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකර ඇති දැයි සොයා බැලීම පිණිස විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බවයි.

පොලිසිය පවසන පරිදි මෙම විමර්ශන ආරම්භ වී තිබෙන්නේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියේ ප්‍රධානීන් සමඟ සහ අධිකරණ ක්ෂේත්‍රයේ පිරිස් සමග සිදුකළ දුරකථන සංවාද ඇතුළත් හඬ පට පොලිසිය වෙත ලැබීමෙන් අනතුරුවය.

මෙම විමර්ශනයේ පියවරක් ලෙස පසුගිය සෙනසුරාදා පොලිසිය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කරනු ලැබූ අතර, එහිදී පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබිණ.

විමර්ශනවලට සම්බන්ධ තවත් සංවාද ඇතුළත් බවට සැක කරන සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටොප් පරිගණකයක් සහ බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ඇතුළු භාණ්ඩ ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඉරිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණ මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද විමර්ශනය කර ඔහු අපරාධ විමර්ශනවලට මැදිහත්වී තිබේ ද යන්න හා එම විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ අපහාසය ජනිතවන ආකාරයෙන් යුක්තිය පසිඳලීම සිදුකිරීම සඳහා රජයේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කර ඇත්දැයි යන්න තවදුරටත් විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ | The Leader