The Leader News
BREAKING
Top Ad
Opinion

''තම පැවැත්ම 'හැක්' වුණාට පස්සෙත් කෙළින් හිටගන්න හැටි කියාදුන්නේ රන්ජන්'' -Mahesh Hapugoda

T

The Leader Desk

January 25, 2020 • 1:07 PM

''තම පැවැත්ම 'හැක්' වුණාට පස්සෙත් කෙළින් හිටගන්න හැටි කියාදුන්නේ රන්ජන්'' -Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්පුර්ණයෙන් නිරුවත් වූ පසුව ද කෙළින් හිටගන්නේ කෙසේදැයි අපට කියාදුන්නේ රන්ජන් ය.
  • මේ දෙකටම වෙනස් ව යුවල් නෝවා හරාරි කියනවා ඉදිරි සියවස් භාගය ඇතුලේ මිනිස් දෙවි කෙනෙක් (Home Deus) උපදින්න පුළුවන් කියල.
  • ඒ කියන්නේ මිනිසා ට දෙවියන්ටත් වඩා දෙවියන් ගේ නිර්මාණය වන මිනිසා ගැන 'දැනුමක්' ඇති වෙනවා කියල ඔහු අනුමාන කරනවා.
  • ඒත් ඒවා ඉතාම වැදගත් මිනිසා ඇත්තට ම තේරුම් ගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

නීට්ෂේ එක පාරක් කිව්වා මිනිසා විසින් දෙවියන් මරා දැමුවා කියල. හැබැයි ලකාන් කිව්වා ඒ මරා දැමුව දෙවියන් ජීවමාන දෙවියන් ට වඩා බලවත් කියල. මේ දෙකටම වෙනස් ව යුවල් නෝවා හරාරි කියනවා ඉදිරි සියවස් භාගය ඇතුලේ මිනිස් දෙවි කෙනෙක් (Home Deus) උපදින්න පුළුවන් කියල.

ඒ කියන්නේ මිනිසා ට දෙවියන්ටත් වඩා දෙවියන් ගේ නිර්මාණය වන මිනිසා ගැන 'දැනුමක්' ඇති වෙනවා කියල ඔහු අනුමාන කරනවා. මිනිසා විසින් නිපදවන මිනිස් යන්ත්‍රයට පුළුවන් වෙයි හෝමෝ සේපියන් මිනිසා ගේ ඔහුවත් නොදන්නා ඔහුගේ ආශාව ගැන දැනගන්න.

Related imageහොලිවුඩ් චිත්‍රපටයක් බලනකොට අපේ ඇස වැඩියෙන් නතර වන්නේ කොතැනද යන්න ගූගල් කැමරාව දන්නවා අපිට වඩා. නිකම් හිතන්න අපි බලන්නේ ටැරන්ටිනෝ ගේ Once Upon a Time in Hollywood කියල. බ්‍රැඩ් පිට් සහ ඩයිකැප්රියෝ කතා කර කර ඇවිදගෙන යනවා කියල වීදියක් දිගේ. එකපාරටම එයාල එයාලගේ පෙම්වතියෝ හමු වෙලා ඔන්න දොඩමළු වෙනවා. අපි කෙල්ලෝ දෙන්නා දිහා බලනවා වෙනුවට තව දුරටත් ඩයිකැප්රියෝ හරි බ්‍රැඩ් පිට් හරි දිහා බලාන ඉන්නවා.

පෙම්වතියෝ ආවට පස්සේ ඊට කලින් අපේ ඇස්වල තිබ්බ දීප්තිය අඩු වෙනවා. දුක්මුසු වෙනවා. ඒ අනුව ගූගල් ඇස අපිට කියනවා අපි විෂම ලිංගික ද සමලිංගික ද කියන එක. අපි මේ දක්වා අපේ ලිංගික අනන්‍යතාව ගැන සැකයෙන් හිටියා නම් එයා ඒ සැකය දුරු කරනවා. අපිට හරියටම අපි කවුද කියන එක මුණ ගස්වනවා.

හැබැයි ඒ සඳහා අපේ හැසිරීම ගැන දත්ත එයාට උවමනා වෙනවා. ඒ දත්තවල අයිතිය තියන කෙනා තමයි ඉතින් විසි එක් වන සියවසේ දෙවියන් වන්නේ. රන්ජන් ළඟ තියෙන්නෙත් ඒ වගේ 'දත්ත' තමයි. දේශපාලනයේ සැඟවුණු රහස් තියන නිසා මේ දවස් වල එයාට ඉල්ලුම වැඩියි.

Text 25 9හරාරි කියනවා මේ 'දත්ත' ගොඩක් වෙලාවට මිනිසාගේ නිකම් වල්පල් තොරතුරු රැගත් ගොසිප් කියල. ඒත් ඒවා ඉතාම වැදගත් මිනිසා ඇත්තට ම තේරුම් ගන්න. අපි වැදගත් කියල හිතන කතාබහ ඇතුලේ අපිට මිනිසා ගැන මුකුත් හිතාගන්න බැරි උනාට අර කට කතා අහපුවම යම් කෙනෙක් ගැන 'යම් දෙයක්' හිතාගන්න පුළුවන්.

ලොකුම ලොකු විද්‍යාඥයෝ ලොකු කතා කියල වේදිකාවෙන් බැස්සම අපි කතා කරන්නේ ඒ විද්‍යාඥයා ගැන තියන ගොසිප් ටික. මොකද අපි උත්සාහ කරනවා එයාට ඇත්තටම සම්බන්ද වෙන්න (අපේ අයත් මුල්ම ප්‍රශ්නේ හැටියට අහන්නේ එයා බැඳල ද කියල). ඒකට හේතුව තමයි එක් කෙනෙක් අනෙකාට සම්බන්ද වෙන්න ඕනි මූලික හිඩැස තියෙන්නේ අර ලොරි ටෝක් වල නෙවෙයි ගොසිප් වල. ඒ නිසා හරාරි කියනවා ශිෂ්ටාචාරයේ පදනම ඕපාදුප කියල. ඒ කියන්නේ මිනිස් අශ්ලීල බව. මිනිසා ගේ රාත්‍රිය. අඳුර. කරුවල අර්ධය.

රන්ජන් මේ වෙලාවේ වැදගත් වෙන්නේ වෙනත් ලොකු කරුණක් නිසා. ඒ තමයි තමන්ගේ පැවැත්ම සම්පුර්ණයෙන් හැක් වුනාට පස්සෙත් (හරාරි කියන පුර්ණ එළිදරව් වීම) තවදුරටත් කෙලින් හිට ගන්නේ කොහොමද කියන එක රන්ජන් පෙන්වා දෙන එක.

මේක අපිට අළුත් තත්වයක්. අපේ අය තමන් හෙළිදරව් වෙනවට බයෙන් හිටියේ. සිය දිවි නහගන්න හිටියේ. මඩක් එයි කියල වෙව්ල වෙව්ල හිටියේ. පුද්ගලික තොරතුරු කවුරු හරි අතේ තියනවා නම් ඒ තියන අය ලොකු ගේම් එකක් සෙල්ලම් කළා අපේ යුගයේ. 'වැඩිය දැඟලුවොත් ඔක්කොම එළියට දානව කියල' දේශපාලනය ඇතුලේ මිනිසුන්ට දාපු තග අනන්තයි. රන්ජන් ඒ බය නැතිකළා.

රන්ජන් එක්ක ඒ වගේ අය තරහයි. මොකද 'සමාජයේ බය එක්ක ඔවුන් සෙල්ලම් කරන ගේම් එක' රන්ජන් ජිවිත පරිත්‍යාගයෙන් ඉවර කරපු නිසා. ඒ බොඩි පොලිටික් එක රැඩිකල් දෙයක් අපේ වගේ බය සමාජයක. සමහර විට ඔහු කරපු වැඩේ බරපතල කම ඔහු නොදන්නවා වෙන්නත් පුළුවන්.

රන්ජන් හඬපට වලින් ඉදිරියට ආවෙ මිනිස් පැවැත්මේ අදුරුම අඳුරු අර්ධයක්. මේ 'වල්පල්' අපි දැනගෙන හිටියා තමයි. ඒ උනාට 'හරියටම' දැනගෙන හිටියේ නැහැ සාක්ෂි එක්ක. දැන් ඒවා අපි දන්නවා.

Text 25 10හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ දැන ගත්තට පස්සේ කරන්නේ මොකක් ද කියල දන්නේ නැති එක. ඒ කියන්නේ කොයි මොහොතේ හෝ රන්ජන් නම් සිදුවීම සිදුවෙනවා කියල අපි දැනගෙන හිටියා. හැබැයි ඊට පස්සේ කරන දේ දැනගෙන හිටියේ නැහැ (What to do after the Event?). මේක දැන් වමේ සහ දකුණේ කියන දෙගොල්ලන්ට ම අදාලයි. ඔව්, අපේ පැවැත්මේ පාදම අශ්ලීල තමයි. ඉතිං ඊට පස්සේ...??

මෙතනින් පස්සේ කරන දේ රන්ජන් වත් දන්නේ නැහැ කියල මම කියනවා. ඔහු ශරීරය දීල තියනවා දේශපාලනයේ (සහ පැවැත්මේ) අන්ත දුෂිත අඳුරු අර්ධය වෙනුවෙන්. දැන් ඒක එළිදරව් වෙලා තියනවා. නමුත් ඔහුගේ පාර්ලිමේන්තු කතාව හොඳින් බැලුවොත් තේරෙනවා ඉදිරිය ගැන ඔහුගේ ඇති හිස් බව. මෙතැනින් පස්සේ කොතැනට ද? අපි හැමෝම ඉස්සරහා තියන ප්‍රශ්නයත් ඒක..

ඔක්කොමල එක පොදියට හොරකම් කරනවා මේ ක්‍රමය ඇතුලේ...නමුත් අපි ඒ හොරුන්ට ම ආශා කරනවා. වෙන විකල්පයක් ඇත්තෙත් නැහැ. විකල්පයක් හදා ගන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. මම හිතන හැටියට උවමනාවක් තිබුණත් විකල්පයක් ඇත්තෙත් නැහැ තමයි. ඕනිනම් බනින්න පුළුවන් ෆුකුයාමා වාදියෙක් කියල.

ඇත්තටම දැන් කරන්න තියෙන්නේ මොකක්ද කියල දේශපාලන න්‍යාය ගැන හිතන අය ඉන්නවා නම් කියන්න. මම එහෙම අහන්නේ 'රන්ජන් පිලිබඳ සත්‍යය' මුහුණු පොතට මතක නැති වෙන්න දැන් කාලය හරි යමින් තිබෙන නිසා. දැන් වෙන වෙන සංඥා ඇවිල්ල 'පරණ සත්‍යය' වසා ගන්න නියමිතයි.

Text 25 11ෆේස් බුක් එක කියන්නේ දිනපතා වෙනස් වෙනස් ප්‍රපංච ගෙනැල්ලා දිනෙන් දින යාවක්කාලින වෙන තැනක්. දැන් නැගලා යන්නේ වෝහාරික වාර්තාව. එහෙම නැත්නම් යාපනේ වෛද්‍ය සිසුවිය. එහෙමත් නැත්නම් අල ළුනු එළවලු ප්‍රශ්න. චීනෙන් ආපු නාග වෛරසය.

අලුතෙන් එන එන දේ ගැන පෝස්ට් දැම්මට කිසි දෙයක් ඇත්ත ලෝකයේ වෙනස් වෙන්නේ නැහැ. දවල් රෑ නැතුව ලැබ් වල වැඩ කරන මිනිස්සු ටිකක් විතරක් ඔය වෛරස් එකට බේතක් හොයා ගනී. කොහොමත් හෝමෝ සේපියන් ලා ගේ අනාගතය මේ වෙනකොට තියෙන්නේ ලැබ් වල ඉන්න කිහිප දෙනෙක් අතේ කියල හරාරි කියනවා...

අපි කොම්පියුටරය දිහා බලාගෙන ඉන්න කාලය වැඩියි ඇත්ත ලෝකයේ ඉන්න කාලයට වඩා. එහෙම කියන්නේ යුවල් නෝවා හරාරි. ඇත්ත ලෝකයේ කෙහෙල් ගහක් වත් හදන්නේ නැති අපි බුකියේ වනාන්තර වවනවා. අපේ පැවැත්ම ඒ තත්වයට වැටිලා නම් ඉතින් වඳ වෙන එක ගැන අහන්න දෙයක් නැහැ තමයි.

(මහේෂ් හපුගොඩගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

සබැඳි පුවත් :

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda 

''තවදුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි'' -Dhananjaya Karunarathne

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග - නාලක ගුණවර්ධන

''රංජන් පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවක්'' -සුමිත් චාමින්ද

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...