The Leader News
BREAKING
Top Ad
Opinion

'රන්ජන් රෙකෝඩ්ස්': අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක්

T

The Leader Desk

January 13, 2020 • 3:31 PM

'රන්ජන් රෙකෝඩ්ස්': අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රන්ජන් රාමනායකගේ කෙරුවාව පිළිබඳව නොයෙකුත් කතා ඇත. ඔහුට ගරහන අය සේම ඔහු වීරයෙකු ලෙස සළකන අයද ඇත.
  • එය වැරදි විය හැකි වූවත් මීට වඩා සංවරව එය කළ හැකිව තිබුණත් ඔහු වීරයෙකු ලෙස සළකන පිරිස දකින්නේ ඔහුගේ ගිනි තැබීමෙන් විවෘත වූ මීතොටමුල්ලටත් වඩා විශාල කුණු කන්දකි.
  • “රන්ජන් විනිසුරුවන් 60 ක් සමග කතා කරලා” යැයි මාධ්‍ය වාර්තා කරන්නේ රන්ජන්ගේ වරදක් ලෙසින්ය.
  • එහෙත් ඔහු සමග කතා කළ විනිසුරුවන් එපමණ ඇතැයි කීමෙන් තේරුම් කෙරෙන්නේ අධිකරණයේ බිඳ වැටීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

හනුමා ගියාක් මෙන් රන්ජන් රටම ගිණි තැබුවේය. එය වැරදි විය හැකි වූවත් මීට වඩා සංවරව එය කළ හැකිව තිබුණත් ඔහු වීරයෙකු ලෙස සළකන පිරිස දකින්නේ ඔහුගේ ගිනි තැබීමෙන් විවෘත වූ මීතොටමුල්ලටත් වඩා විශාල කුණු කන්දකි.

සැබෑවත් එය ය. “රන්ජන් විනිසුරුවන් 60 ක් සමග කතා කරලා” යැයි මාධ්‍ය වාර්තා කරන්නේ රන්ජන්ගේ වරදක් ලෙසින්ය. එහෙත් ඔහු සමග කතා කළ විනිසුරුවන් එපමණ ඇතැයි කීමෙන් තේරුම් කෙරෙන්නේ අධිකරණයේ බිඳ වැටීමය. ඉතා බරපතල අපරාධ පරීක්ෂණ බාරව සිටි අපරාධ පරීක්ෂණ නිලධාරීන් සමග ඔහු කළ ගනුදෙනුවෙන් කියන්නේ එවැනි ඉතා වැදගත් රාජ්‍ය ආයතන සතු  ස්වාධීනත්වයක් නොමැති බවය.Text 13 3 

ඒ හැමකින් මතු කෙරෙන්නේ රන්ජන් සමග ගනුදෙනු නොකළ පිරිස සුදනන් බැව් නොවේ. ඔවුන් බොහෝමයක් වෙනත් දේශපාලන සම්බන්ධතා සමග වෙනත් දේ කරන්නට ඇතැයි යන්න ය. වෙනස ඇත්තේ එවැනි ගනුදෙනු ඇතොත් ඒ කිසිවකු මෙතෙක් ඒවා පටිගත කර ප්‍රසිද්ධ නොකිරීමෙහි ය.

ඔහුගේ කෙරුවාවේ හොඳ නරක ගැන කතාවෙන් මෙය නතර කළ නොහැක්කේ එනිසාම නොවේ. ඔහුගෙන් හෙළිවන අයුරු පරීක්ෂණ ආරම්භ කෙරෙන තැන සිට නඩු ගොනු කිරීමේ දෙපාර්තමේන්තුව හරහා අවසානයේ ඒ සම්බන්ධ තීන්දු කෙරෙන අධිකරණ ක්‍රියාවලියේ මුදුණට යන තෙක් හැම තැනම අකාර්යක්ෂම, දූෂිත ස්ථාන බවට පත්ව ඇතිවාට අමතරව, සමස්ථ රාජ්‍යයම කුණු වී ඇති බැවින්ය.

රාජ්‍ය පරිපාලනය, ආරක්ෂක සේවා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ගණකාධිකාරී සේවාව, වෛද්‍ය හා නීතිඥ වෘත්තීන්, විශ්ව විද්‍යාල පද්ධතිය හා ජනමාධ්‍ය ගොනුවන සමස්ථ පාලන ව්‍යුහය හා ඊට ඈඳුණු පෞද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රය ඇතුලු හැමකක්ම කුණු වී ඇත. මේ පල් වීම්, කුණුවීම් සියල්ල නඩත්තු වන්නේ අතිශය තරගකාරී විවෘත වෙළඳපල ආර්ථිකයෙහි නගර කේන්ද්‍රීය මැද පංතික ජීවිත සමගින්ය.  

Text 13 4මෙය ගොඩ දැමීමට රන්ජන් රාමනායක පක්ෂයෙන් නෙරපීමෙන් හෝ හඬපටිවල නම් ගම් සඳහන් අය අත් අඩංගුවට ගැනීමෙන් හෝ රන්ජන්ට විරුද්ධව නඩු පැවරීමෙන් හෝ කළ නොහැක. ඒ සියල්ල අවසානයේ කෙරෙන්නේ මේ කුණු වී දූෂණය වී ඇති ආයතන හරහාම ය. බලයේ ඉන්නා හා බලයෙන් එළියට වැටුණු අය ඒවා බේරා ගන්නේද තමන්ගේ ආරක්ෂාව ඇතිවය.  
 
කිසිදු සංවර්ධනයක් නොමැති, ග්‍රාමීය සමාජය මුළුමනින් අතහැර දමා ඇති ප්‍රධාන නගර කිහිපයට සීමා වූ මේ විවෘත වෙළඳපල විසින් සදාචාරය, විනය, පරාර්ථකාමය, තර්කානුකූල බුද්ධිය වැනි සියල්ල දියුණු අධ්‍යාපන ක්‍රමයක් හදා ගැනීම අතහැර දැමීමෙන් විනාශ කර ඇත.

Text 13 5එබැවින් මේ සඳහා ස්ථාවර, දුර දිග යන, සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් සෙවිය යුතුව ඇත. එය මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට කළ නොහැකි බැව් මාස දෙකකට පෙර පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරුණු මැතිවරණ පොරොන්දු මලු වලින් ඔප්පු කෙරිණ.

ඒ සඳහා දිරා ගිය, හිල් වුනු තැන් වෑල්ඩින් කර වැසීමෙන් තාවකාලිකව හෝ විසඳිය නොහැකි තරමට මේ සියල්ල ජරාජීර්ණ වී ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය හා ස්වාධීන කොමිසම් ඔප්පු කරන්නේ එය ය.  

මේ සමස්ථ අර්බූදයට විසඳුම් සෙවීමේ සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ එබැවින් ය. එයට මුල පිරිය හැක්කේ ප්‍රවේසමෙන් තෝරා පත්කර ගන්නා ස්වාධීන, විද්වත් හා තවමත් කුණු තවරා නොගත් වාර්ගික හා ආගමික විවිධත්වය නියෝජනය වන ස්ත්‍රී-පුරුෂ පුද්ගලයින්ගෙන් සමන්විතවන “ජනතා කොමිසමක්” මගින් ය.

ජාතික සංවර්ධනය සඳහා විකල්ප සමාජ-ආර්ථික හා සංස්කෘතික වැඩපිළිවෙලක් වෙනුවෙන් “ධවල පත්‍රිකාවක්” සමාජය හමුවේ තබන්නට එම ජනතා කොමිසමට ජනතා වරමක් ලෙස වගකීම් බාර දිය යුතුය.

හය මසක පමණ කාලයක් පුරා පළාත්බද විවිධ ජන කොටස් සමග සෘජුව කරන්නාවූ ගනුදෙනු සහ සමාජ මාධ්‍ය ජාල ඇසුරෙන් ගොනු කරගන්නා අදහස්, විවරණ, යෝජනා මත සහ විශ්ව සිද්ධාන්තද හවුල් කර ගන්නා ස්ථාවර, ප්‍රජාතන්ත්‍රවාදී හා පරිසර හිතකාමී ජාතික වැඩපිළිවෙලක් සමාජයට ඉදිරිපත් කරන්නට ඔවුන්ට වගකීම් පැවරිය යුතුය.

එළෙසින් හදා ගන්නා අනාගත විසඳුම් මිස වෙනත් විසඳුමක් මේ සමාජයට දැන් ඉතිරිව නැත.
එබැවින් මේ අර්ථ දැක්වීමට/යෝජනාවට එකඟ නොවනවුන් කරුණාකර මෙය Share/Like කිරීමෙන් වළකින්න.

කුසල් පෙරේරා - ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
2020 ජනවාරි 13 වන දින

(කුසල් පෙරේරාගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

 

සබැඳි පුවත් :

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...