The Leader News
BREAKING
Top Ad
Opinion

රොහාන් නම් මිත්‍යා කතාව (Rohan the Myth) - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

April 17, 2024 • 11:23 AM

රොහාන් නම් මිත්‍යා කතාව (Rohan the Myth) - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රොහාන් පෙරේරා නැත්නම් මොහොමඩ් ෆස්ලි නිසාර් කියන්නේ මට myth එකක්.
  • මම සහ ඔහු ගැන. ෆස්ලි නිසාර් වයස අවුරුදු 17දී ගෙදරින් පිටවෙලා යනවා.
  • ඒ ෆස්ලි හැටියටද රොහාන් හැටියටද කියන්න මම දන්නේ නැහැ. 88 89 මර්ධනයෙන් පස්සේ ඇත්ත නම වෙනුවට ආරූඪ නම් වලින් හිටිය එකම කෙනා ෆස්ලි විතරක් නෙවෙයි. කොහොම හරි අවුරුදු 43කට පස්සේ නැගෙනහිර පළාතේ පාසිකුඩා - කල්කුඩා අතරේ තැනකදී ෆස්ලිගේ මෘතදේහය අපිට හමුවෙනවා.
  • ඒ කියන්නේ අවුරුදු 17 වෙනකල් කොල්ල සහ අන්තිම දවස් තුනේ ෆස්ලි.
අකුරු ප්‍රමාණය (Font Size):


රොහාන් පෙරේරා නැත්නම් මොහොමඩ් ෆස්ලි නිසාර් කියන්නේ මට myth එකක්. ඒ කියන්නේ මිත්‍යා කතාවක්. මම ඒ චරිතය මතක තියාගන්නේ එහෙම. ඒ නිසා මේ කතාව රොහාන් ගැන නෙවෙයි මම ගැන. මම සහ ඔහු ගැන. 

ෆස්ලි නිසාර් වයස අවුරුදු 17දී ගෙදරින් පිටවෙලා යනවා. එතැන් සිට කවුරුත් දන්නේ නැහැ ෆස්ලි කොහේ ගියාද මොනවා උනාද කියල. ෆස්ලි කියල නමක් ආයේ ඔහුට නැති වෙනවා. 

නමුත් අම්ම බලන්න ඔහු වරින් වර ගිහිල්ල තියනවා. ඒ ෆස්ලි හැටියටද රොහාන් හැටියටද කියන්න මම දන්නේ නැහැ. 

 

rohan
88 89 මර්ධනයෙන් පස්සේ ඇත්ත නම වෙනුවට ආරූඪ නම් වලින් හිටිය එකම කෙනා ෆස්ලි විතරක් නෙවෙයි. 

කොහොම හරි අවුරුදු 43කට පස්සේ නැගෙනහිර පළාතේ පාසිකුඩා - කල්කුඩා අතරේ තැනකදී ෆස්ලිගේ මෘතදේහය අපිට හමුවෙනවා. මේ අතුරුදහන් කාලයේදී මොනවද ෆස්ලිට උනේ කියන එක අපි හැමෝම දන්නා නිසා ඒ කොටස අර මිත්‍යාකතාවේ නැහැ. මගේ මිත්‍යාකතාවට අදාල වෙන්නේ අපි නොදන්නා කොටස. ගොඩක් අයට යථාව. ඒ කියන්නේ අවුරුදු 17 වෙනකල් කොල්ල සහ අන්තිම දවස් තුනේ ෆස්ලි. ඒක චිත්‍රපටයක්. 

මේ අන්තිම දවස් තුන එළඹෙන එක් දවසක රොහාන් තීරණය කරනවා ලංකා පොළොවේ හිරු නැගෙන දිහාවට යන්න. ඒ කියන්නේ නැගෙනහිරට. නැගෙනහිර පළාතේ ඔය වාලච්චේන - කල්කුඩා - පාසිකුඩා පැත්තට යන්න. මඩකළපුවෙන් උඩ. එරාවුර් වලින් පහළ. ඉර නැගෙන පැත්ත. හිරුඑළිය සැරයි. 

පෙරදිග ජපන් සාහිත්‍යය අනුව හිරු කියන්නේ ජීවිතය (life). නැත්නම් පටන්ගැනීම (origin). සමුරායි කෙනෙක්ට ජීවිතය පටන්ගැනීම වගේම ජීවිතයෙන් සමුගැනීම කියන දෙකටම හිරු එක්ක සම්බන්දයක් තියනවා. 

රොහාන් යන්නේ හිරුනැගෙන පැත්තට. සමහර විට ජීවිතය අලුතෙන් ඉල්ලගෙන, අලුත් පටන්ගැනීමක් වෙනුවෙන් වෙන්න පුළුවන්.

ඒත් ඔහුට ජීවිතය නැවත පටන්ගන්න වෙන්නේ නැහැ. හිරුනැගෙන පැත්ත දිහාව බලාගෙන ඔහුට ජීවිතය අත්හරින්න වෙනවා.

 

රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහනය වැඩියි. පොතුවිල්වලින් පටන් ගන්න මුස්ලිම් බෙල්ට් එක ත්‍රිකුණාමල කින්නියා සහ තවත් ඉස්සරහට යනවා. දෙමළ සිංහල කට්ටිය පොඩ්ඩක් තැන් තැන්වල හිටියත් මුස්ලිම් ජනගහනය සෑහෙන්න ලොකුයි. විශේෂයෙන් වෙරළ තීරයේ. ඔය රොහාන් හිටිය තැනින් පහලට තව පොඩ්ඩක් ඇවිල්ල මඩකලපුව පහුකරලා කාතන්කුඩිවලට එනකොට හම්බවෙන්නේ සම්පුර්ණ මුස්ලිම් කළාපයක්. පුංචි අරාබිය කියල කියන්නේ. 

මට හිතෙනවා මේක අහම්බයක් වෙන්න ඇති. හැබැයි අහම්බය - ආපතික බව (contingency) විසින් සත්‍යය වෙත අපි අරන් යනවා. සමහර විට මේක රොහාන්ටත් අවිඥාණික වෙන්න ඇති. 

මුස්ලිම් සම්භවයක් තියන කොළඹ ඉපදුණු ෆස්ලි මඩකලපුවට යනවා. එක්කෝ ජීවිතය අලුත් කරගන්න. නැත්නම් අර පෙරදිග ජපන් දර්ශනයේ තියන ආරම්භය සොයාගෙන. මුල හොයාගෙන. නිවාඩුවකට. 

මොකද යම් විශ්වාසයක් තියනවා මුස්ලිම්වරු මුලින් ම ලංකාවට ආවේ නැගෙනහිර වෙරළ පැත්තෙන් කියල. 

 


රොහාන්ගේ අවමඟුල මුස්ලිම් විදියට කරන්න ඕනි කියල එයාගේ අම්ම කරන තීරණේ එක්ක එයා අවුරුදු හතළිහක් සංකේතනය කරන්න හදපු නිරාගමික ලෝකය පරාජය වෙලා එයාවත් නොදන්නා යථාවක් (ආගම) වෙත යටත්වෙන්න වෙනවා. 

මුළු රටක් වෙනස් කරන්න - ස්ත්‍රිය වෙනස් කරන්න - හදපු කෙනෙක්ට බැරි වෙනවා එයාගේ අම්ම වෙනස් කරන්න. ඒ නිසා අවුරුදු හතළිහක මහන්සිය දවස් තුනක් ඇතුළේ පරාජය වෙනවා. අවම වශයෙන් පුද්ගලික තලයක. 

රොහාන් අවසානයේ ඉස්ලාම් ආගමට අනුව මිහිදන් කරන මොහොතේ හිටපු මුස්ලිම් සහෝදරයෙක් (සබීර් මොහොමඩ්) අල්ලා දෙවියන්ගෙන් අවසානයේ මෙහෙම ඉල්ලනවා.

''මේ මහ පොළොවේ තවත් ෆස්ලි ලා බිහිකරන්න, ඔවුන්ට රොහාන් සේ හිතන්න දැනුම දෙන්න,රොහාන්ට තිබුණු ධෛර්යය දෙන්න, ඒත් සමගම ඔවුන්ව රොහාන් සේ නොව ෆස්ලි සේ ජීවත් කරවන්න, එය පිළිගත හැකි මිනිසුන් ජීවත් වන රටක් ලෝකයක් අපට දෙන්න !!''

රොහාන්ට රාත්‍රිය පමණක් නෙවෙයි මේ පොළොවේ දහවලවත් පරාජය කරන්න බැරි වුණා කියල මට හිතෙනවා. හැබැයි ඒ නිශ්ශබ්ද එහෙත් ගැඹුරු උත්සාහය මහේශාක්‍ය එකක්! 

ඒක ඔස්කා යන මට්ටමේ ෆිල්ම් එකක්.

අරවින්ද නම් වූ බටහිරයා.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)(
ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

රොහාන් පෙරේරා හා සූෆී ඉස්ලාමය - (නන්දන විරරත්න) 

පරම්පරාවක මරණය - (එරන්ද ගිනිගේ)

රොහාන් නමැති යතුරු සිදුරෙන් එබී බැලීම - (චින්තන ධර්මදාස)

රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්ති පෙති ගැසීම - (ජයසිරි අලවත්ත)

රොහාන් සහ කනත්තේ සංස්කෘතිය... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

පශ්චාත් රොහානියානු ලංකාව - (අජිත් පැරකුම් ජයසිංහ)

රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

රොහාන් පෙරේරා: අසම්පූර්ණ නර්තනයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ප්‍රකට දේශපාලන විශ්ලේෂක රොහාන් පෙරේරා සමුගනී


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...