The Leader News
BREAKING
Top Ad
Opinion

S. B. දෙවියා සහ දේවවාදියා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 26, 2022 • 4:11 PM

S. B. දෙවියා සහ දේවවාදියා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංගා මෑණියන්ගේ ප්‍රකාශයෙන් තේරුම්ගත හැකි වැදගත්ම දෙය වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත කෙතරම් දුක්බරද යන්නයි.
  • කෙතරම් වස්තුව තිබුණත්, කෙතරම් ජනප්‍රිය වුණත්, කෙතරම් හැකියා පූර්ණ වුවත් ඔවුන් ගෙවන්නේ මහා ප්‍රශ්න සහිත දුක්බර ජීවිත බව එතුමිය පිළිගනී.
  • ඒ අනුව සංගාගේ පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති කරන්නෙත් ඔහුය.
  • තමාට අවශ්‍ය නම් මුල සිටම ප්‍රශ්න ඇති නොකර සිටිය හැකි වුවත් S.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය කියන ආකාරයට සංගාගේ සහ අනෙකුත් ක්‍රීඩකයන්ගේත් පවුල් ජීවිතවල මහා බරපතළ ප්‍රශ්න තිබේ. ඒවා කෙතරම් බරපතළද යත් S. B. දෙවියාට හැර වෙනත් කිසිවෙකුට විසඳිය නොහැකිය. කෙතරම් වස්තුව තිබුණත්, කෙතරම් ජනප්‍රිය වුණත්, කෙතරම් හැකියා පූර්ණ වුවත් ඔවුන් ගෙවන්නේ මහා ප්‍රශ්න සහිත දුක්බර ජීවිත බව එතුමිය පිළිගනී.

S. B. දෙවියා යනු සඩිස්ටික් පොරකි. “සර්ව බලධාරී” හෙයින් ලෝකයේ සියල්ල සිදුකරන්නේ ඔහුය. ඒ අනුව සංගාගේ පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති කරන්නෙත් ඔහුය. සංගාට බෝලෙට ගහන්න බැරි කරවන්නෙත් ඔහුය.

එසේ කිරීමෙන් අනතුරුව ඔහු බලා සිටින්නේ සංගා මෑණියන් තමා ඉදිරියේ දණින් වැටී එම ප්‍රශ්නය විසඳන මෙන් ඉල්ලන තෙක්ය. තමාට අවශ්‍ය නම් මුල සිටම ප්‍රශ්න ඇති නොකර සිටිය හැකි වුවත් S. B. දෙවියා එසේ කරන්නේ නැත.

එක් වරක් පමණක් ඉල්ලීමෙන් ජිවිතයේ ප්‍රශ්න අවසන් වන්නේත් නැත. “ඔහ් ගෝඩ්, මගේ ජීවිතයට මින් මතු කිසිදු ප්‍රශ්නයක් නොදෙනු මැනවි” කියා එකපාරක් ඉල්ලා සිටියාට S. B. දෙවියා ඒ ඉල්ලීම ඉටු කරන්නේ නැත. අවශ්‍ය නම් එසේ කළ හැකි වුවත් එහෙම කරන්නේ නැත.

එක ප්‍රශ්නයක් නිර්මාණය කර, ඉල්ලූ නිසා එය විසඳූ පසු, නැවතත් අලුත් ප්‍රශ්නයක් සංගාට නිර්මාණය කරන S. B. දෙවියා ගන්නේ පට්ට ආතල් එකකි.

දේවවාදියා සහ S. B. දෙවියා අතර සම්බන්ධය සමාන වන්නේ වහල් හිමියෙකු සහ වහලියක අතර සම්බන්ධයටයි.

වහල් හිමියාට අවශ්‍ය ඕනෑම දුක් ගැහැටක් සිය වහලියට දිය හැකිය. වහලියට එම කරදරයෙන් මිදිය හැක්කේ වහල් හිමියාගෙන් ඉල්ලා යාඥා කිරීමෙන් පමණී. වහලියගේ සමස්ත ජීවිතයම පාලනය කරන්නේ වහල් හිමියාය. වහලිය එයට කැමතිය. වහලියට තමා වෙනුවෙන් කිසිදු නිදහස් තෝරාගැනීමක් කළ නොහැකිය.

දේවවාදියා ජීවත් වෙන්නේ මෙවැනි අතිශය ටොක්සික් බල සංස්කාරයකය.



මෙහි වඩාත් සිත් ගන්නා සුලු නිරීක්ෂණය වන්නේ එවැනි දීන වහලියක් විසින් ලංකාවේ ඊනියා දේශපාලන අධිකාරයට එරෙහිව අරගල කිරීමයි.

 

අභ්‍යන්තරයෙන් අධිකාරී පරපීඩක දෙවියෙකු විසින් සිය කැමැත්තෙන් පාලනය වෙමින් එම බල-ව්‍යවස්ථාවෙන් පුද්ගලික ප්‍රයෝජන ගන්නා අතරම, ඊට බොහෝ සෙයින් අවම අධිකාරී ව්‍යුහයකට එරෙහිව බාහිරව සටන් කිරීම S. B. දෙවියාට කිසිම පුදුමයක් ගෙන නොදෙන්නේ එය කරන්නේත් S. B. දෙවියාම නිසාය. ඔහුගේ සෙල්ලම ක්‍රිකට් සෙල්ලමටත් වඩා විනෝදජනකය.

මෙහි දේශපාලන අර්බුදය පැන නගින්නේ මෙතැනදීය.

එනම් මෙම සිද්ධීන්ට අනුව ලංකාවේ දේශපාලනය කෙරෙන්නේත් S. B. දෙවියාට උවමනා ආකාරයටය.

එනම් එය කිසියම් ඒක පුද්ගලික විශ්වාසයක් පමණක් නොවේ. ක්‍රිකට් සෙල්ලමක ජය පැරදුම තීරණය කරන්නේ ක්‍රීඩකයන් නොව, S. B. දෙවියා වන්නාක් මෙන් ජනරජයේ සියලු පුරවැසියන්ගේ ජීවිත පිලිබඳ දේශපාලනික තීරණ ගන්නේත් එම වැසියන් නොව, S. B. දෙවියාය.

 

“ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියූ නිර්මාල් දේවසිරි පවා එසේ කියන්නේ S. B. දෙවියා නිසාය. "සහාරන් බෝම්බ පුපුරුවාගන්නේත්" S. B. දෙවියා නිසාය.

 

ධර්මය අපට මග වේවා!

Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 නොවැම්බර් 26

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...