The Leader News
BREAKING
Top Ad
Opinion

අනාගතයේදී සිංහල බෞද්ධ යනුවෙන් ඡන්ද වර්ගයක් තිබේද? | Samabima Party

T

The Leader Desk

February 12, 2026 • 3:44 PM

අනාගතයේදී සිංහල බෞද්ධ යනුවෙන් ඡන්ද වර්ගයක් තිබේද? | Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (Warning ! යහපත් අනාගතයක් පතන මධ්‍යම පංතියට සහ ඉහළ මැද පන්තියට අනතුරු ඇඟවීමක්)
  • එලෙස අප ප්‍රකාශ කරන්නට හේතු වන්නේ ලංකාවේ මිනිසුන් මේ වනවිට එකිනෙකාට අමු කැත ගේම් ගසමින් සිටීමයි.
  • මෙම ගේම් ගැසීම සිය සමීපතමයන්ගේ සිට රටේ සෑම අස්සක් මුල්ලක් දක්වා වන වපසරියට පැතිර ගොස් ඇත.
  • එබැවින් මේ මොහොතේ සියලු දෙනාම කටයුතු කරන්නේ පව්කාරයන් ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):


අපි දන්නා ආකාරයට ලංකාවේ මේ වෙලාවේ කිසිම අයෙකු බැරෑරුම් ආකාරයට සිය ආගම අදහන්නේ නැත. එලෙස අප ප්‍රකාශ කරන්නට හේතු වන්නේ ලංකාවේ මිනිසුන් මේ වනවිට එකිනෙකාට අමු කැත ගේම් ගසමින් සිටීමයි.

මෙම ගේම් ගැසීම සිය සමීපතමයන්ගේ සිට රටේ සෑම අස්සක් මුල්ලක් දක්වා වන වපසරියට පැතිර ගොස් ඇත. එබැවින් මේ මොහොතේ සියලු දෙනාම කටයුතු කරන්නේ පව්කාරයන් ලෙසය. කිසිවෙකුට කිසිදු ආගමක් පිළිබඳව විශ්වාසයක් නැත. මේ නිසා කිසිවෙකු සිය පෞද්ගලික ජීවිතයේදී ආගමික වන්නේ නැත. මේ නිසා හැමදෙනාම ආගමික ලෙස ජීවත් වන්නේ අනුන්ට පේන්නට මිස සැබෑ ලෙසම ආගමිකව ජීවත් වීම සඳහා නොවේ. එවිට අපගේ ක්‍රියා කිරීම සඳහා මෙතෙක් පැවති සදාචාර පදනම අපගෙන් ගිලිහී යයි.

එබැවින් මෙවැනි මොහොතක අපි වෙනුවෙන් ආගම අදහන පිරිසක් සඳහා ව්‍යුහාත්මකව විශාල ඉඩක් විවර වෙයි. අනෙක් අතට මෙම අවශ්‍යතාවය ෆැන්ටසියක් නිසා අප ඒ සඳහා තෝරා ගන්නා අයගේ දත් බලන්නට යන්නේද නැත. එය නාමල් රාජපක්ෂ, දිලීත් ජයවීර, රිනෝද සිල්වා, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ආදී අපි වෙනුවෙන් ආගම අදහන පිරිස් සඳහා විශාල ඉල්ලුමක් මේ මොහොත තුළ ඇතිවී ඇත. මීට හේතුව අප ආගම අදහන්නේ නැති වීමත් ඒ වෙනුවට අප වෙනුවෙන් ආගම අදහන පිරිසක් අවශ්‍ය වීමත්ය. මෙවැනි පිරිසක් වැඩිපුරම ඉල්ලන්නේ මධ්‍යම පංතිය සහ ඉහළ මැද පන්තිය විසිනි.

මෙලෙස තමන් ආගමික නොවී තමන් වෙනුවෙන් ආගම ඇදහීමට "බාහිර අනෙකෙකු" අවශ්‍ය වීමේ මධ්‍යම පංතියේ සහ ඉහළ මැද පංතියේ සන්නිය කොතෙක් දුරදිග ගියාද කියා අපට ජාත්‍යන්තර උදාහරණ කිහිපයකින් බලා ගත හැක. ඒ සඳහා උදාහරණ අවශ්‍ය කෙනෙකු නේපාලය, බංග්ලාදේශය, සිරියාව, ඊජිප්තුව, යුක්‍රේනය වැනි රටවල් දෙස බැලීම ප්‍රමාණවත් වේ. ඒවායෙහි මැද පන්තිය උත්සාහ කරේ පාදඩ පන්තීන්ගේ කරේ නැගී දිව්‍ය ලෝකයේ යාමටය. අවසානයේ ඔවුන්ට දෙවිලොව වෙනුවට අපාය හමු විය. ගඩාපිගේ අවසාන පුතාට පවා අවසානයේ සිදු වුයේ අපායට යන්නටය.

ඉහත රටවල් වල මේ වනවිට දේශපාලන බලය ගොස් ඇත්තේ පාදඩයන්ගේ අතටය. උදාහරණයක් ලෙස සිරියාවේ ජනාධිපති ධුරය සඳහා පත් වී සිටින පුද්ගලයා එරට සිටි හොඳ අපරාධකාරයෙකි. බංග්ලාදේශයේ ආගමික අන්තවාදය එරට බලය අත්පත් කරගෙන ඇති අතර ඔවුන් ස්ත්‍රී දුෂණ මිනීමැරුම් සම්බන්ධව කප් ගැසූ පිරිසකි.
මේ ආකාරයෙන්ම ඉහත උදාහරණය ලංකාවටද පොදුය.  

මධ්‍යම පාන්තික ආගමික නැති බව ට හේතුව පිළිබඳව කිසිවෙකු සොයා බලන්නේ නැත. උදාහරණයක් ලෙස මේ මොහොතේ මෙම ආගමික සන්නිය වෙනුවෙන් පෙනී සිටින නාමල් රාජපක්ෂ, දිලීත් ජයවීර, රෙනෝ ද සිල්වා වැනි චරිත අප පිළිබඳව කිසිවෙක් හොයන්නේ නැත. එසේම මේ වන විට පන්සල් යනු ආගමික සිද්ධස්ථාන නොව ඒවා ව්‍යාපාර බවට පත් වී ඇත.

ලංකාවේ මැද පන්තියට අපි කියන්නේ මේ ආකාරයට ගේම් ගැසීම නතර කරන්න කියාය . නැතහොත් ඔබේ දොරටුවට මීළඟට තට්ටු කරන්නේ ස්ත්‍රී දූෂකයෙක් හෝ අපරාධකාරුවෙක් විය හැක.

(උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...