The Leader News
BREAKING
Top Ad
Opinion

අපරාධ සහ මාධ්‍ය අතර සම්බන්ධය | Samabima Party

T

The Leader Desk

February 14, 2026 • 5:01 AM

අපරාධ සහ මාධ්‍ය අතර සම්බන්ධය | Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව තුළ අධිකරණ පද්ධතිය විසින් අපරාධ නඩු මේ වන විට විසඳමින් පවතී.
  • අප මෙරට ජනතාවගෙන් ඉල්ලන්නේ මෙම මාධ්‍ය විසින් සිදුකරන පොරවල්කරණයට හසු නොවන ලෙසයි.
  • එක් පැත්තෙන් ගත් කල දිලිත් ජයවීරට රට ජාතිය පිළිබඳ කැක්කුමක් ඇතිවී රට පුරාම දුවමින් රට සහා ජාතිය බේරා ගැනීමට ඉදිරියට එමින් සිටියි.
  •   දිලීත් ජයවීරට මෙතරම් දුර යාමට මාලිමා ආණ්ඩුව ඉඩදීම තුළින් පෙනී යන්නේ මාලිමා ආණ්ඩුවද දිලිත් සමග යම්කිසි ගේමක් ගසමින් සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් අනික් පැත්තෙන් බැලූ කල පෙනීයන තවත් දෙයක් වන්නේ මාධ්‍ය තුළ රට ජාතිය බේරගන්න මෙම අපරාධයන් ඔස්සේ අපරාධකරුවන් පොරවල් කරන බවයි. අප මෙරට ජනතාවගෙන් ඉල්ලන්නේ මෙම මාධ්‍ය විසින් සිදුකරන පොරවල්කරණයට හසු නොවන ලෙසයි. මන්ද මේ සියල්ලගෙන්ම සිදුවන්නේ අවසානයේදී රට විනාශ මුඛයට ඇද දැමීම වන බැවිනි.

එක් පැත්තෙන් ගත් කල දිලිත් ජයවීරට රට ජාතිය පිළිබඳ කැක්කුමක් ඇතිවී රට පුරාම දුවමින් රට සහා ජාතිය බේරා ගැනීමට ඉදිරියට එමින් සිටියි. ඒ හරහා අධිකරණ තීන්දු සහ එහි කාර්ය පටිපාටිය විවේචනය කරමින් සිටි.

 


දිලීත් ජයවීරට මෙතරම් දුර යාමට මාලිමා ආණ්ඩුව ඉඩදීම තුළින් පෙනී යන්නේ මාලිමා ආණ්ඩුවද දිලිත් සමග යම්කිසි ගේමක් ගසමින් සිටින බවයි. මෙය එසේ නොවන්නේ නම් පුළුවන් නම් මාලිමා ආණ්ඩුවේ  එකෙනෙක් ගිහිල්ලා දිලිත් ජයවීරට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිවිල් නඩුවක් දාන්න. එහෙම නොකරන්නේ නම් අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ අනුර කුමාර ජාතිවාදය අල්ලගෙන ගේම් එකක් ගසමින් සිටින බවයි. ඒක කරන්නේ මීළඟ මැතිවරණවලින් ජයග්‍රහණයය කිරීමටය. එනම් මීළඟ ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් මාලිමා, පොහොට්ටු, ස.ජ.බ.( මේ තියෙන්නෙත් U.N.P. ඡන්දමන්දම තමයි) ගොඩවල් තුනකට වෙන්කර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමයි. (අපි නොදන්න ගේම්)

මේ ගේම් එක මීට කලින් ගැසූ අය අතර චන්ද්‍රිකා සහ රනිල් වික්‍රමසිංහ ඉදිරියෙන්ම ඉන්නවා. මේ ගේම් එකේ ගොදුරු බවට පත් වුන අය තමයි මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. මේ ජාතිවාදී ගේම් එකෙන් අවසානයේ රට විනාශය මුඛයට යාම සිදුවේ.

Anura kumara disanayaka 251004

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ ගේම් එක නතර කිරීමට කල් බලන්නේ රටේ නීතිය ප්‍රමාණවත් නොවන බව පවසමින් නම් අප ප්‍රකාශ කරන්නේ මෙරට ජාතිවාදී ගේම් එක නතර කිරීමට අවශ්‍ය නීතිය සහ ආයතන මේ වන විටත් සම්පාදනය වී ඇති බවයි. සිවුරු රඳවනවලට බොරුවට බයේ සිවුරු රඳවන උඩ දමමින් සිටීමේ ප්‍රතිඵල ජනාධිපතිවරයාට දැකීමට අවශ්‍ය නම් ලිබියාව, සිරියාව , බංගලිදේශය, නේපාලය දෙස බලන්න.

ලංකාවේ ජාතිවාදී කලකෝලාහලවලින් සිද්ධ වෙන්නේ ගොඩනැගෙමින් පවතින "ආර්ථිකය සහ අධ්‍යාපනය" ආදී ක්ෂේත්‍රයන් සියල්ලම හොම්බෙන් යාමයි.

නාමල්ටත් අප කියන්නේ ජාතිවාදය චුන්කර රටේ ප්‍රශ්නයක් ඇති වුවහොත් එම ප්‍රශ්නය විසඳීමට වෙනත් රාජ්‍යයක් බාර ගතහොත් වෙන්න නියමිත දේ දැකීමට ලිබියාවේ ගඩාෆිගේ පුතාට මෑතකදී සිදුවූ දෙය දෙස බලන්න කියාය . මේ වන විට ලිබියාවේ ප්‍රශ්න විසදීමට බාරගෙන ඇත්තේ ඇමෙරිකාවයි.

සිහිය සහිත දේශපාලඥයන්ට අප අනතුරු අඟවන්නේ තමන්ගේ දේශපාලන කටයුතුවලට අපරාධකරුවන් හවුල් කරගෙන තමන්ගේ දේශපාලනය විනාශ කර නොගන්නා ලෙසයි . මේ සඳහා උදාහරණ අවශ්‍ය අය ලලිත් ඇතුලත්මුදලිට රත්මලාන පාතාලය නිසා සිදුවූ දේ හදාරන්න.

පහත පළවන වීඩියෝව හොඳින් නරඹන්න. දීප්ති කුමාර ගුණරත්න විසින් ජාතිවාදය හා රටේ පාලන කටයුතු කෙරෙහි මාධ්‍ය බලපාන ආකාරය පිළිබඳව සිදු කරන පැහැදිලි කිරීම අසන්න.

වෙමින් පවතින දේ වටහා ගන්න.



උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...