The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරාධපුරය ළමා අපයෝජනය ; කඳුලු වෙනුවට ග්ලිසරින්... | Samabima Party

T

The Leader Desk

May 5, 2026 • 11:00 AM

අනුරාධපුරය ළමා අපයෝජනය ; කඳුලු වෙනුවට ග්ලිසරින්... | Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට ටික දිනකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ළමා නිවාස වල රාජ්‍යය බාරයේ ඇති දරු-දැරියන් උදෙසා සංවිධානය කල උත්සවයකට සහභාගී වූ අතර එහිදී සංවේදී වූ එතුමා ෆෝඩියම් එකෙන් බැහැරව ගොස් සිය කදුලු පිසදාගත්තේය.
  •   අන්ත දරිද්‍ර පීඩිත පවුලකින් එන අනුරාධපුරයේ දැරිය සිය කුටුම්භය වෙනුවෙන් තමන්ට ඇති එකම වත්කම වූ ශරීරය විකුණා දමයිනම් එය සැබෑ කදුලු පිළිබඳව ඇති නිර්ණායකයකි.
  • යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවෙන ක්‍රියා පටිපාටියද විනිවිදභාවයකින් පැවතීම රාජ්‍යයක පැවැත්ම පිළිබඳව ඇති සලකුණකි.
  • චෝදනා එල්ලවී ඇති අටමස්ථානාධිපති පල්ලේගම පේමරත්න හා මහජන සාමය සහ නීතිය අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න අතර ඇති ඥාතීත්වයක් පිළිබඳව තොරතුරු හෙලිවී ඇති අතර මේ චීවරදාරීන්ව බුද්ධාගම හා සම්බන්ධ කිරීම තක්කඩිකමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු බාර ඇමතිනී සාවිත්‍රි පෝල්රාජ් මහත්මියද සහභාගී වී සිටි අතර එම වීඩියෝව වයිරල් වූවේ ජනාධිපතිවරයාගේ සංවේදීතාවය පිළිබඳව කවි ගී රචනා සහිතවය.

රාජ්‍යයක් නිර්ධන පංති බලවේගයක් විසින් අත්පත් කරගත් පසු එය නැවත ව්‍යුහගත විය යුත්තේ බලය ලබාගත් පංති පදනමට අනුකූලවය. එසේ නොමැති විටෙක එය "පොලිටිකල් ගේම්" එකකින් එහාට ගමන් කරන්නේ නැත. පෙර රාජ්‍ය පාලකයන් සිටි පාලක පංතිය මෙන්ම ඔවුන්ගේ තුරුලේ නැලවුනු ආගමික සංස්ථාපිතයන්ට අයත් පූජකයන්ද ඔවුන් කරනු ලැබූ දූෂිත ක්‍රියාද බැහැර කල යුතුවන්නේත්, ඒවාට එරෙහිව මතවාදීව සිට ගත යුත්තේත් ඒ නිසාය.

 

thero arrest

අන්ත දරිද්‍ර පීඩිත පවුලකින් එන අනුරාධපුරයේ දැරිය සිය කුටුම්භය වෙනුවෙන් තමන්ට ඇති එකම වත්කම වූ ශරීරය විකුණා දමයිනම් එය සැබෑ කදුලු පිළිබඳව ඇති නිර්ණායකයකි. ඒ සදහා අදාල දැරියව අපයෝජනය කල සියලුම දෙනා තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණ වීමත් නීතිය ඉදිරියේ ඔවුන්ව පරීක්ෂාවට ලක් කිරීමත් කල යුතු කාර්‍යයකි. යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවෙන ක්‍රියා පටිපාටියද විනිවිදභාවයකින් පැවතීම රාජ්‍යයක පැවැත්ම පිළිබඳව ඇති සලකුණකි.

චෝදනා එල්ලවී ඇති අටමස්ථානාධිපති පල්ලේගම පේමරත්න හා මහජන සාමය සහ නීතිය අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න අතර ඇති ඥාතීත්වයක් පිළිබඳව තොරතුරු හෙලිවී ඇති අතර මේ චීවරදාරීන්ව බුද්ධාගම හා සම්බන්ධ කිරීම තක්කඩිකමකි. සිවුරක් වත දැරූ පමණින් කෙනෙක් බුදුන් සරණ ගිය සංඝ සමාජයට අයිතියැයි උපකල්පනය කිරීමම දෝෂයකි. විනය පිටකය හරහා බුදුන්වහන්සේ සිය සංඝ සමාජය වෙත සීමාවන් සලකුණු කලේ නිකම්ම නොවේ. දුස්සීල භික්ෂූන් සාසනයෙන් නෙරපා හැරීම පිළිබඳව මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීම හීන් කෙදිරියක් දක්වා පල්ලම් බැස තිබේ. උපයාගත් සමාජ ප්‍රාග්ධනය හෝ සංඛේතීය චන්ඩිකම් බුද්ධ ශාසනයට අදාල නොවේ.

ගම්පහ පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යාංශය සිය මූලික විමර්ශන මනාව මෙහෙයවා ඇති අතර දැරියගේ සාක්ෂිය සහ ස්ථානීය පරීක්ෂාව ගැලපී තිබේ. කෙසේ නමුත් දැරියගේ ඇදුම් පිළිබඳව DNA පරීක්ෂාව පිළිබඳව පොලීසියට බලා ඉන්නට සිදුවී ඇත. විමර්ශනයේ ඉදිරිය පිළිබඳව බාධා කිරීම් එහි මුදුනේ ඇති බල කේන්ද්‍රය හා සම්බන්ධිතය. ජනාධිපතිවරයා මැදිහත් විය යුත්තේ මේ බලකේන්ද්‍රය විමර්ශන වලට බාධා කරයිනම් එය ඉවත් කිරීම පිනිසය. ඊට ධෛර්‍යය ජනාධිපතිවරයා පෙන්වා නොසිටියහොත් එය නිර්ධනයන් පිළිබඳව ඔහුගේ කඳුලු හෝ අදහස් සිය සත්‍ය දේශපාලන ව්‍යාපෘතිය කෙරෙහි කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කිරීමකි.

අපි පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ මේ නිවට හැසිරීමට සමාව දෙන්නේ නැත. අපිට අනුව මේ දැරිය අපේ පංතියේ පීඩිතයෙකි. තඹුත්තේගම උපන් ජනාධිපතිවරයාගේ පංතිය කොලඹට මාරුවී ඇත්නම් ටිල්වින් ඔලුව පොලොවේ ගසාගත යුතුය. ජ.වි.පෙ.කාඩර් එක පීඩිතයන්ගේ විමුක්තිය පිළිබඳ කියන ලද කතාන්දර රෝල් කර පස්සේ ගසාගත යුතුය. බලවත් පූජකයෙකු ඉදිරියේ දෙකට නැවෙන කොඳු සහිතව, නිර්ධන පංති රාජ්‍යයක් පිළිබඳව කථා බොරු පුරාජේරු හා බලය පවත්වාගෙන යාමේ මුසාවාදබව පිළිගත යුතුය.

 

child 251028

මෙරට කිසිදු වාමාංශික තක්කඩියෙකුට මේ දැරිය වෙනුවෙන් කතාකිරීමට නොහැකි වී ඇති ස්ථානය ඇත්තේ ඒ තුළමය. ස්ත්‍රීන්ට හිංසා සහ ඔවුන්ව ලිංගික භාණ්ඩ ලෙස පාවිච්චි කල වාමාංශික අතීතය තළ කටයි-පුකයි වසා සිටිනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක්ද මේ තක්කඩියන්ට නැත. කුමාර් මහත්තයා පිළිබඳව ලියන පොත එලියට පැමිණීමට නියමිත අතර රැඩිකල් වාමාංශික නරුමයන්ගේ සැබෑ සත්‍ය එලිවෙනු ඇත. ඕපාත සහෝදරයා වන්දනා කරන නායකත්වය පිළිබඳව ලෙනින්ගේ අදහස පොත ලියන සහෝදරයා උස්සා පොලොවේ ගසනු ඇත.

ජඩ-මාධ්‍ය තුළද ඇකඩමියාව තුළද ස්ත්‍රීන්ගේ ලිංගික සූරාකෑම් පිළිබඳව ඇති කතාන්දර අපි නොදන්නවා නොවේ. අගමැති හරිනිගේ සිට ලක්මාලි හේමචන්ද්‍ර දක්වාත් සාවිත්‍රි පෝල්‍රාජ්ගේ සිට නිලන්ති කොට්ටච්චි දක්වාත් මාලිමාවේ ස්ත්‍රීන් ලැජ්ජා විය යුතුය. ජෙන්ඩ බැලන්ස් වෙනුවට ජුන්ඩා බැලන්ස් කරන ලංකාවේ අධිපති ආයතනික බලරටාවට නිවට ලෙස යටත් වන මේ සියලුම දෙනා අපිට අනුව නිර්ධනයින් වෙනුවෙන් පෙනී සිටින්නන් හෝ කාන්තා හා දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් නොවේ.

abusse

ලබාගත් බලය රැකගැනීම වෙනුවෙන් ඕනෑම දූෂිත ක්‍රියාවක් කරනු ලබන බලවන්තයින් සමඟ සිට ගැනීම පංති දේශපාලනයක් නොවේ. සැබෑ කඳුලු යනු පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීම නිසා අත්පත් කරගන්නා ආත්මීය හැගීමකි. එසේම ඒවා ග්ලිසරින් වලින්ද උපද්දවා ගත හැකි ද්‍රාවණයක්ද වෙයි.


(උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන් )

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුරාධපුරය ළමා අපයෝජනය ; කඳුලු වෙනුවට ග්ලිසරින්... | Samabima Party | The Leader