ප්‍රමාදය පිළිබඳව බිහි වී ඇති සමාජ විවේචනය විවේචකයන්ව කොටස් දෙකකට බෙදයි.
1) යථාර්ථය මත රඳා පවතින ඉන්ද්‍රිය-ගෝචර විවේචනය. රංවලට ආචාර්ය උපාධියක් ඇත්තටම තිබෙනවා ද? ඔහු අපව රැවැට්ටුවා ද? බහලුම් 356 යෙන් මාළිමා ආණ්ඩුව සොරකම් කරා ද? යනාදී වශයෙන්……….
2) යථාර්ථය විවේචනය කිරීමෙන් හෝ ඒ පිළිබඳව තොරතුරු, දත්ත, විස්තර ජනතාවට ලබා දීමෙන් බාහිරින් පවතින යථාර්ථය වෙනස් නොවේ. මන්දයත්, යථාර්ථය යනුම සැබෑවෙන් අපව ආරක්ෂා කරන ෆැන්ටසියක් නිසා ය.
ධනවාදය යනු, අසාධාරණය මත පදනම් වන සමාජ-ක්‍රමයක් නිසා විවේචනයට සහ විචාරයට ධනවාදය ඉඩ දෙයි. හේතුව වන්නේ, ධනවාදයට පුනර්ජීවනය පැමිණෙන්නේ ප්‍රතිසංස්කරණය හරහා වීමයි. ලිබරල් ආකල්ප වලට විශේෂ අවධානයක් යොමු වන්නේ, මේ නිසා ය.
එම නිසා, විවේචනයට, විච්ඡේදනයට ලක්විය යුත්තේ ‘යථාර්ථය’ පැත්ත නොව එහි ප්‍රාථමික සහ පරමාදර්ශී පැත්ත වන ‘සංකල්පය’ පැත්තයි. යථාර්ථය මතට වැටී ඇති සංකල්පයේ ප්‍රතිවිරෝධය පෙන්වා දුන් විට දී, මිනිසුන් යථාර්ථය වෙනස් කරන සැබෑ ක්‍රියාවලිය හඳුනා ගනියි. මාළිමාවට ඡන්දයට පෙර කඩේ ගිය මිනිසුන් දැන් එය විවේචනය කරන විට දී එහි දිශානතිය අපි වෙනස් කළ යුතුය. ‘මේ මාළිමා ආණ්ඩුව ගැන නෙවි, ඇයි ඔයා මාළිමාවට කලින් ආශා කරේ කියලා අපට පහදන්න’
කියන්න. එවිට, මාළිමාවට කඩේ ගිය ඔවුන්ගේ ආත්මීය සාධක හෙළිදරව් වනු ඇත.
එතකං සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි!
| Samabima Partysamabimalk@gmail.com
උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..




