The Leader News
BREAKING
Top Ad
Opinion

ෆැසිස්ට්වාදයට හරවන බුදු දහම රාජපක්ෂලාගේ ද? - ආර්ථික ප්‍රශ්න වෙනුවට අනෙකාගේ විනෝදය පැහැර ගැනීම | Samabima Party

T

The Leader Desk

May 13, 2026 • 4:53 AM

ෆැසිස්ට්වාදයට හරවන බුදු දහම රාජපක්ෂලාගේ ද? - ආර්ථික ප්‍රශ්න වෙනුවට අනෙකාගේ විනෝදය පැහැර ගැනීම | Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (12) දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම ඉදිරියට කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම ඉදිරියේ නාමල් ගේ ඊනියා ජනතාව එකම කාලගෝට්ටියක් ඇති කලේ ය.
  • ඒ වෙනුවට ඇත්තේ කුමන හෝ ආකාරයකින් මුදල් හම්බ කරගැනීමට දත කන මධ්‍යම පංතියකි.
  •   පසුගිය දිනවල මාතෘකා බවට වූ බොහෝ පුද්ගලයන්ගේ ගැටලු දෙස බැලූ කල පෙනී යන්නේ මේ සිටින්නේ කුමන හෝ අපරාධයකට හවුල් වී කෙසේ හෝ මුදල් හම්බ කරගැනීමට උත්සාහ දරණ පිරිසක් වන බවයි.
  • ඒ අනුව ගත් කල අග්ගොණ චන්දරෙ, මරුසිරා වැනි අයද  රට, ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය බවට පත් කළ හැක.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ මේ මොහොතේ සිහිය ඇති සිවිල් සමාජයක් නොමැත. ඒ වෙනුවට ඇත්තේ කුමන හෝ ආකාරයකින් මුදල් හම්බ කරගැනීමට දත කන මධ්‍යම පංතියකි.

 

697225690 1505660634259460 4617062444535949505 n
පසුගිය දිනවල මාතෘකා බවට වූ බොහෝ පුද්ගලයන්ගේ ගැටලු දෙස බැලූ කල පෙනී යන්නේ මේ සිටින්නේ කුමන හෝ අපරාධයකට හවුල් වී කෙසේ හෝ මුදල් හම්බ කරගැනීමට උත්සාහ දරණ පිරිසක් වන බවයි. මොවුන් නෛතික රාමුව තුළ මුදල් හම්බ කර ගැනීම වෙනුවට අපරාධ ආර්ථිකය තුළින් මුදල් හම්බ කර ගැනීමට උත්සාහ දරයි. ඒ අනුව මොවුන් ලුම්පන් බුර්ෂුවා පාන්තිකයන්ය. මොවුන් වනාහී  ලුම්පන් සංවර්ධනයේ ප්‍රතිඵලයන්ය .

සීලාචාර සමාජවල දී අපරාධකාරයන් ව රාජ්‍යයට ඉහලින් ඔසවා තබන්නේ නැත. එවැනි ගැටළු විසඳන්නේ අධිකරණය විසිනි. ඒවා විසඳීමට මාධ්‍ය පැමිණෙන්නේ නැත. නමුත් ලංකාවේ සිදුවන්නේ මෙහි අනිත් පැත්තය. එහිදී අපරාධකාරයන්ව රාජ්‍යයට වඩා ඉහළින් ඔසවා තබයි. ඒ අනුව ගත් කල අග්ගොණ චන්දරෙ, මරුසිරා වැනි අයද  රට, ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය බවට පත් කළ හැක. මෙම නැටුමේ ඉහළින්ම සිටින්නේ දිලිත් හා රේණුක යන දෙබෑයන් ය. මොවුන් රාජ්‍යයට වඩා අපරාධකරුවන් පුම්බා දක්වයි.

මෙවැනි තත්ත්වයක් 1939 දී ජර්මනියේ දී ද සිදුවූ අතර එය 1945 දී අවසන් වන්නේ ජර්මනියෙ බර්ලින් නගරය සම්පූර්ණයෙන්ම අළු දූවිලි ගොඩක් බවට පත් කරමිනි.

මේ කරමින් සිටින්නේ විපක්ෂය කොටස් හතරකට බෙදීමයි..

 

695628402 1415297063961547 3120739719917316306 n
මාලිමා ආණ්ඩුව බලයට පැමිණ සිදුකරමින් සිටින්නේ වෙනම ගේමක් ගැසීමයි. මේවා වෙන කවුරුත් නොදන්නවා වුනාට අපි නං හොඳට දන්නවා.

මේ කරමින් සිටින්නේ විපක්ෂය කොටස් හතරකට බෙදීමයි. නාමල් රාජපක්ෂ පවා මේක හොඳටම දන්නවා. නමුත් නොදන්නා වගේ ඉන්නවා.(මෝඩ නරුමයා). නමුත් නාමල් දඟලනවා මොනවා හරි කරන්න. ඒත් මුකුත් කරගන්න හම්බවෙන්නේ නෑ. නාමල් කොච්චර උඩ පැන්නත් තවම ගම්වල මිනිස්සු ආණ්ඩුවට විරුද්ධ වෙන්නේ නෑ. තවමත් ගම්වල මිනිස්සු ආණ්ඩුව එක්ක මතවාදී ව බිඳිල නැහැ.

විපක්ෂයේ මතවාදී බලය තියෙන 'සමබිම පක්ෂය' වන අපි කියන්නේ නාමාල් රාජපක්ෂ ඔයාට ආයේ ඔය සෙල්ලම කරන්න අපේ ඉඩ තියන්නෑ . ඔයා එනවනං ඔය ජාතිවාදී කොඩිය බිම තියලා එන්න. අරගලයට කලින් ඔයා වටේ හිටපු කට්ටියම තමයි අරගලේදී ඔයාලගේ ජීවිත නැති කරන්න හැදුවේ. ඒකෙන් ඔයාලගේ ජීවිත බේරුනෙත් අනූනමයෙන්. ඔයාලා වටේ ඉන්න ඔය ලුම්පන් පාදඩයන් සල්ලි වලට ඕනෑම දෙයක් කරනවා. නරුම ෆැසිස්ට්වාදී  වර්ගවාදී මධ්‍යම පංතිය ඊළඟ පාර ගඩාෆිට කරපු දේ තමයි ඔයාලටත් කරන්නේ.

දිලිත්, රේණුක කියන දෙන්නා නෙමෙයි. මේ වෙලාවේ මේ රට තුළ මතවාදය ගෙනියන්නේ Palantier කියන CIA ආයතනයට අනුබද්ධ  සමාගම විසින්. ඒ අය හොඳාකාරවම දන්නවා දිලිත් වටේ ඉන්නෙ කවුද, නාමල් වටේ ඉන්නෙ කවුද කියලා. එයාලට ඕනෙ විදියටයි දැන් මේ රටේ වැඩේ යන්නේ.

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස දඟලන එකෙන් පේනවා මේ රටේ ආර්ථිකය හදන්න නෙමෙයි එයාලට ඕනේ මිනිස්සුන්ට පොඩි ආතල් එකක් දෙන්න කියලා. ඔය දේම 1933 දී ජර්මනියේදී සිද්ධ වුණා. ජර්මන් ss බටයන්ට අවි ආයුධ දුන්නා ගිහින් යුදෙව් ස්ත්‍රීන්ව දූ#ණය කරන්න කියලා. නමුත් කිසිදු සොල්දාදුවෙකුගේ පඩිය වැඩි වුණේ නැහැ. ඒකෙන් කියන්නෙ "බලය " පහළ පන්තීන්වලට දෙනවා නමුත් ආර්ථික ගැටලු විසඳන්නේ නැහැ කියන එක. ඒක විනෝදය පිළිබඳ ගැටලුවක්.

689013529 1411781010979819 5211020581439599491 n
ගුණදාස අමරසේකර නලින්ද සිල්වා වැනි පුද්ගලයන් කතා කරන ජාතිකත්වය නෙමෙයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. අපි කියන්නේ ජාතිකත්වය වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින පිරිස්වලට මේ එක එක තක්කඩියන්ට අහුවෙන්න එපා කියලා. නාමල් විපක්ෂය ජාතිවාදීකරණය කරමින් ඉන්නේ. නපුන්සක විපක්ෂ නායකවරයා වගේ අපි නාමල්ට ජාතිවාදය නැවත උඩට උස්සන්න ඉඩ දීලා බලාගෙන ඉන්නෙ නැහැ. නාමල්ව මේ වෙලාවේ ජාතිවාදය නැමැති ග්‍රීස් ගහේ නග්ගමින් සිටින්නේ ඇමෙරිකාව. නාමල් මතක තියාගන්න ඔයා ඔය ග්‍රීස් ගහේ ඉහලටම නැගලා කොඩිය ගත්තට නැවත පහළට බහින්න වෙනවා කියලා.

අනුර කුමාරටත් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වෙලාවේ විපක්ෂය කෑලි හතරකට කඩන්න.  ඒක නිසා ඒක මේ වෙලාවේ හොඳටම කරමින් ඉන්නේ නාමල් රාජපක්ෂ. විපක්ෂ ජාතිවාදී පැත්තට ගෙන යමින් ඉන්නේ මේ නිසා. මේක මේ වෙලාවේ ආණ්ඩුවට ඉතා වාසි සහගතයි. විපක්ෂය ජාතිවාදයට යනකොට ජාතිවාදයට විරුද්ධ එ.ජා.ප.යේ බලවේග වලට යන එනමන් නැති වෙනවා. ඒකෙන් මීළඟ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ආයි පරදිනවා.

නාමල් දේශපාලන මෝඩයෙක් නිසා ජාතිවාදී ග්‍රීස් ගහේ ඉහලටම යන්නයි උත්සාහ කරන්නේ. නාමල් දන්නවා නාමල්ට 2029 දී ජනාධිපතිවරණයෙන් දිනන්න බෑ කියලා. ඒකට අවශ්‍ය බුද්ධිමය නායකත්වයක් නාමල් රාජපක්ෂ වටා නැහැ. ඉන්නේ ඉරාජ් වීරරත්න, මිලින්ද රාජපක්ෂවගේ කම්බ මෝඩයෝ. කවුද කැමති 2029 දී ඉරාජ්, මිලින්ද වැනි මෝඩයන් අතින් පාලනය වෙන්න. මේ බව දැන දැනත් මිනිසුන්ව ජාතිවාදීව බෙදා වෙන් කරන්න නාමල් උත්සාහ කරනවා.

ඒකටම හරියන්න social media තක්කඩි ටිකකුත් ඉන්නවා. මේ තක්කඩිත් කොටස් දෙකකට බෙදිලා ඉන්නේ. එක කට්ටියක් පවතින තත්ත්වය අගය කරනකොට අනිත් කට්ටිය එකට විරුද්ධව වැඩ කරනවා. මේ දෙගොල්ලෝම මේ වැඩේ කරන්නේ සල්ලි වලට. මේ ලැබෙන සල්ලි වලින් හවසට හොඳට කාල බීලා ගෙදර ගිහිල්ලා ආයෙ ඇවිත් මොනවා හරි දොඩවනවා. කම්ඹ තක්කඩි.

අපි දන්න විදිහට ඒකාබද්ධ  විපක්ෂය ජාතිවාදය පැත්තට යන්න විදිහක් නෑ. පාඨලී චම්පික රණවක වගේ ජාතිවාදින් නම් කොහොමත් මුලින්ම ජාතිවාදී කොඩි උස්සගෙන දුවන බව අපි දන්නවා. එහෙත් අපිට ගැටළුව වෙලා තියෙන්නේ රාජිතලා වගේ මිනිස්සු මොකටද මේ ජාතිවාදය පැත්තට යන්නේ කියන එක.

මේ ජාතිවාදී ගේම් එක පිටිපස්සේ ඇමරිකාව ඉන්නේ නිකන් නෙමේ. ඇමරිකාවට ඕනේ ඉන්දියාව වටේ තියෙන රටවල් ටික අස්ථාවර කරලා දාන්න. මේක ඉන්දියාවත් හොඳටම දන්න නිසා ඉන්දියාව ලංකාව තුළ නාමල් රාජපක්ෂ නටවන රිලා නැටුම් ටික හොඳට බලාගෙනෙන ඉන්නවා. මොකද මේ ජාතිවාදී ගේම් එක නේපාලය, බංග්ලාදේශය, වගේ රටවල් වල සිද්ධ කරා, ඒවගේම මැලේසියාව තුළ කරන්න උත්සහ කලා. ඉතින් ලංකාවටත් මේක වෙනකන් ඉන්දියාව අහක බලාගෙන ඉඳී කියලා නාමල් ඔයා හිතන්න එපා.

අනිත් පැත්තෙන් ගත්තහම නයි හාමි ජාතිකවාදය වෙනුවෙන් පෙනී හිටියට එයාට ගොඩක්ම උදවු ලැබුණේ USAID එකෙන්. දැන් නයි හාමි නින්දෙන් බයවෙලා නැගිට්ටා වගේ මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා " කපිල මගේ මිත්‍රයෙක් එයා අඳුරට ගියා කියලා". එතකොට නයි හාමි ඔයත් හිටියේ ඒ අඳුරෙ නෙමෙයිද? ඔයා අඳුරට වෙලා භාවනා කලාද?

අපි ඔය දේශපාලන රැළි උඩ යට යන විදිය හොඳටම දන්නවා. එක එක චිත්‍රපටිය හැදුනහම ඒ චිත්‍රපටි වලට  YOUTUBE හිඟන්නෝ ටික පහර දෙනවා. මේ පහරදීම් නවත්තන්න එයාට සල්ලි දෙනවා. ඒ සල්ලි කොටසකට ලැබෙන කොට අනිත් අය පහර දෙනවා. එතකොට අනිත් කොටසටත් සල්ලි දෙනවා. මේ දෙකොට්ඨාසයම ගිහිල්ලා හවසට හොඳට බඩ කට පැලෙන්න කනවා. ඔහොම තමයි ලංකාවේ සමාජ මාධ්‍ය වැඩ කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අල්ලස් කොමිසම ඉස්සරහට යනවා කියලා මේ සමාජ මාධ්‍ය හිඟන්නන්ට කියලා ඒ අයට දවසට ඩොලර් දාහක් ගෙවනවා කියලා කිව්වොත් මේ හිඟන්නො ටිකම කලිසම් නැතුව ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටින්න ගන්නවා. එහෙම නැත්නම් අපිට කියන්න.

අපි සජිත් ප්‍රේමදාසට ස්තූති කරන්න ඕනේ ..

 109791449 gettyimages 1180805406 594x594
කොහොම වුණත් අපි සජිත් ප්‍රේමදාසට ස්තූති කරන්න ඕනේ ජාතිවාදය අවුස්සන්න උඩ ගෙඩි නොදීම සම්බන්ධයෙන්.

අපි කියන්නේ මේ රටේ මීළඟ බලය ලබාගන්නවනම් ලබා ගන්න ඕනෙ ජාතිවාදය අවුස්සලා නෙමෙයි. ඒකෙන් බලය ලබා ගත්තොත් වෙන්නේ මේ රට අළු දූවිලි ගොඩක් බවට පත්වෙන එක. තලපති විජය වගේ පාදඩයන්ගෙන් මේ රට දියුණු කරන්න බැහැ. ඒ වගේම ආර්ථික ප්‍රශ්න වෙනුවට අනෙකාගේ විනෝදය පැහැර ගැනීමට පොරොන්දු දීමෙන් කිසිවක් වෙනස් වෙන්නෙත් නෑ. එසේ නම් කළ යුත්තේ බුද්ධිමය විපක්ෂයක් උඩඩනැගීම. එය ජාතිවාදය වෙනුවට සැබෑ ආර්ථික පරිවර්තනයක් වෙත ගෙනයාම අරමුණු කරගත් එකක් විය යුතුය. ඒ සඳහා සමබිම පක්ෂය මූලිකත්වය ගනු ලබයි. ආයෙත් කාටවත් ජාතිවාදී සෙල්ලම් මේ රටේ දාන්න අපි ඉඩ තියන්නෑ.

samabima| සමබිම පක්ෂය - Samabima Party
samabimalk@gmail.com

උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..
2026 මැයි 12

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...