The Leader News
BREAKING
Top Ad
Opinion

රාජ්‍යය සහ මිල්ටරිය ජාතිවාදීන්ගේ පුද්ගලික ප්‍රොජෙක්ට් එකක්ද ? | Samabima Party

T

The Leader Desk

May 21, 2026 • 9:21 AM

රාජ්‍යය සහ මිල්ටරිය ජාතිවාදීන්ගේ පුද්ගලික ප්‍රොජෙක්ට් එකක්ද ? | Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍යයක මිල්ටරිය (ත්‍රිවිධ හමුදාව) පිළිබඳව අපේ රටේ ඇති අදහස එක්, එක් කාලයට පවතින අධිපති දෘෂ්ටිවාදයට අනුව හැඩගැස්වෙන අදහසකි.
  • 60 දහසක ජීවිත අහිමි වීමෙන් කෙලවර වූ මේ අසාර්ථක අරගලයෙන් පසු මිල්ටරිය උතුර කරා හැරුනු අතර ඒ හා සමගාමීව දකුණට රාජ්‍ය මිල්ටරිය වීරයන් විය.
  • අවසන් වශයෙන් එය රාජපක්ෂ පවුලට කඩේ යන පුද්ගලික marketing project  එකක් බවට පත් විය.
  • උදා-  අපි වෙනුවෙන් අපි, රණවිරුවා.  2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්වනතුරු ලාංකීය රාජ්‍යය එහි පූර්ණ අදහසින් ජාතිවාදී වූවේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


87/89 යුගයේදී කිසිවෙකු ලංකාවේ මිල්ටරිය රණවිරුවන් ලෙස හැදින්වූවේ නැත. ජ.වි.පෙ. කැරලිකාරත්වය හරහා පැනනැගුනු අධිකතර ම්ලේච්ජත්වයට එරෙහිව රාජ්‍ය මිල්ටරිය මුදාහැරිය මෙහෙයුම් රටාව ඊට වඩා ම්ලේච්ජත්වයක් කරා ගමන් කලේය. රන්ජන් විජේරත්නගේ වචන වලින් කියන්නේ නම් බිත්තියට හේත්තු කල පසු ආපිට හැරී කරන පහරදීමෙන් තොර වෙනත් විකල්පයක් නැත. 60 දහසක ජීවිත අහිමි වීමෙන් කෙලවර වූ මේ අසාර්ථක අරගලයෙන් පසු මිල්ටරිය උතුර කරා හැරුනු අතර ඒ හා සමගාමීව දකුණට රාජ්‍ය මිල්ටරිය වීරයන් විය. අවසන් වශයෙන් එය රාජපක්ෂ පවුලට කඩේ යන පුද්ගලික marketing project  එකක් බවට පත් විය.

ජයවීර සමාගමේ Event management private limited. උදා-  අපි වෙනුවෙන් අපි, රණවිරුවා. 


2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්වනතුරු ලාංකීය රාජ්‍යය එහි පූර්ණ අදහසින් ජාතිවාදී වූවේ නැත. එය ලිබරල්ය. එහි අදහස නම් ජාතිවාදයට එරෙහි දෘෂ්ටිවාදයක් ද රාජ්‍ය තුළ ඉතිරිව තිබූ බවයි. එය වාමාංශික අර්ථයකින්ද ලිබරල් අර්ථයකින්ද රාජ්‍යයට බලපෑම් සහගත වූ අතර ජාතිවාදයෙන් රාජ්‍යය වෙලාගැනීම වලකාලීමේ තිරිංගයක් ලෙස එය ක්‍රියා කලේය.

ජ.වි.පෙ. 2005 දී මහින්ද රාජපක්ෂ දිනවීමට ගත් පිටුපස පැත්තේ දේශපාලනික තීන්දුවෙන් පසු ජාතිවාදීන්ගේ භාෂා ලෝකයට වාමාංශික භාෂාවද බද්ධ වූ අතර ජාතිවාදයට විරුද්ධ දෘෂ්ටිවාදය NGO, දෙමළ ඩයස්පෝරා සහ බටහිර සල්ලි වැනි අදහස් වලින් වසා දමා දේශද්‍රෝහීන් බවට ඔවුන්ව පත්කරන ලදී. ජාතිවාදීන්ට හිමිව තිබූ ජාතිකත්වය පිළිබඳව නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකරගේ ශිෂ්ඨ අදහස මේ හරහා අශිෂ්ඨ වූ හා ෆැසිස්ට්වාදී ව්‍යාපෘතියක් දක්වා ජ.වි.පෙ.විසින් දක්කාගෙන ගියේය. ෆැසිස්ට්වාදයේ මූලික ලක්ෂණය වන ආර්ථික ප්‍රතිලාභයකින් තොරව ජනතාවට ප්‍රකාශවීමට ඇති නිදහස රාජපක්ෂවරු විසින් එහි අශ්ලීල අන්තයටම රැගෙන ගිය අතර -  ගස් පස් වැලි තාර - එය උතුරේදී ප්‍රභාකරන්ගේ මලසිරුරට අමුඩය ගැස්සවීමේ සිට දකුණේදී පාරවල් පුරා කිරිබත් කෑම දක්වා එය ගමන් කලේය.


ඇෆ්ගනිස්ථානයේ මුල්ලා ඕමාර්ගේ ජාතිකත්වය පිනිස වූ අදහස ඇමෙරිකාව විසින් ISIS හරහා එහි ආශ්ලීල අන්තය කරා රැගෙන ගිය පසු ඉතිරිවූවේ අන්ත දූෂිත මූලධාර්මික ව්‍යාපාරයක් සේම ලංකාවේදීද ජාතිකත්වය පිළිබඳ වූ අදහස ජ.වි.පෙ.-හෙල උරුමය-රාජපක්ෂලා යන තුන් ඥාතීන් විසින් අන්ත දූෂිත වූ අශ්ලීල අන්තයක් වෙත දක්කන ලදී. නලින් ද සිල්වා වෙනුවට දිලිත් ජයවීරද, ගුණදාස අමරසේකර වෙනුවට විමල් වීරවංශද මේ යුගයේ ජාතිකත්වය තුල පොරවල් වෙන්නේ එහි ආනුභාවයෙනි. නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර බලාපොරොත්තු වූ ජාතිකත්වය තුළ තිබූ පාරිශුද්ධබාවය වෙනුවට පැමිණියේ හොරුන්, දූෂිතයන්, බඩුකාරයන් හා මාධ්‍ය කොම්පැනි ජාවාරම්කාරයන් රජකරනු ලැබූ ජාතිවාදයකි.

මිල්ටරිය යනු රාජ්‍යයක මහජනතාව විසින් පොදු බදු මුදල් භාවිතා කොට පවත්වාගෙන යනු ලබන ආයතනික ව්‍යුහයක් වන විට එය ලබන ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් සදහාද පොදු වගකීමක් ජනතාව වෙත තිබේ. එහි ජයග්‍රහණ පෞද්ගලික දේශපාලනික ව්‍යාපෘතියක් සදහා යමෙකු භාවිතා කල වහාම එහි ඇති පොදුභාවය අහෝසි වී යයි. රාජපක්ෂ රෙජීමය උතුරේ සිවිල් යුද ජයග්‍රහණය මිල්ටරියේ බාහිර සීමාවෙන් එලියට ගත් අතර ඒ හා සමගම ඒ තුළ  ඇති "එහිම වූ ස්වභාවය" අහෝසි වෙයි. හාල් මාෆියාවට එරෙහිව ගෝඨාභය විසින් එලි දක්වනු ලැබූ හමුදා ක්‍රියාන්විතය හරහා යුද හමුදාව ජෝක් වූවේ එහි සීමාව අපිට පෙන්වමිනි. ෂවේන්ද්‍ර සිල්වා ගෝඨාභය පිටුපස යාමේ සිට හමුදා බුද්ධි අංශ වල ඛේදවාචකය දක්වා කලාපය හරහා අපි දෘෂ්‍යමානයේ දුටුවේ මිල්ටරිය එහි සීමාවෙන් එලියට ගත් වහාම අහෝසි වෙන එහිම වූ ස්වභාවයයි.

අපිට දැන් ලිපියේ මූලික අදහස් වල ඇති න්‍යායික කාරනා පිළිබඳව අසීරු ලිවීමට එලඹිය හැකිය. එහි මූලික අදහස් පහත පරිදිය.

1. යුධ හමුදාව රාජ්‍ය උපකරණයකි. එයට අවශ්‍ය අරමුදල් සපයන්නේ පොදු මහජනයාගේ බදු මුදල් වලිනි. එනිසා එම පොදු ආයතනය ලබා ගත් ජයග්‍රහණ අයත් වන්නේ පොදු ජනයාට මිස තනි පුද්ගලයන් ට නොවේ. එසේ කරන්නේ "පොදුබව"  පුද්ගලික ආයෝජන සඳහා යොදා ගන්නා තක්කඩියන් ය.

2- දිලිත් ජයවීර හෝ නාමල් රාජපක්ෂ හෝ වීරවංශ හෝ කවරකු හෝ පොදුබව විකුණනගෙන කනවා නම් ඒ කරන්නේ පොදුබව පුද්ගලිකකරණය කිරීමයි. එයට අපි එරෙහි විය යුතුය. යුධ හමුදාව රාජපක්ෂ  පවුලේ ව්‍යාපාරයක් නොවේ.

3- ⁠යුධ හමුදාව සහ එහි සොල්දාදුවන් "රණවිරුවන්" ලෙස අලෙවිකරණ න්‍යායපත්‍ර ඉදිරිපත් කරන අයට දේශපාලනයෙහි කියන්නේ "ෆැසිස්ට්වාදය" කියාය.

4- ⁠ෆැසිස්ට්වාදය කරන්නේ මහජනයාට ප්‍රකාශ වීමට ඉඩ දීම මිස ජනයාට ආර්ථික ප්‍රතිලාභ ලබා දීම නොවේ.

 

nelson mandela 09060209807
5-ලෝකයේ බෙහෝ අරගලකරුවන්ට ජාතිවාදීන් ආගම්වාදීන් කිවේ ත්‍රස්තවාදීන් කියාය .
උදා - මැන්ඩේලා, රොබෙස්පියර් , මාවො, කස්ත්‍රෝ, ගාන්ධි, ලෙනින් , මැල්කම් x .

මේ හරහා සමකාලීන ලංකාවේදී මිල්ටරිය හරහා මතුවෙන දෘෂ්ටිවාදය පිළිබඳව පහත ප්‍රශ්නය සංවාදයක් සදහා විවෘත කල හැකිය.

*ඇයි ලිබරල් වමාංශික, ජාතිවාදී යන අදහස් 3න් ජාතිකවාදය සමාජ යථාර්ථය පහදන හෙජමොනිය වෙලා තියෙන්නෙ?

*නාමල් විමල් දිලිත් මේ අය අව්‍යාජ ජාතිකවාදීන් නම් ඒ අයට පැහැදිලි දුෂණ චෝදනා එන්නෙ කෙහොමද?

 

ranawiru 260519
*මැයි-19 සැමරීම ව්‍යාජ දේශප්‍රේමීන් අත රැදීමෙන් පොරවල් වෙන සුදු ඇදගත් මහත්වරු වෙන නාමල්, දිලිත්, විමල් වැනි අය රණවිරුවන් සැමරීම හරහා වසාගන්නේ තමන්ගේ ජීවිත වල ඇති කලු පැල්ලම් ය. 59 වෙනි සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ වචන වලින් කියන්නේ නම් මියගිය සිය ඥාතීන් සැමරීමේ අයිතිය මානුෂික අයිතියකි. එය ප්‍රභාකරන් සැමරීමකට ලඝු කරන ජාතිවාදීන් යනු පොදුබව ගසාගෙන සිය පුද්ගලික දේශපාලන ඇජෙන්ඩා සදහා මිල්ටරිය ගසාගෙන කන තක්කඩියන් ය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් යනු දූෂිතයෙක් හෝ වංචනිකයෙකු නොවේ. සිය ජීවිතය මෙන්ම සිය කුටුම්භයේ සියලුම ජීවිත සිය සටන සදහා කැප කල කෙනෙකි. ඔහු දෙමළ ජනතාව වෙත පරමාදර්ශයක් වන්නේ හා දෙමළ ජනතාවගේ සැමරීම අව්‍යාජ හා විමුක්තිදායක වන්නේ එමනිසාය. අන්ත දූෂිතයන්ගෙන් පිරී ඇති දකුණේ සැමරීම හරහා අපිට ලැබෙන කිසිදු පරමාදර්ශයක් නැත. එහි සිටින්නේ නාමල්, දිලිත් හා විමල් වීරවංශය. ඔවුන්ව නායකයන් ලෙස පිළිගන්නා ජනතාවක් ප්‍රභාකරන් හා ඔහුගේ සටනට වෛර කිරීම ස්වාභාවිකය. එවිටම රාජ්‍ය මිල්ටරිය දේශපාලන ප්‍රොජෙක්ට් එකක් සේ දූෂිතයන්ව ආරක්ෂා කිරීමට ඉහල මාලයට එසැවෙයි. මැයි -19 යනු මිල්ටරිය දේශපාලන ප්‍රොජෙක්ට් එකක් ලෙස තහවුරු කරනා දිනයයි.

දකුනට "වීරයෙක්" අහිමි විට ඔවුන් මුවා වන්නේ මිල්ටරියේ නිලඇදුමටය. නමුත් උතුරට "වීරයෙක්" සිටී. එනිසාම ඔවුන්ට නිල ඇදුමක් ද නැත.

samabima
| සමබිම පක්ෂය - Samabima Party
samabimalk@gmail.com
උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..
2026 මැයි 20

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...