මේ නිසා මේ කාලයේදී මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටලුව, ජුලම්පිටිය අමරේ ආදීන් ගැන මෙන්ම තාජුදීන් ඝාතනය ආදී පිළිබඳ කරුණු කරලියට පැමිණෙයි. මෙම කරුණු සමාජය තුළ අධිනිශ්චය වන අතරතුර ඒ හා සමානව ආර්ථික ගැටලුද මතුවීමට පටන්ගෙනන ඇත. එනම් ව්‍යාජ ප්‍රශ්න වෙනුවට සැබෑ ප්‍රශ්නය මතුවීම ලෙස මෙය දැක්විය හැක.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවන් විශාල විරෝධයක් දක්වයි. මේ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙය ජාතික සම්පතක් වන බවයි. නමුත් මෙම විදුලි ඉංජිනේරුවන් යනු ජාතික මුදලින් ඉංජිනේරුවන් බවට පත්වී පසුව විදුලි බල මණ්ඩලයේ වැටුප් ලබමින් එම මුදල් පෞද්ගලික ව්‍යාපාර සඳහා ආයෝජනය කරගත් හොඳ ගේම් කාරයන් ය. මොවුන් මේ වන විට විදුලි බල මණ්ඩලය තමන්ගේ ඉල්ලමක් බවට පත්කරගෙන ඇත. එම නිසා එය ජාතික සම්පතක් වීම කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවන්ගේ නිධානයක් බවට පත්වී ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීමට පුබුදු නිරෝෂන්ට අවස්ථාව ලබා දී ඇත. ඔහු සිදු කරන්නට යන්නේ විදුලි ඉංජිනේරු කුලයට විදුලි බල මණ්ඩලය ගැට ගසා ඒ තුළින් ධනය වැඩි කර ගැනීමයි. මේ ආකාරයෙන් පොදු ජන දේපළ මංකොල්ලකමින් ඒ මගින් සිය පවුල නඩත්තු කරමින් යැපෙන්නන් බවට විදුලි ඉංජිනේරුවන් පත් වී ඇත.
විදුලි බලමණ්ඩලය වෙනුවෙන් මිය යාමට පවා උත්සාහ කරන සජිත් ප්‍රේමදාසගේ ගෝල හුරතලුන් විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි. මීට ප්‍රථමව ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිතිද සිදු කළේ මෙයයි. මේ දෙගොල්ලන්ම කිසිදු වෙනසක් නොමැතිව ජාතික ධනය මංකොල්ල කෑම වෙනුවෙන් පෙනී සිටින්නන් ය. මීට කුමාර් වර්ගයේ වානර රංචුවත් ඇතුළත් වේ. මොවුන් ප්‍රගතිශීලීන් ලෙස පෙනී සිටින අන්ත ප්‍රතිගාමින්ය.
මෙම සියලු ජරමර ලංකාව තුළ සිදුවෙන අතරතුර ලෝක බැංකුව මෙරට ආයෝජන සම්බන්ධයෙන්ද අනතුරු අඟවයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙරට ආර්ථික වර්ධන වේගයක් අත් කරගෙන තිබුණද එය ප්‍රමාණවත් නොවන බව සහ විදෙස් ආයෝජන රට තුළට ගලා ඒම ප්‍රමාණවත් නොවන බවයි. මේ හා සමාන වාර්තාවක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද ඉදිරිපත් කරන ලදී. එහිදී ඔවුන් අවධාරණය කරන ලද්දේ ලංකාව තුළ ආයෝජකයන්ට හිතකර වාතාවරණයක් තවමත් සකස්වී නොමැතිි බවයි. තවමත් ලංකාවේ ශ්‍රමය නියාමනයට යටත් නැත . මේ නිසා ආර්ථික වශයෙන් ලංකාව ඉදිරියේදී ගැටලුවකට යාමට නියමිතය.
මෙම පොදු තත්ත්වය වටහා ගැනීමට හොඳම උදාහරණයක් john keels ආයතනය විසින් සපයනු ලබයි. ලංකාව තුළ මේ වනවිට විශාලම ණයකරුවන් අතර ජෝන් කීල්ස් සමාගම ඉදිරියටම පැමිණ ඇත. ඔවුන්ගේ fix cost [ දේපොල වැඩි නිසා එන වියදම් කලමණාකරණ ගැටලුව.] එක වැඩි නිසා ව්‍යුහාත්මකව ඔවුන්ට ණය කරුවන් වීමට බල කෙරී ඇත.
මෙම සමාගම ණය වී ඇත්තේ ලංකා බැංකුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය බැංකු වලටය. ජෝන් කීල්ස් සමාගමේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ පසුගිය රජයන් සමඟ එක්වී අත් කරගත් වරාය ජැටියයි. මෙය ඔවුන්ගේ ආදායමෙන් 80% කි.(කලින් මෙම ආදායම යනු රජයේ ආදායමකි .) මොවුන්ගේ ආදායමෙන් 20%ක ආදායම එන්නේ සුපර් මාර්කට් ඇතුළු අනෙකුත් ව්‍යාපාරයන් වලිනි. මෙම ව්‍යාපාරයන් යනු ගිණුම් ලිවීම සඳහා ඇති ව්‍යාපාරයන් ය. මේවායෙන් ලැබෙන්නේ රුපියල් ආදායමක් බැවින් එයින් ඇති වැදගත් කාර්ය වන්නේ super market එකට වඩා විශාල car park එකක් සාදා නගර තත්වකරනය කිරීමයි.

එසේම ඒ ඒ නගරවල වාහන තදබදයක් ඇතිකර නගරයම ජෑම් එකක් කිරීම පමණි. රුපියල් ආර්ථිකයක් මේ හරහා ගොඩනඟන බැවින් මේවායෙන් කිසිදු ආර්ථික අභිවෘද්ධියක් ඇතිවන්නේද නැත. John keels ආයතනය BYD වාහන ගෙන්වමින් එයින්ද ගේමක් ගැසීමට උත්සාහ දැරුවද එය ද අසාර්ථක විය. මෙම තත්ත්වය තව ටික දවසකින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් වන ඉෂාර නානයක්කාර සහ ධම්මික පෙරේරා වෙතරද පැමිණීමට නියමිතය. ඔවුන්ගේද fix cost වැඩි වන්නේ පිස්සුවෙන් මෙන් හැමතැනම දේපල ගන්නා නිසාය .
මෙම තත්ත්වය හේතුවෙන් අවසානයේදී සිදුවන්නේ මෙම පාඩුව විඳීමට, වන්දි ගෙවීමට සමස්ත සමාජයටම සිදුවීමයි. එනම් මෙම පොදු පාඩුව පියවීමට සිදුවන්නේ සමාජයටයි. එයින් අනාගතයේදී මෙරට බොහෝ පිරිසක් දිළිඳුභාවයට පත්වීමට නියමිතය.
මෙම තත්ත්වයන් මෙසේ තිබියදී අපි ජූලංපිටියේ අමරේ, පද්මේ, සලින්ත සහ දිලිත් ජයවීර සහ උදය ගම්මං පිලගේ කොළඹ සන්නි බලමිනු ආණ්ඩුව විසින් විකාශනය කරන නාට්‍ය නරඹමු. දෘෂ්ටිවාදය මත්ද්‍රව්‍ය තරමට දැන් බලවත්ය .
(උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්...)




