ටිරාන් අලස් විසින් සම්බන්ධීකරණය කරන විපක්ෂයේ රැළියක් පිළිබඳ කතාබහක් එළියට පැමිණ ඇත. ඊට සහභාගි වීම සඳහා පෙරට එන විපක්ෂ සන්ධානයේ ලැයිස්තුව ද කරළියට පැමිණ ඇත.
පොහොට්ටුවේ නාමල් රාජපක්‍ෂ තමන් ජාතිකවාදී දේශපාලනයේ තවමත් නිරත වන දේශප්‍රේමය සහ ගමේ හර පද්ධතිය ගැන අදහස් ප්‍රකාශ කරන දේශපාලකයෙකි. ඊට අමතරව, සමලිංගික විරෝධී, සුළු ජාතික විරෝධී මනස් පුතුන් වන උදය ගම්මන්පිල සහ වීරවංශ ද සහභාගී වන බව පවසයි. මොවුන් දෙදෙනාම ප්‍රතිගාමී සහ අතීතයට අයත් අතීත වේදනාත්මක හැඟීම් ජනයා තුළ අවුස්සන දේශපාලකයන් ය. ආර්ථිකය සහ දේශපාලනය පැත්තෙන් මොවුන් ප්‍රතිගාමී ය.
ඡායා : Shehan Gunasekara
ජාතිවාදය තම ‘දෙරණ’ නාළිකාව තුළ විකුණාගෙන කන දිලිත් ජයවීර ද මෙම විපක්ෂයේ රැළිය පිළිබඳව දැන් සිටම කස පුපුරවන්නට පටන්ගෙන ඇත. ඊට අමතරව, පශ්චාත්-පක්ෂ යථාර්ථයක් තුළ තමන්ට ජනාධිපති වීමට අවකාශයක් ඇතැයි සිතන රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම රැළියට සහභාගි වීමට නියමිත බව UNP අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
නමුත්, IMF විරෝධී සජිත් ප්‍රේමදාස ඇතුළුව සජබ මෙම රැළියට සහභාගි වීමට නියමිත නැත. දෙමළ සහ මුස්ලිම් සුළුතර පක්ෂ ද මෙම රැළියට සහභාගි වීමට නියමිත නැත. ඉන්දියාව ද මේ පිළිබඳව එතරම් උනන්දුවක් නැත.
‘පශ්චාත්-පශ්චාත් මාක්ස්වාදී මොහොත’ ලෙස අප හඳුන්වන්නේ, ඉහත එක මංසන්ධියකට එකතු වීමට වෙර දරන විෂම බලවේග එක්සත් බලවේගයක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිතීමයි. එය ප්‍රායෝගික ගැටලුවක් නොව න්‍යායික ගැටලුවකි .
පළමුවෙන්ම කිව යුත්තේ, මේ විපක්ෂ බලවේගයට එකතු වීමට උත්සාහ දරන අය මූලික කාණ්ඩ දෙකකට දැමිය හැකිය.
1) දේශපාලන උවමනා සහිත අය - බලය හෝ අනෙකාගේ විනෝදය පැහැර ගැනීම උදෙසා .
2) විනෝදය උවමනා අය.-ස්ත්‍රී විනෝදය සහ apartment උන්මාද සඳහා .
විපක්ෂ දේශපාලනයට එකතු වන නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යනු, උරුමයෙන් දේශපාලනයට පැමිණි අය යි. එනිසා ඔවුන් ගතානුගතිකය. එම නිසා, ඔවුන් දෙදෙනාටම සෘජුව හෝ වක්‍රව උදව් කරන අයගේ දේශපාලනය ප්‍රජාතාන්ත්‍රික කළ යුත්තේ වෙනත් අය යොදාගෙන ය. උදාහරණයක් ලෙස, සජිත් සහ නාමල්ගේ දේශපාලනය සතු යුක්තිසහගත බව තනුක කළ යුත්තේ, රනිල් වික්‍රමසිංහ හරහා ය. අනෙක් අතට, රනිල් වික්‍රමසිංහගේ විනෝදය සංවිධානය කරන වජිර සහ සාගල යන ක්‍රියාකාරිකයන්ගේ බලය සජිත් සහ නාමල් හරහා තනුක කළ යුතුය. එවිට, මේ අයගේ එකිනෙකට ප්‍රතිපක්ෂ ප්‍රතිගාමීත්වයන් තනුක කරන අය ඔවුන් තුළින්ම සොයා ගත හැකි ය.

අනෙක් අතට, ටිරාන් අලස්ගේ මාරාන්තික සතුරා වූ චම්පික රණවක යොදාගෙන ටිරාන් සතු ජාතිකවාදීන්ගේ බලය තනුක කළ යුතුය. එවිට, ඉබේටම වාගේ තලතා අතුකෝරලගේ බලය සාන්ද්‍ර වනු ඇත. දිලිත් ජයවීරගේ බලය සතු සාන්ද්‍රතාවය -මාධ්‍ය බලය- ධම්මික පෙරේරා සහ අනුර කුමාර දිසානායක හරහා වෙළඳ දැන්වීම් වලින් පාලනය කළ හැකි ය. ‘ජනප්‍රියවාදී දේශපාලනය’ යනුම සමාජ අර්බුදයේ රෝග ලක්ෂණයකි. එවැනි දේශපාලනයක බලය තනුක කළ හැක්කේ, දේශපාලන ඉත්තන්ගේ අවිඥාණක දැනුම එකිනෙකාට එරෙහිව යෙදීමෙනි. එනම් විනෝද ආර්ථිකය කළමණාකරණය කිරීමෙනි .
අප ඉදිරි වසර දෙක තුළ දී කළ යුත්තේ, ග්‍රාම්ස්චි සෘජුව කියවීම නොව ග්‍රාම්ස්චිගේ ප්‍රකරණය මකියාවෙල්ලි හරහා කියවීමයි. (ලංකාවේ ග්‍රාම්ස්චි කියවීම සහමුලින්ම අසාර්ථක වී එය ජනමාධකරණයට ලක් වූ නිසා) අපි මකියාවෙල්ලිගේ ඇසින් ලංකාව කියවමු.
“ලංකාව ආර්ථික වශයෙන් එක්සත් කිරීම පිළිබඳ ගැටලුව විසඳීමට අපහසු එකක් වී ඇත්තේ, එක අතකින් රනිල් වික්‍රමසිංහ ලංකාවේ ආර්ථිකය එක්සත් කිරීමට තරම් ප්‍රබල නොවන අතර අනෙක් අතින්, ජනතා විමුක්ති පෙරමුණ එම ක්‍රියාවලිය වැළැක්වීමට තරම් බලවත් වීම නිසා ය.”
ඉදිරියට නිර්මාණය වන "එක්සත් විපක්ෂය " රාජපක්ෂලාගේ මහින්ද සුළඟවල් වීමට අප ඉඩ නොදෙන අතර අනෙක් අතට, දේශපාලනය වෙනුවට විනෝදය තෝරාගත් අයට ද ගැලවිල්ලක් ජවිපෙන් නොලැබෙන තත්ත්වයක් තුළ ජයවීරලාට සහ ටිරාන්ලාට අවශ්‍ය පරිදි පිට්ටනියේ ක්‍රීඩා කිරීමට ඉඩ නොලැබෙනු ඇත.
(උපුටා ගැනීම | Samabima Party ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝම්බර් 28
·




