The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ගංවතුරේ දේශපාලනය ; සමාජ මාධ්‍ය යනු 'වේශ නිරූපණයකි' - Samabima Party

T

The Leader Desk

November 30, 2025 • 8:54 AM

ගංවතුරේ දේශපාලනය ; සමාජ මාධ්‍ය යනු 'වේශ නිරූපණයකි' - Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිම රටක ස්වාභාවික විපතකින් ආරක්ෂා වීමේ ක්ෂනික ක්‍රියාදාමයන් වඩා ඵලදායී නොවන බව සත්‍යයකි.
  • මනුෂ්‍යයාගේ දියුණුව මගින් විද්‍යාවන් වල විකාශනය හරහා මේ ස්වාභාවික විපත් ඇතිවීමේ මූලයනුත්, ඒවාට මුහුණ දිය හැකි හා හානි අවම කරගත හැකි ක්‍රමයනුත් මනුෂ්‍යයා නිපදවාගෙන තිබේ.
  • මෙතරම් දියුණු ක්‍රමවේදයන් ඇති යුගයක මෙවැනි විනාශයක් වලක්වා ගැනීමට ලාංකීය සමාජය අපොහොසත් වන්නේ කෙසේද ?
  • රාජ්‍ය ඇත්තේ ජනතාවගේ සියලුම කැමැත්තවල් සදහා ඉඩ දෙන හෝ ඒ අනුව ක්‍රියාකිරීමට බැදී ඇති පද්ධතියක් ලෙසද නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මනුෂ්‍ය වර්ගයා මේ පාලනය කල නොහැකි ස්වාභාවික විපත් වලට දෙවියන් හෝ යක්ෂයින් ආදේශ කිරීම අතීතයේ පැවති ක්‍රමයකි. තමන් කරා එන විපත බාහිර අනෙකෙකු පිට ආරෝපනය කිරීමත් ඒ සඳහා නොයෙකුත් පූජා හෝ ඇදහීම් ක්‍රම පවත්වා ගැනීමත් අයිති වන්නේ අතීතයටය. මනුෂ්‍යයාගේ දියුණුව මගින් විද්‍යාවන් වල විකාශනය හරහා මේ ස්වාභාවික විපත් ඇතිවීමේ මූලයනුත්, ඒවාට මුහුණ දිය හැකි හා හානි අවම කරගත හැකි ක්‍රමයනුත් මනුෂ්‍යයා නිපදවාගෙන තිබේ.

ගිනිකදු, අධික වර්ෂාවන්, නාය යාම්, සුනාමි, සුලිසුලං ආදිය පිළිබඳව පූර්ව අනතුරු ඇගවීම් මේ වන විට ලැබෙන මූලාශ්‍ර ඕනෑ තරම් තිබේ. ඒවා ජන සමාජය මතට සන්නිවේදන කරන ක්‍රම ද දියුනු වී තිබේ. අතේ තිබෙන ජංගම දුරකථනයට ඒවා ක්ෂනිකව ලැබෙන තරම් ලෝකය දියුණු වී තිබේ. මෙතරම් දියුණු ක්‍රමවේදයන් ඇති යුගයක මෙවැනි විනාශයක් වලක්වා ගැනීමට ලාංකීය සමාජය අපොහොසත් වන්නේ කෙසේද ?

 

image 20161218 26097 1qporue 1

රාජ්‍යය, යනු මහජනතාවගේ ආශාවන් රඟදක්වන හෝ ඊට අනුරූපී වන ආයතනික ව්‍යුහයක් නොවේ. රාජ්‍ය ඇත්තේ ජනතාවගේ සියලුම කැමැත්තවල් සදහා ඉඩ දෙන හෝ ඒ අනුව ක්‍රියාකිරීමට බැදී ඇති පද්ධතියක් ලෙසද නොවේ. රාජ්‍යය ක්‍රියාත්මක වෙන්නේ කිසියම් මර්ධනීය යාන්ත්‍රණයක් ලෙසින් අපිට දැනීම හෝ සිතීම ඒ අනුව අහම්භයක් නොවේ. වෙනත් වචන වලින් කියන්නේ නම් අපේ පුද්ගලික ලෝකය හෝ එහි ආශාවන් රාජ්‍යය විසින් පොදු සමාජය වෙනුවෙන් මර්ධනයට ලක් කරයි.

කුටුම්භය හා ජන සමාජය අතර ඇති මේ සීමා ඉර අඳින්නේ රාජ්‍යය විසිනි. මාගේ නිවස තුළ මම අත්විඳින නිදහස හෝ ජීවිතය පොදුජන සමාජය තුළ මට සීමා සහිතව ලකුණු කරන්නේ රාජ්‍ය විසිනි. සරල උදාහරනයකින් කියන්නේ නම් මට උඩුකය නිරුවත්ව සරමක් ඇදගෙන නිවසේ සිටිය හැකි වුවද මට මහපාරේ හෝ ප්‍රවාහන සේවාවක එසේ යාමට නොහැක. මෙහි ප්‍රතිලෝමය වඩා සංකීර්ණය එනම් මට නිවසේ සරමක් හැද, උඩුකය නිරුවතින් සිටීම නිදහසක් ලෙස ලකුණු වෙන්නේ සමාජ ජීවිතයේදී එය තහනම් නිසාය. අපේ පුද්ගලික කුටුම්භ ජීවිතයේ නිදහස ලෙස අපි ලකුණු කරන දේවල් "නිදහස" ලෙස ලකුණු වෙන්නේ එය සමාජය තුළදී "තහනම්" නිසාය. තහනම සහ නිදහස අතර ඇත්තේ දයලෙක්තික සම්බන්ධයක් වන්නේ ඒ නිසාය.

 


ලංකාවට බලපෑ දිට්වා සුලි කනාටුව හරහා රාජ්‍යය විසින් ගන්නා තීරණ හෝ ගන්නට තිබුනා යැයි කියන තීරණ හරහාද මේ දයලෙක්තික සම්බන්ධයේ මූලය දැකිය හැකිය. ඕනෑම කෙනෙකුට තමන්ගේ නිවස හෝ දේපල අත් හැර යාම පහසු නැත. රාජ්‍යය විසින් ඉල්ලීමක ස්වරූපයෙන් කරන නිවේදන වලින් පසු ඒවාට අවනත නොවූ කල ඊලඟට ගමන් කරන්නේ මර්ධනීය රාජ්‍ය බලය පිළිබඳ කලාපය පිළිබඳ  ආණ්ඩුව කලබල විය යුතු නැත.

රාජ්‍ය බලය යනු එකිනෙකා හුරතල් කරනා බලයක් නොවන බැව් මාලිමා ආණ්ඩුව ඉක්මනින් ඉගෙන ගත යුතුය. නිසි පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් මූලාශ්‍ර වලින් අදාල ව්‍යසනය තහවුරු කරගත් පසු ඊට පිළියම් යෙදීම යනු රාජ්‍ය බලය ක්‍රියාවේ යෙදවීම විනා කයිතන් වර්ගයේ මාධ්‍ය සංදර්ශන නොවේ.

පුද්ගලික ආශාවේ මානයන් මරණය දක්වා අදුරු කලාපයට ගමන් කිරීම පිළිබඳ අවබෝධයක් ආණ්ඩුවට නොමැති වීම ඛේදවාචකයකි. හොදින් දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් මත්පැන් බොන්නේ එහි ආදීනව නොදැන නොවේ. ඔවුන්ගේ සතුට රැඳී ඇත්තේ මරණාශය තුළ බව අවබෝධ විය යුතුය. ඉවත් වෙන්න කියූ කලාප වලින් ජනයා ඉවත් නොවී සිටීනම් රාජ්‍යය සිය බලය පිළිබඳව ඇති අදහසේ අවබෝධයක් නොමැති බව පැහැදිලිය.

 

පූර්ව සූදානමක් සහිත රාජ්‍ය කලාපයක් පවත්වා ගැනීම පිළිබඳව ආණ්ඩුවේ වගකීම නොපැහැදිලිය. ආපදා කලමනාකරන මධ්‍යස්ථානයක් කලින් ආණ්ඩු වලින් පිහිටුවා තිබියදී එය අකර්මන්‍ය කිරීම පිළිබඳව වගකීම ආණ්ඩුවට බැර වෙයි. ආපදාවෙන් පසු එයට නව සභාපතිවරයෙකු පත්කොට ක්‍රියාකිරීමට යෑම කනගාටුදායකය. තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ ඒ සදහා සුදුස්සන් නොමැතිනම් ඒ සදහා වටපිට බැලීම ප්‍රමාණවත් ය. මහින්ද සමරසිංහ නිරුපද්ධිතව සිටීම අපිනම් ප්‍රශ්න කරන්නේ නැත. සුනිල් හදුන්නෙත්ති වැනි මිනිසුන් සමඟ කිරීමට කිසිවක් නොමැති බව ඔප්පු වී තිබියදී සිය උද්ධච්ජ කම හරහා රාජ්‍යය බිඳ වැටේනම් එහි වරද මාලිමාවේ ය.

 



අපි ලිපියේ මුල් ජේදයට නැවත ගියහොත් ස්වාභාවික විපත් උරාගන්නා ලද මිත්‍යාවන් (දෙවියන් හෝ යක්ෂයින්) වෙනුවට සමාජ-මාධ්‍යජාලා ආදේශ වී තිබේ. යූ-ටියුබ් හාල්පාරුවන්ට බියවී ඇති රාජ්‍යය බලය ඉදිරියේ මේ හාල්පාරුවන් පොරවල් වී සිටියි. ස්වාභාවික විපත පිළිබඳව සමාජ මාධ්‍ය මත වපුරා ඇති සියල්ල අයිති වන්නේ එකිනෙකාගේ පුද්ගලික ආශා කලාපයන් වලටය. එය යථාර්ථය හා සමපාත බව සිතීම ජ.වි.පෙ. කිසිඳු න්‍යායික හැදෑරීමකින් තොරව සිටි පාතාල ජීවිතයට සමානුපාතය.

රාජ්‍ය බලය ලැබී ඇත්තේ මයික් ඉදිරියේ දෙසන්නට හෝ මාධ්‍ය ඉදිරියේ සන්දර්ශන දාන්නට නොවේ. සමාජ මාධ්‍ය යනු යථාර්ථය වෙනුවට අලුත් යථාර්ථයක් මවන, වේශ නිරූපන යන්ත්‍රයකි. එය යථාර්තය ලෙස ගැනීම මාලිමාවේ මරිමෝඩකමක් විනා වෙන කිසිවක් නොවේ. රාජ්‍ය බලයේ මුඛ්‍ය අදහස "පොදු" එකකි. එකිනෙකාගේ "පුද්ගලික" ආශාවන් වෙනුවෙන් එය පාවාදෙයි නම් අනාගතය සුවදායී නැත.

(සමබිම පක්ෂය)

උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...