The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

රංවලගේ රිය අනතුර ; රාජ්‍යය සහ සමාජ මාධ්‍ය | Samabima Party

T

The Leader Desk

December 18, 2025 • 8:37 AM

රංවලගේ රිය අනතුර ; රාජ්‍යය සහ සමාජ මාධ්‍ය | Samabima Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකීය නූතන රාජ්‍යය බිහිකිරීමේ පීතෘවරයා වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වන විට ඒ තුළම ලාංකිකයා තුළ ආත්මීය ඛන්ඩනයක් සලකුණු වෙන්නේ නැත.
  • සැබැවින්ම ඒ අදහස දකුණේ ලාංකිකයා තුළ "තිරයක් මතින්" සලකුණු වෙන්නේ 2022 ගොඨා ගෝ හෝම් අරගලය හරහා වන විට එහි ශක්‍යතාවය උරාගැනීමේ ස්පොන්ච් එක වන්නේ සමාජ මාද්‍ය වීම නියතයකි.
  • එහි අදහසනම් කරන ක්‍රියාවට ඔහු වගකිවයුතු බවයි.
  • රටේ ජනාධිපතිවරයාට අමු තිත්ත කුනුහරුපයෙන් හා මචං ලෙවල් එකෙන් අමතන විට ඒ තනතුරේ ගෞරවය රට අභ්‍යන්තරයෙන්ම විනාශ වන බව මේ හාල්පාරුවා දන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

සරල උදාහරණයකින් කියන්නේ නම් පලාත් පාලනය කල මහ දිසාවේ නිලමේවරු වෙනුවට සුදු-ඒජන්තවරුන් මාරු වූවා විනා සාමාන්‍ය මනුෂ්‍යයා වෙත රාජ්‍යයක "පරමාධිපත්‍ය හිමි වන්නේ තමන්ටය" යන අදහස ලකුණු වූවේ නැත.

සැබැවින්ම ඒ අදහස දකුණේ ලාංකිකයා තුළ "තිරයක් මතින්" සලකුණු වෙන්නේ 2022 ගොඨා ගෝ හෝම් අරගලය හරහා වන විට එහි ශක්‍යතාවය උරාගැනීමේ ස්පොන්ච් එක වන්නේ සමාජ මාද්‍ය වීම නියතයකි. උදාහරනයකට ප්‍රංශ විප්ලවයේදී හෝ රුසියානු විප්ලවයේදී ඊට සම්බන්ධ වීම යනු පුද්ගලයා භෞතිකවම ඒ සදහා පෙනී සිටීමයි. එසේ පෙනී සිටීමෙන්(වැරදි/හෝ නිවැරදි) ඔහු ආචාර්‍ය ධාර්මික (ethics) ක්‍රියාවක් සදහා එලඹෙයි. එහි අදහසනම් කරන ක්‍රියාවට ඔහු වගකිවයුතු බවයි.

uvindu29387

 

සමකාලීන යුගයේදී එසේ වන්නේ නැතුවාක් මෙන්ම සමාජ මාධ්‍ය මත "අදහස්" පල කරන කිසිවෙකු ඒ අදහස් සදහා වගකීම බාරගන්නේ ද නැත. එපමනක් නොව ඒ "ක්‍රියාව" ඒ සදහාම කරන ආචාර්‍යධාර්මික පෙනී සිටීමක්ද නොවේ. උදාහරනයකට උවිදු කුලකුරසූරිය නැමති විපරීතයා සමාජ මාධ්‍ය මත පල කරන අදහස් ඔහු එංගලන්තයේ සිටිමින් පල කරද්දී ලංකාව තුළ වන සිදුවීම් පිළිබඳව ඔහු වගකියන්නේ නැත. රටේ ජනාධිපතිවරයාට අමු තිත්ත කුනුහරුපයෙන් හා මචං ලෙවල් එකෙන් අමතන විට ඒ තනතුරේ ගෞරවය රට අභ්‍යන්තරයෙන්ම විනාශ වන බව මේ හාල්පාරුවා දන්නේ නැත.

ගෝඨාගෝ හෝම් අරගලයේදී මැයි 09 වෙනිදා අරගලකරුවන් අත්පත් කරගත් කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියේ සංගීතා වීරරත්න ප්‍රාතිභූර්ත වන විට ලැබුනු පිලිගැනීම අපිට කියාපාන්නේ ඒ අරගලයේ සිටි මනුෂ්‍යයන් කොපමන මෝඩයින්ද යන්න යි. සංගීතා මුදල් හම්බු කලේත් සියත නාලිකාව ආරම්භ කලේත් රාජපක්ෂලාට පිං සිදුවන්නට වන විට සංගීතලාගේ පෙනී සිටීම නරුමවාදී සහ බඩගෝස්තරවාදී ද වෙයි. සංගීතලාගේ පෙනී සිටීමට හෝ සරත් ෆොන්සේකාගේ පෙනී සිටීමට හෝ විරෝධයක් නොනගින්නේ නිකම්ම නොවේ. අරගලයට සම්බන්ධ බහුතරයක් ඊට සම්බන්ධ වෙන්නේ සමාජ මාධ්‍ය මත සිය පිහිටුවීම ලකුණු කරගැනීමට විනා සිය ඇත්ත ජීවිතයේ ප්‍රශ්න නිසා නොවේ.

 

army238

ජූලි මාසයේ රාත්‍රියේ රාජ්‍ය මිල්ටරිය විසින් ගාලුමුවදොර හිස් කිරීමේ මෙහෙයුමේදී කිසිදු විරෝධයක් රටෙහි පැන නගින්නේ නැත. රාජපක්ෂලා එලවා දැමීමෙන් පසු තෘප්තිමත් වූ සිය ආශාවන් පෙනී සිටියේ ඇත්ත ක්‍රම වෙනසක්(සිස්ටම් චේන්ජ්) සදහා නොව අරගලයේ සිය පෙනී සිටීම සිය facebook මත දියකර හැරීමට බව අපි හැර වෙන කිසිවෙකු දැන සිටියේද නැත.මිනිසුන් සියල්ල, ජනාධිපති මන්දිරේ ෆූල් එකෙන් දිය නා සංචාරකයින් සේ කොළඹ නරඹා පිටව ගිය පසු විප්ලවය විශ්වාස කල කුමාර්ගේ නඩය ගුටිකෑවේ ඒ නිසාය. අරගලයට පැමිණියේ "ටින් ජනතාවම" බව කුමාර්ට අවබෝධ වූවේ "බුදු අයියේ ගහන්න එපා" නාට්‍යයෙන් පසුවය.

ලංකාවේ දී 2022 අරගලය ඇත්තටම සිදුවූවේ සමාජ මාධ්‍ය මතය.(එනම් තිරයක් තුළය). සිදුවූ විකෘතිය වූවේ මේ ටින් ජනයාවම සමාජ මාද්‍ය මත සංවිධානය කරගත් ජ.වි.පෙ.ප්‍රමුඛ මාලිමාව බලය ලබා ගැනීමයි.

 

596287947 10163067886928190 3833371053990817937 n
අශෝක රංවල , රිය අනතුරු සිද්ධියේදී ඒ පිළිබඳව නිරීක්ෂන හා නිගමන දහසකුත් එකක් සමාජ මාධ්‍ය මත දිග හැරෙමින් පවතී. පොලීසිය හෝ රෝහල හෝ අධිකරණය දෙන කිසිදු ලිඛිත හෝ වාචික නිරීක්ෂනයක් හෝ නිගමනයක් පිළිගැනීමට මිනිසුන් සූදානම් නැත.එහි අදහසනම් රාජ්‍යයේ ව්‍යුහාත්මක සැකස්ම ජහමනයා විසින් ප්‍රතික්ෂේප කරන බවයි. ලාල් කාන්ත විසින් ආණ්ඩු බලය ලබාගත්තාට රාජ්‍ය බලය ලබාගැනීමට තවම නොහැකි වූ බව ඉගි කිරීම තුළ මෙහි යටිපෙල ගැබ්වී තිබේ. සංවිධිත දේශපාලන ව්‍යාපාරයක්(ජ.වි.පෙ.)කිසිදු න්‍යායික හැදෑරීමකින් තොරව බලය ලබාගත් පසු ටින් ජනතාව පිස්සු කෙලීම ගැන පුදුම විය යුතු නැත.

අනෙකාගේ "විනෝදයට" වෛර කරන්නට උගන්වා, ඒ මත කේන්ද්‍රීයව සමාජය සංවිධානය කල පසු භූමරංගය එන්නේ තමන් දෙසටම බව ජ.වි.පෙ. දැන් ඉගෙන ගනු ඇත.

රාජ්‍යය ව්‍යුහාත්මකව වෙනස් කරනවා යනු පංතිමය අදහසකි. එනම් මේ රටේ පීඩිත ජනයාගේ දෛනික ජීවිතය රාජ්‍යය මගින් නැවත ව්‍යුහගත විය යුතුය. සාමාන්‍ය ජනයා කෙරෙහි පොලීසිය, රෝහල, අධිකරණය සලකන්නේ පෙර රෙජීම් වල පරිදිම නම් අනුර කුමාර චේන්ජ් කල බිබික්කමක් නැත. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ විරෝධය රංවල හරහා මතුවෙන්නේ ඔවුන්ගේ දෛනික ජීවිතය තුළ රාජ්‍යය පෙර පරිදිම කටයුතු කිරීමේ ක්‍රමය නිසාය.

 

gmoa093

අපි පැහැදිලිවම කියා ඇති පරිදි අපේ පෙනී සිටීම වන්නේ අවිධිමත් ආර්ථිකයේ සිටින මනුෂ්‍යයින්ගේ ආර්ථික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් රාජ්‍යය ප්‍රති-ව්‍යුහගත කල යුතු බවයි. අධිකරනයේදී "සිලිදුලා" නොව ආත්ම ගෞරවයක් සහිත පුරවැසියන් බිහිකල යුතුය. ඒ සඳහා අධිකරන පද්ධතිය මෙන්ම බන්ධනාගාරයද, පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුවද ප්‍රතිසංස්කරණය කල යුතුය. රෝහල් වල GMOA හි මාෆියා පාලනය බිදිය යුතුය. රංවලගේ දියණිය වෛද්‍යවරියකැයි කියා පහරදීම නොව GMOA ව ඔඩොක්කුවේ තබාගෙන හුරතල් කල සියලුම දෙනා මීට වගකිව යුතුය.

"නීතිය සැමට එක සමානයි" වැනි පට්ටපල් බොරු ස්ලෝගන් මගින් වැසීමට උත්සාහ කරන ලාංකීය රාජ්‍යයේ මේ බිද වැටීම නැවත පිහිටුවිය හැකි වෙන්නේ එවැනි දැඩි ප්‍රතිසංස්කරණ වලින් මිස මාධ්‍ය සංදර්ශන වලින් නොවේ. එවැනි ප්‍රතිසංස්කරණ කිරීමට මාලිමාව නිර්භීත වන්නේද නැත. ඊට හේතුව ඇත්තේ ඔවුන් තුළමය.

figure of justice holding the scales of justice 3B5G7SW 1024x685
උන්නතිකාමී ශිෂ්‍ය මනස් සහිත කාඩරයකින් විප්ලවයක් බලාපොරොත්තු වීම ටින් ජනතාවගේ සිහිනයක් නොවේ. තමන්ගේ කුණු වී ගිය ජීවිත වලට බාහිරින් පරමාදර්ශී සේ බාරගත් මාලිමාවද කුණුවී ඇති බව අවබෝධ වූ විට ටින් ජනයාගෙන් නැගෙන අදෝනාව දැන් ඇසිය හැකිය.

අශෝක රංවලට සිදුවූ සිද්ධියම ඔබටත් සිදුවූවානම් ඔබ ක්‍රියා කරන්නේ කෙසේද ? නරුමයා ඇත්තේ කා තුළද....?

(සමබිම පක්ෂය)

උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..
December 14 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...