අපට අනුව නම් එලෙස රැඩිකල් අදහස් සහිත දේශපාලන පක්ෂයක් බලයට පත්වූ විට කළ යුතුව තිබූ කාර්යයන් පහත පරිදිය.
* පළමුවෙන්ම මෙරට බන්ධනාගාර පද්ධතිය ප්‍රතිව්‍යුහගත කල යුතුය. ඒ තුළ ආහාරපාන, වැසිකිලි කැසිකිලි පහසුකම්, අදීය එනම් කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම් බන්ධනාගාර තුළ සිටින රැඳවියන්ට මනුෂ්‍යයන් ලෙස සැලකිය හැකි ලෙස බන්ධනාගාරය ප්‍රතිව්‍යුහ ගත කළ යුතුය.

*එසේම මේ තුළ අධිකරණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අත්‍යවශ්‍ය වන අතර එහිදී අධිකරණ විනිසුරුවන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය ආදිය මෙන්ම අධිකරණ ශාලා ප්‍රතිව්‍යුහගත කරමින් අධිකරණය තුළ විනිසුරුවරයා අමතන ආකාරය පවා වෙනසකට භාජනය කළ යුතුය. දීර්ඝ කාලීනව අධිකරණය තුළ නඩුව විභාග පමා වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගද ඊට ඇතුළත් විය යුතුය.
*පොලිසියට සහමුලින්ම ප්‍රතිව්‍යුහගත කළ යුතුය. පොලිසි නිලධාරීන්ට දැනට shirt මැසීමට ලබා දෙන කලිසම් රෙදි වෙනුවට shirt රෙදි ලබා දිය යුතුය. දැනට ක්‍රියාත්මක පොලිස් ආඥා පනත වෙනුවට, පනතක් සම්මත කල යුතුය. ඒ හරහා වර්තමානයට ගැලපෙන පොලිස් නිලධාරීන් නිර්මාණය කළ හැකිය.
*මීළඟට පවතින සෞඛ්‍ය ප්‍රතිපත්තිය ද ප්‍රතිව්‍යුහගත කරනය කළ යුතුය. ඖෂධ ගෙන්වීම සහ මිලදී ගැනීම අලුත් පනතක් යටතේ නැවත හඳුන්වාදිය යුතුය. එසේම ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත ඉවත් කිරීමටද කටයුතු කළ යුතුය. (මෙම තොරතුරු දැනගැනීමේ පනත යනු පිස්සන් ෆෝම් කරන ඇමෙරිකන් උගුලකි)
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා නව පාර්ලිමේන්තු පනතක් හඳුන්වා දිය යුතුය. එසේම විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණ සඳහාද නව පාර්ලිමේන්තු පනතක් හඳුන්වා දිය යුතුය. නුතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි තාක්ෂණික විශ්ව විද්‍යාල ගොඩ නඟා කලා උපාධි සඳහා බඳවා ගන්නා පිරිස අඩු කළ යුතුය. ඒ හරහා විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් බඳවා ගැනීම තනතුරු ලබාදීම, නිලනාම ප්‍රධානය වැනි දේ නියාමනය කල හැකි අතර එමගින් පිස්සන් මහාචාර්යවරුන් බවට පත්වීම වැළැක්විය හැක.
* මෙරට සමුද්‍රීය කලාපය ආර්ථික කටයුතු සඳහා යොදාගැනීමට හැකිවන පරිදි නව ධීවර පනතක් හඳුන්වා දිය යුතුය.
* මීට අමතරව කිරි පිණිස ඇති කරනු ලබන ගවයන් කිරි ලබාගැනීමෙන් අනතුරුව බොහෝ විට ඔවුන්ව පරිසරයට මුදාහරි. එය නතර කිරීම සඳහා එම සතුන් මස් සඳහා සූදානම් කිරීම පිළිබඳව සදාචාරකරණය රජය විසින් පිළි නොගත යුතුය. එනම් මස් පිණිස ගවයන් ඇති කිරීම පිළිගත යුතුය. ඒ සඳහා පශු සම්පත් කළමනාකරණය සඳහා නව පනතක් නිර්මාණයට සංවාදයක් ජනතාව සමඟ ආරම්භ කළ යුතුය.

*මේ ආකරයටම කෘෂිකාර්මික ඉඩම් සහ ඒවායේ අයිතිවාසිකම් පිළිබඳ නැවත සමාජ සංවාදයක් ආරම්භ කළ යුතුය. විශාල දේශගුණික විපර්යාස සිදුවී ඇත්නම් මෙතෙක් කළක් භාවිතා කරන ලද වැසි ජලයෙන් වගා කිරීමෙන් ඉවත්වී ඒ වෙනුවට ජල කළමණාකරණ විකල්ප ක්‍රමවේදයකට යොමු විය යුතුය.
*nවැඩි වෙන ජනගහනය හමුවේ ඊට සාපේක්ෂව පදිංචි වීමට ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා පදිංචි වීමට සුදුසු ස්ථානවල නිවාස සංකීර්ණ ඉදිකිරීම කළ යුතුය.
* එසේම ඉක්මනින් ඩිජිටල්කරණය හඳුන්වා දී මාධ්‍ය අයිතිය විකේද්‍රීය කළ යුතුය .
අප ඉහත දක්වන ලද්දේ ඕනෑම රැඩිකල් අදහස් පවතින දේශපාලන පක්ෂයක් බලය ලබා ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ කළ යුතු කාර්යයන්ය. රට ගොඩනැගීම යනු මෙයයි. අප බලයට පැමිණෙන්නේ නම් අප සිදු කරන්නේද මේවාය.
නමුත් පවතින ආණ්ඩු පක්ෂයට එවැනි වැඩසටහනක් පවතිනවා යන්න මෙතෙක් අපිට නිරීක්ෂණය වී නොමැත. එබැවින් විපක්ෂයේ අතින් සිදුවී ඇත්තේ විපක්ෂයේ සිටින පිස්සන් ආණ්ඩුවට විරුද්ධව විවිද තැන්වලට ගොස් ආණ්ඩුව විවේචනය කර කෙසේ හෝ බලය ලබාගැනීමට ගන්නා උත්සාහයන් ය. මෙවැනි ජවුසන් විශාල ප්‍රමාණයක් දෛනිකව දැකිය හැක. මෙම ජවුසන් කොතනින් කවදා කොහොම නතර වේද යන්න අපට කලින් කිව නොහැක.
(සමබිම පක්ෂය)
උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්...
2025 December 17




