The Leader News
BREAKING
Top Ad
Opinion

ඉතිහාසයේ පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුවේ ‘බුද්ධි කලම්බන’ සැසියක් | Sanath Balasooriya

T

The Leader Desk

February 4, 2026 • 1:48 PM

ඉතිහාසයේ පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුවේ ‘බුද්ධි කලම්බන’ සැසියක් | Sanath Balasooriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිපතිට එල්ල වූ විවේචනයේ තවත් වැදගත් අතුරු පලයක්
  • සංගමය නිවේදනය කරන ආකාරයට මේ සැසිය නම්කර ඇත්තේ ‘දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම සඳහා වන බුද්ධි කලම්බන සැසියක්’ යනුවෙනි.
  • සැසිය පැවැත්වී ඇත්තේ මේ යෝජනාව සම්මත කරගැනීමෙන් අනතුරුව බව ද වාර්තා වේ.
  • ඒ අනුව පැහැදිළිව පෙනී යන කරුණක් වන්නේ, පසුගිය කාලයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය ඔස්සේ ඇරැඹී, සමාජ කතිකාවක් බවට පත්වූ නීතිපතිගේ හා එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිදුවූ විවේචන අතිශය සාධනීය ප්‍රතිපල අත්පත් කර දී ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සිය සාමාජිකයන් සඳහා විශේෂ ‘බුද්ධි කලම්බන’ සැසියක් (Brainstorming session) පසුගිය සිකුරාදා සංවිධානය කළ බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

සංගමය නිවේදනය කරන ආකාරයට මේ සැසිය නම්කර ඇත්තේ ‘දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම සඳහා වන බුද්ධි කලම්බන සැසියක්’ යනුවෙනි.

සංගමය මේ බව කියා ඇත්තේ නීතිපති පාරින්ද රණසිංහ (කණිෂ්ට) හට ‘මෑතක දී දිගින් දිගට ම එල්ල වූ අපහාසාත්මක, පදනම් විරහිත, පෞද්ගලික ප්‍රහාර පිළිබඳ අවධානය යොමුකරමින් සහ දැඩි කනස්සල්ල පළකරමින් ඒකමතිකව යෝජනාවක් සම්මත කරගැනීමට’ පසුගිය සිකුරාදා සිය සංගමය කටයුතු කළ බව නිවේදනය කරමිනි.

සැසිය පැවැත්වී ඇත්තේ මේ යෝජනාව සම්මත කරගැනීමෙන් අනතුරුව බව ද වාර්තා වේ.

‘කාර්යක්ෂමතාව හා ස්වාධීනත්වය ගැන’ ගැටලු තිබිලා

මෙවැනි සැසියක් පැවැත්වීමට සිදුවීමෙන් ම පැහැදිළිව පෙනීයන්නේ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව හා ස්වාධීනත්වය සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේ බලවත් ගැටලු පැවතී ඇති බවත්, නීතිපතිවරයාට හා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචන හමුවේ ඒ ගැටලු ඔවුන්ට ම හඳුනාගන්නට ලැබී, ඒ ගැටලු ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව ද වටහාගැනීමට ඒ විවේචන උපකාරී වී ඇති බවත් ය. ඒ අනුව පැහැදිළිව පෙනී යන කරුණක් වන්නේ, පසුගිය කාලයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය ඔස්සේ ඇරැඹී, සමාජ කතිකාවක් බවට පත්වූ නීතිපතිගේ හා එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිදුවූ විවේචන අතිශය සාධනීය ප්‍රතිපල අත්පත් කර දී ඇති බව ය.

වසර 140 කට වැඩි ඉතිහාසයක් තුළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන ලද පළමු සාමූහික අභ්‍යාසය මෙය බව ද නීති නිලධාරීන්ගේ සංගමය කියාසිටී. නීතිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කැරුණු විවේචනවල වටිනාකම, කාලෝචිත බව හා සාධනීයත්වය මෙයින් ද තහවුරු වේ. එවැනි විවේචනයක් සිදු නොවිණි නම් අවම වශයෙන් වසර 140කට පසු හෝ සිය දෙපාර්තමේන්තුවේ ‘කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම’ ගැන  දෙපාර්තමේන්තුවට හා එහි නීති නිලධාරීන්ගේ සංගමයට කල්පනා කරන්නට අවස්ථාවක් එළැඹෙන්නේ නැතිවන්නට ඉඩ තිබිණි. එයින් ද මනාව පැහැදිළි වන්නේ පුරවැසියාගේ පැත්තෙන් බලන කල ඒ එල්ලවූ විවේචනවල ඇති වටිනාකම යි.

සාධනීය විවේචන හේතුවෙන් ආපසු හැරුණු නීතිපති තීරණ

ඉතාම මෑත කාලීනව මේ ආකාරයෙන් නීතිපතිවරයාගේ හා එම දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සහ පොදුවේ සියලු මාධ්‍යවලත්, ඒ අනුසාරයෙන් උනන්දු සහගත පුරවැසි කණ්ඩායම් තුළත් පැනනැඟි විවේචන හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ආපසු හරවන්නට හෝ වෙනස් කරන්නට සිදුවූ අතිශය තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

F සන්ඩේ ලීඩර් ප්‍රධාන සංස්කාරක ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ චූදිතයන් සියලු දෙනා නිදහස් කිරීමට ගත් තීරණය ආපසු හැරවීම.

F සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට ඇප ලබාදෙන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් නියෝගය ආපසු කැඳවීම.

F හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරයට අදාළ නඩුවට රනිල් පාර්ශ්වයට හිතවාදී ලෙස බලපෑම් කරන්නට සිදුකළ බව පෙනුණු උත්සාහය පරාජය කර මේ වනවිට ඒ නඩුව ඉදිරියට ගෙනයන්නට ඇවැසි පසුබිම නිර්මාණය වී තිබීම‍.

F නීතිපතිවරයා විසින් පසුගිය කාලයේ අධිකරණය හමුවේ ඉල්ලා අස්කරගත් මනුෂ්‍ය ඝාතන තිහකට ආසන්න ප්‍රමාණයක් හා බැඳුණු අතිශය ආන්දෝලනාත්මක නඩු 6න් හතරක් නැවත පවරන බවට තීන්දු ගැනීමට සිදුවීම.

නීතිපතිවරයාගේ හා එම දෙපාර්තමේන්තුවේ යුක්ති සහගත නොවන බව පෙනුණු ක්‍රියාකලාප සම්බන්ධයෙන් සාධාරණ හා සාධනීය විවේචනයක් ජන සමාජය තුළින් පැනනැඟුණේ නැතිනම් මේ තීරණ ආපසු නොහැරෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ.

නිකම්ම පුස්සක් වන නීති නිලධාරී සංගම් තර්කය

යුක්තිය හා සාධාරණත්වය සොයා යන ගමනේ දී සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යවලත්, උනන්දු සහගත පුරවැසි කණ්ඩායම්වලත් සුපරීක්ෂාව හා ඇවැසි තැන සිදුකරන යුක්ති සහගත, පදනම් සහගත හා සාධාරණ විවේචනවල ඇති සාධනීය බලපෑම මේ නිදර්ශන අතලොස්සෙන් පවා මනාව පැහැදිළි‌ වේ.

එමෙන් ම මේ නිදසුන්වලින් පැහැදිළිව ම බිඳවැටෙන්නේ ඉහත නීති නිලධාරීන්ගේ සංගමය ගෙන එන ‘දිගින් දිගට ම එල්ල වූ අපහාසාත්මක, පදනම් විරහිත, පෞද්ගලික ප්‍රහාර’ යන තර්කය යි.

කොටින්ම ඒ සංගමයේ නිලධාරීන් අතර ම 'කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම සඳහා' බුද්ධි කලම්බනයක් සියවස් එක හමාරකට ආසන්න ඉතිහාසයේ පළමු වරට කරගන්නට ඒ සාධනීය විවේචන නීති නිලධාරීන්ගේ සංගමයට උපකාරී වී ඇත.

Sanath Balasooriya(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com

උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...