විශ්ව විද්‍යාලය එවා ඇති ඊමේලයේ ඇත්තටම තියෙන්නේ මොනවාද?
ආරාධනය නිල රාජ්‍ය තාන්ත්‍රික එකක්ද, නැතිද?
ආරාධනා ලිපිය ආවේ මොන පාරේද?
ඒ ආ පාරේ සටහන් ඇත්තේ කොහේද?
ඒ ගැන දැනුවත්ව හිටියේ කවුරුන්ද? හාංකවිසියක් නොදැන හිටියේ කවුරුන්ද?
ඒ ආරාධනයට සහභාගී වී දවල් කෑම වේලක් කා පැමිණි රනිල් රටට ගෙනා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිලාභ මොනවාද? එක සිසුවකුට එක ශිෂ්‍යත්වයක තරම් දෙයක් ගෙනාවාද?
රාජ්‍ය මූල්‍ය පරිහරණය ගැන විනිශ්චයකාරවරුන්ම මීට පෙර කියා ඇත්තේ මොනවාද?
සිය නඩුව ගැන රනිල්ගේ ම ආකල්පය කෙබඳුද?
අපි කිසිවක් ගැන ඊනියා 'ෆේස්බුක් උසාවියේ' අවසන් විනිශ්චය දෙන්නෝ නොවෙමු.
ස්වාධීන අධිකරණ තීන්දුවකට ඉඩ තබා, ඊට අගතියකක් නොවන පරිදි හුදෙක් අප දන්නා තොරතුරුවලින් තෝරාගත් දෑ පමණක් කඩිනමින් හෙළිදරව් කරන්නෙමු.
ෆේස්බුක් නඩු අසන්නනි!
එතෙක් සකර්බර්ග්ගේ ඔදවත් - තෙදවත් විනිශ්චයාසනයේ සතුටින් වැජඹෙන්න!(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
2026 මාර්තු 23
සබැඳි ලිපි :
උපාධි ප්‍රදානෝත්සවයට රනිල්ට ආරාධනා කළ බව වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය CIDයට දැනුම්දෙයි !
Wolverhampton University says it invited Wickremesinghe for graduation ceremony





