The Leader News
BREAKING
Top Ad
Opinion

වටේ ගියා ඇති, දැන්වත් වැඩේට බහින්න! | Sanath Balasooriya

T

The Leader Desk

April 18, 2026 • 3:52 PM

වටේ ගියා ඇති, දැන්වත් වැඩේට බහින්න! | Sanath Balasooriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසියම් විවාදාපන්න සිදුවීමක් බලවත් වාද විෂයයක් ලෙස ඉස්මතු වූවාට පසුත්, ඒ සම්බන්දයෙන් කල් නොයවා ඍජු ක්‍රියාමාර්ග ගැනීමට
  • මේ සම්බන්ධයෙන් Sunil Seneviගේ අමාත්‍යාංශයෙන්, එහි ලේකම්ගේ නමින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පතෝල වැටකොළු ලියවිල්ලකට වැඩි යමක් නොවේ.
  • වාර්තා වී ඇති අන්දමට අමාත්‍ය සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පවත්වා ඇති රැස්වීම ද ඒ ජාතියේ ම පතෝල වැටකොළු එකකි‍.
  • එය අන් කිසිවකුගේ නොව ඔබේ වගකීමක් බවට පත්කරගැනීම ඔබ දැන්වත් කළයුතුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නොහැකි වීමේ ජාජබ ආණ්ඩුවේ බරපතල රෝගය දීපචෙල්වන් ගැටලුවෙන් ද යළිත් වතාවක් ප්‍රදර්ශනය කැරේ.

මේ සම්බන්ධයෙන් Sunil Seneviගේ අමාත්‍යාංශයෙන්, එහි ලේකම්ගේ නමින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පතෝල වැටකොළු ලියවිල්ලකට වැඩි යමක් නොවේ.


වාර්තා වී ඇති අන්දමට අමාත්‍ය සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පවත්වා ඇති රැස්වීම ද ඒ ජාතියේ ම පතෝල වැටකොළු එකකි‍. කිලිනොච්චියේ පදිංචිකරුවකු වන ප්‍රශ්නයට මැදිවූ ලේඛක දීපචෙල්වන් තකහනියක් කොළඹ ගෙන්වාගෙන නිකම්ම රස්තියාදු කර හිස් අතින් ආපසු යවා තිබේ.

විදේශ රටක මුද්‍රණය කරවා මෙරටට ගෙන්වන ලේඛන සම්බන්ධයෙන් අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියා පිළිවෙත කුමක්ද යන්නත්, ඒවායේ වගකීම ඇත්තේ කා අතද යන්නත්, තම අමාත්‍යාංශයට ඒ ගැන කරන්නට දෙයක් නැතිය යන්නත්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සියල්ල සලකා බලා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇතිය යන්නත්, ප්‍රශ්නය මේ තරම් ඔඩු දිවූ අවස්ථාවක කියන්නට ඔය අමාත්‍යාංශය වුවමනා නැත.‍

රංවල උපාධිය වේවා, ගල්අඟුරු වේවා, දීපචෙල්වන්ගේ පොත් වේවා, කිසියම් ම සිද්ධියක් මේ ආකාරයෙන් කතිකාමය අවකාශයේ බලයක් අත්පත් කරගත්තාට පසු ඊට කොතරම් වේගයෙන් ප්‍රතිචාර දක්වනවාද යන්න, ආණ්ඩුකරණයේ විචක්ෂණ භාවය විෂද කරන ලිට්මස් පරීක්ෂාවක් බවට නිතැතින් ම පත්වේ. විශේෂයෙන්, නව මුහුණුවරක් සහිත අලුතින් පත්වූ ආණ්ඩුවක් සම්බන්ධයෙන් එය වඩාත් තීව්‍ර පරීක්ෂාවකි.

භාෂණයේ හා නිර්මාණකරණයේ නිදහස ද, දෙමළාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද ඇතුළු බැහැර කළ නොහැකි කතිකා අවකාශයක ළඹ දෙන දීපචෙල්වන්ගේ පොත් හතරක පිටපත් 360ක් සති තුනක් තිස්සේ රේගුවෙන් එළියට දමාගන්නට බැරිවීම අන් කිසිවක් නොව, ප්‍රමුඛතාව දිය යුතු දේට කඩිනමින් මැදිහත් වී ක්‍රියාකරන්නට බැරිකම නම්, ආණ්ඩුකරණයේ දී පිටුදැකිය යුතු දරුණු රෝගය උත්සන්න වීමකි.

එය රාජපක්ෂලා‌ගේ, රනිල්ලාගේ නොව උතුරේ ද දකුණේද දැවැන්ත ජන අනුමැතියකින් බලයට පත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකින් සිදුවීම අතිශයින් බරපතල ය.

අමාත්‍ය සුනිල් සෙනෙවි, නිකං වටේ නොගොසින් ඔබ වහා මීට මැදිහත් විය යුතු ය!

එය අන් කිසිවකුගේ නොව ඔබේ වගකීමක් බවට පත්කරගැනීම ඔබ දැන්වත් කළයුතුව තිබේ.

රේගුව වේවා, ආරක්ෂක අමාත්‍යාංශය වේවා, භාෂා පරිවර්තකයන් වේවා, මේ කී නොකී සියලු තැන් කඩිනමින් සම්බන්ධීකරණය කරන නියමුවා වීමට ඔබට මේ අවස්ථාවේ දී හැකිවිය යුතු ය. ඔය කියන “නියමිත පාරෙන් පිට පනින්නට” අමුතුවෙන් දෙයක් නැත. යමක් සමාජ කතිකාවක් බවට පත්වී ඇති විටෙක, ඔය කියන “නියමිත පාර” දිගේම වුව වේගයෙන් හා නිසි එල්ලයකින් ගමන් කිරීමට ඔබට නොව ඔබ දරන තනතුරට හැකිවිය යුතු ය. (මේක "නියමිත පාර ද නැතිද'' යනාදී පුළුල් සන්දර්භයට අයත් වාද දැනට මින් බැහැර කර තබමි‍.)

ආණ්ඩුකරණය කියන්නේ අවශ්‍ය ම පියවර නිසි කලට හා නිසි බරක් සහිතව ගැනීම මිස ප්‍රශ්නය ඉස්මත්තට පැමිණි පසුත් ඒ වටේ යමින් ඔහේ වැනි වැනී සිටීම නොවේ.

Sanath Balasooriya(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී

sanathbalas@gmail.com

උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...

xfgrr55

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...