The Leader News
BREAKING
Top Ad
Opinion

ලිංගික කියපු ගමන් කට්ටිය උද්දීපනය වෙනවා.. | Sanduni Saranga

T

The Leader Desk

February 26, 2025 • 6:59 AM

ලිංගික කියපු ගමන් කට්ටිය උද්දීපනය වෙනවා.. | Sanduni Saranga

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම ඔයාට පළවෙනි වතාවට කෙනෙක් ගැන ආකර්ෂණයක් ඇති වෙනකොට ඔයාගෙ වයස කීයද?
  • Term testවලදි mathsවලට හැමදාම ලකුණු 16ක් 17ක් ගත්තු මට O/L mathsවලට B එකක් තිබ්බේ ඒ ටියුෂන් ක්ලාස් එක නිසා!
  • මට ඒක ලැබුණෙත් 15දි ම තමයි!
  • මේ රටේ බහුතරයකගෙ නව යොවුන් අවධිය ඔයිට සමාන ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තටම ඔයාට පළවෙනි වතාවට කෙනෙක් ගැන ආකර්ෂණයක් ඇති වෙනකොට ඔයාගෙ වයස කීයද?  මට එතකොට අවුරුදු 12යි. ඒ අපේ අම්මගෙ මොන්ටිසෝරි කොන්සර්ට් එක බලන්න ආපු පිරිමි ළමයෙක් ගැන. ඒ කාලෙ මම තමයි කොන්සට් එකේ announcer. ඕක වුණේ දෙසැම්බර් මාසෙ මුල. ඒ මාසේ අග තමයි මම ලොකු ළමයෙක් වුණේ.

ඔයාගෙ පළවෙනි love affair එක පටන් ගන්නකොට ඔයාගෙ වයස කීයද? මට 15යි! මැත්ස් ටියුෂන් ක්ලාස් එකේ කොල්ලෙක්. Term testවලදි mathsවලට හැමදාම ලකුණු 16ක් 17ක් ගත්තු මට O/L mathsවලට B එකක් තිබ්බේ ඒ ටියුෂන් ක්ලාස් එක නිසා! ගණං පෙන්නන්න බැරි මට, ඒ පංතියට යන්න එකම හේතුව වුණේ ඒ කොල්ලා.

 

Back Lit Teenage Couple Kissing Outdoors at Sunset.
එතකොට පළවෙනි හාදුව? මට ඒක ලැබුණෙත් 15දි ම තමයි! ඒකත් ඔය ටියුෂන් ක්ලාස් එක තිබුණු හෝල් එක පිටිපස්සෙදි.

ඕක හෙන average කියලා මං හිතනවා! මේ රටේ බහුතරයකගෙ නව යොවුන් අවධිය ඔයිට සමාන ඇති.

මං දන්න විදිහට, මනුස්සයෙකුට තමන්ගෙ Teenage එකේදි crush එකක්, affair එකක්, sexuality ගැන කුතුහලයක් සහ අත්හදා බැලීමේ උනන්දුවක් ඇති වෙන්නෙ නැත්තං ඒ මනුස්සයා නීරෝගී නෑ.

ඉතින් අවුරුදු 15ක ළමයෙක් ලව් ස්ටෝරියක් ලියනෙකේ රට පෙරළගෙන නටන්න දෙයක් කොහෙද තියෙන්නේ? නීරෝගී teenager කෙනෙක්. එච්චරයි!!!

 

ඒ කතාවේ ඉන්න කපල් එක විෂම ලිංගිකද, සමලිංගිකද, වෙනත් ලිංගික දිශානතියක් තියෙන එවුන් දෙන්නෙක්ද කියන එක ලව් ස්ටෝරියට වැඩක් නෑනේ! මොකද එක්දාස් නමසිය බර ගණන්වලදි සමලිංගිකත්වය ලෙඩක් වුණාට, Gen Z උන් ඉපදෙන්නෙ ම සමලිංගිකත්වය රෝගයක් නෙමෙයි කියලා WHO එකෙනුත් තහවුරු කරාට පස්සේ. ඉතින් උන්ට ඒක සාමාන්‍ය දෙයක් වෙන එක ඉතාම සාමාන්‍යයි.

දොස්තරලා තහවුරු කරාට, ඕවා පිළිගන්න තරම් විවෘත මනසක් නැති මිනිස්සු ඕන තරම් ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ පුරාම ඉන්නවා. ඒක නිසානේ ඕක හෙන topic එකක් වෙන්නේ.

ඒකත් පැත්තකින් තියමුකො. වැඩි හරියක් fire වෙලා තියෙන්නේ මේකෙ sexual activities ගැන ලියවිලා තියෙනවා කියලා හිතලා. හිතලුවලට trigger වෙන්න කලින්, පොත කියවලා ඒකෙ එහෙම දේවල් තියෙනවද කියලා බලලා ඉන්න එපැයි. ඒකේ sexual activities ගැන මෙලෝ දෙයක් නෑ. අඩුම තරමේ ව්‍යංගයෙන්වත්, උපමාවකින්වත් එහෙම ඉලව්වක් ගැන අබ ඇටේක තරම් සඳහනක් නෑ.

 

srt345f
මං දැක්කා සමලිංගිකත්වය ගැන ලියන්න ඒ ළමයාට මොනවද තියෙන අත්දැකීම් කියලා අහලා තියෙනවා. එතකොට ඒඩ්ස් හැදිච්ච මනුස්සයෙකුගෙ ආදර කතාවක් ගැන පොතක් ලියන්න, ලියන එකාට ඒඩ්ස් හැදිලා තියෙන්න ඕනද?

ලියලා තියෙන style එකයි, භාෂාව හැසිරවීමයි, අක්ෂර වින්‍යාසයි, content එකයි ගැන විචාරය කරන්න, මේක උසස් පෙළ සිංහල පේපරේ නෙමෙයිනේ. ඒ හන්දා ඒ කෙල්ල පුළුවන් විදිහකට ලියාගත්තාවේ. ලියන්නෙක් sharp වෙන්නෙ ලියලා ම තමයි. අඩු පාඩු හැදෙන්න කාලයක් යයි.

ආක්ෂා චමුදි බස්වල උල්ලැයි උල්ලැයි ගානකොට ඒ ළමයාව මරාගෙන කන්න ගිය මිනිස්සු ම, ඒ ළමයා මා නොවන මම එකට ආවට පස්සෙ ඔය අපූරුවට දැහැන්ගත වුණේ.



කවුරුත්, ශිෂ්‍යත්වෙට ලියපු රචනාව ම ඕලෙවල් පේපරේටත් ලියන්නේ නෑනේ. මිනිස්සු ඉගෙන ගන්නවා. අප්ඩේට් වෙනවා. මිස්ටේක්ස් හදාගන්නවා. අලුත් දේවල් අත්හදා බලනවා. වෙනස් නිර්මාණ බිහි වෙන්නේ එහෙමයි.

ඉපදුණු ගමන් ඇවිදින්න බුදු හාමුදුරුවෝ නෙමෙයිනේ!

අපි teenage කාලෙ හෙන භීෂණයක් තිබ්බා journals ගැන. ඒ කාලේ ඕකට කිව්වේ වෙන නමක්. මට දැන් මතක නෑ. ඒ කාලේ bags check කරද්දි, journal එකක් අහු වෙනවා කියන්නේ suspend වෙන්න තරම් දුර දිග යන ප්‍රශ්නයක්. මොකද ඕක ඩයරියක් වගේ item එකක්. Crushes ගැන එහෙම ලියලා, ස්ටිකර්, පින්තූර එහෙම අලවලා, චිත්‍ර ඇඳලා! හොරෙන් තමයි ඉස්කෝලෙට ගේන්නෙ, යාලුවන්ට පෙන්නන්න. ගෙදරත් හංගලා තමයි තියන්නේ. අහු වුණොත් බතුත් නෑ. මොකද අපි හත වසරට විතර එනකල් හිතාගෙන හිටියේ, ලව් කියන්නේ කුණුහරුපයක් කියලානේ. ගමේ ඉස්කෝලෙදි, ඇඟිලිවලින් කට දෙපැත්තට ඇදලා ලබු කිව්වයි කියලා පිරිමි ළමයිව දණගස්සලා තියෙනවා මං දැකලා තියෙනවා.

 

morning journaling routine lri 5

හැබැයි ඉතින් ඔය කියන journalsවල ත්‍රස්තවාදයවත් ලිංගික අපහරණයන් ගැනවත් නෑ. අහිංසක නව යොවුන් හැඟීම් ගැන කුරුටු ලියන secret පොතක්. මට මේ පොත ඒ කාලෙ අපි හංගගෙන පරිස්සම් කරපු secret journal එකක් වගේ. එච්චරයි!

[ඕක මාකට් කරද්දි සමලිංගික නැතුව 'සමරිසි' කියලාවත් පාවිච්චි කරා නම් මෙච්චර විනාසයක් වෙන එකක් නෑ මං හිතන්නේ. මොකද ලිංගික කියපු ගමන් කට්ටිය උද්දීපනය වෙනවා! ]

(සටහන | Sanduni Saranga)

Sanduni Saranga ගේ ෆේස්බුක් පිටුවෙන්...

සබැඳි ලිපි :
කැරලි ගහන පොතක් ගැන තල කැරලි හදන මම | Chinthana Dharmadasa

පුංචි කෙල්ලෙක් ලියපු සමලිංගික කතාවක් - මෝහා


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලිංගික කියපු ගමන් කට්ටිය උද්දීපනය වෙනවා.. | Sanduni Saranga | The Leader