The Leader News
BREAKING
Top Ad
Opinion

'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta

T

The Leader Desk

March 12, 2025 • 3:08 PM

'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නලින්ද කිව්ව විදියට මේ සතියෙ "බටලන්ද වාර්තාව" පාර්ලිමේන්තුවෙ ටේබල් කරනවා.
  • (මෙරිල්) ගුණරත්න, එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා අනියමින් වගකිවයුතු බව සදහන් කෙරෙනවා.
  • පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිට ම උල්ලංඝණය කර ඇති හඳුනාගනු ලබන පුද්ගලයින්ගේ 'ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ' ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැනවීමට අවශ්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමට," යි කොමිසම නිර්දේශ කිරීම ය.
  • මේකෙ පිටු 6,780 න් බාගෙකට වැඩිය තිබෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණ එක එක දේශප්‍රේම නම් වලින් කන්ඩායම් හදාගෙන බල ඇණි හදාගෙන, මිනිස්සු මරා දාලා, රජයේ සහ පෞද්ගලික අංශයේ දේපොල විනාශ කරපු එක.
අකුරු ප්‍රමාණය (Font Size):

තියෙනවා.

නලින්ද කිව්ව විදියට මේ සතියෙ "බටලන්ද වාර්තාව" පාර්ලිමේන්තුවෙ ටේබල් කරනවා. ඊට පස්සෙ ඕනෙ නම් පාර්ලිමේන්තුවෙ පැය ගානක කාලය අරගෙන මේක උඩ දදා බැට් කරන්න පුලුවන්.

මේ වාර්තාව තියෙන විදියට රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ, නියෝජ්‍ය පොලිස්පති එම්. එම්. ආර්. (මෙරිල්) ගුණරත්න, එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා අනියමින් වගකිවයුතු බව සදහන් කෙරෙනවා.

එතකොට කොමිසමේ නිර්දේශ මොනවා ද?

පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිට ම උල්ලංඝණය කර ඇති හඳුනාගනු ලබන පුද්ගලයින්ගේ 'ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ' ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැනවීමට අවශ්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමට,"  යි කොමිසම නිර්දේශ කිරීම ය.

එහෙම බැලුවහම පාර්ලිමේන්තුවෙ මේක ටේබල් කලා කියලා අහවල් අටමගලයක් වෙන්නෙ නැහැ.

හැබැයි එක හොදක් වෙනවා.

jvp

මේකෙ පිටු 6,780 න් බාගෙකට වැඩිය තිබෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණ එක එක දේශප්‍රේම නම් වලින් කන්ඩායම් හදාගෙන බල ඇණි හදාගෙන, මිනිස්සු මරා දාලා, රජයේ සහ පෞද්ගලික අංශයේ දේපොල විනාශ  කරපු එක. ඒ සියලු වැඩත් ලබන සතියෙ පාර්ලිමේන්තුවේ ටේබල් වෙන එක මරු.


එතනදි රනිල් වික්‍රමසිංහ, නලින් දෙල්ගොඩ, මෙරිල් ගුණරත්න වගේ වක්‍රකාරව සම්බන්ධ නම් වගේම අදාල කාල තුල කරපු ජන සංහාරයට දේපොල විනාශයට අදාලව ජවිපෙ සියලු කාරනාත් පාර්ලිමේන්තු ගත වෙනව.  


මගේ අදහස නම් ඒක මරු...

මේක හොදට උඩදාල රනිල් ගෙ පිටු ටික විතරක් අරන් පාර්ලිමේන්තුවෙ ඉන්න 159 දෙනාගෙන් වැඩි හරියකට පැලවත්තෙන් කතා ලියල දීල පාර්ලිමේන්තුවෙ සද්ද දාල, වෙබ් සෝශල් මීඩියා, යූ ටියුබ් බලකායෙන් ලොකු සමාජ මතයක් හදල , සැපට අවුරුදු කාල, දළදා වහන්සෙ වැද පුදා ගෙන, මැයි මාසෙ මුල පලාත් පාලන ජන්දෙට යන්න මාලිමාවට පුලුවන්.

අනුරට, ඇත්තටම රනිල් ව ඇතුලට දාන්න හරි ප්‍රජා අයිතිය අහෝසිකරන්න හරි ඕනෙ නම් නීතිපති ට මේ වාර්තාව යවලා නිර්දේශ ක්‍රියාත්මක කරන්න අටෝරාසියක වැඩ කන්දරාවක් කරන්න වෙනවා. නැත්තං  ඉතිං පලාත් පාලන මැතිවරණය වෙනකං මේක කැම්පේන් ටූල් එකක් හැටියට පාවිච්චි කරන්නත්‍ පුලුවන්...

තව එකක්‍ ,

xfg54d

ගෝඨාභය ගෙ කාලෙ කරපු තව කොමිෂන් වාර්තාවක් තියෙනවා. අල්ලස් හා දූෂණ වංචා පිළිබද. අපි ඒකත් ඕනෙනම් පාර්ලිමේන්තු ටේබල් කරල විවාද කරන්න ඉදිරිපත්කරන්න නලින්දට පුලුවන්. කැට තියල කියනවා ඒක කරන්නෙ නැහැ අනුරගෙ ආන්ඩුව. ඒ ඇයි දන්නවද ?

රනිල් වික්‍රමසිංහ, පාඨලී , මංගල, රාවුෆ් හකීම්, මලික්, වැලිඅමුණ, ජයම්පති, ඒ වගේම දෙමළ පක්ෂ කීපයක නායකයින් කීප දෙනෙක් ගෙ වගේම අනුර දිසානායකගෙයි ආනන්ද විජේපාලගෙයි නමුත් ඒ වාර්තාවෙ තියෙනවා.

මම නීතිඥයෙකුත්, නීතිවේදියෙකුත් නෙමේ හින්ද මේ දඩුවම් ලැබීමේ ප්‍රෙසෙස් එක වැරදිනම් කාට හරි පුලුවන් මාව නිවරදි කරන්‍න. 1996 දි රනිල් බටලන්ද කොමිසමේ සාක්ෂි ලබාදීම වාර්තා කරන්න මම සහභාගිවුන මතකයක් මටත් තියෙනවා.

Sanjeewa Batuwatta(සටහන | සංජීව  බටුවත්ත)
නිදහස් මාධ්‍යවේදී  

Sanjeewa Batuwatta ගේ ෆේස්බුක් පිටුවෙන්...
12.03.2025


සබැඳි පුවත් :

රනිල් මේ එන්නට හදන්නේ මොකාට ද? | නීතිඥ ශිරාල් ලක්තිලක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta | The Leader