The Leader News
BREAKING
Top Ad
Opinion

කාටවත් දැන් මේ රට බේරගන්න බෑ - සරෝජ් පතිරණ

T

The Leader Desk

November 2, 2022 • 7:27 AM

කාටවත් දැන් මේ රට බේරගන්න බෑ - සරෝජ් පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය ඉල්ලා අස්වෙලා, මාස හතරකටත් ආසන්නයි.
  •   විශේෂයෙන්ම හැම පැයකම දළ වශයෙන් 40 දෙනෙක් විතර රටින් පිටවෙන නිසා පාස්පෝට් කන්තෝරුව ලඟ ඉන්න අයගේ අදහස් ගන්නත් Rahulට ඕන වෙලා තිබුණ.
  • ඒ නිසා හැම දෙනාම, අත දරුවෝ පවා අරගෙන, හැමෝම මේ රට දාල යන්න ඕනේ." වයස 25යි.
  • හැබැයි ඒ තරුණයා හිටියේ මේ රට විනාස කරපු පාලකයෝ ගැන දැඩි කෝපයකින්.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජපක්ෂලා ගිහින් (?) රනිල් ආවට පස්සේ දැන් ලංකාවේ ආර්ථික තත්වය කොහොමද කියල විමසල බලන Business Daily වැඩසටහනට රටේ තත්වය ගැන විස්තරයක් කරන්න (stand up එකක් දෙන්න) කියල Rahul Tandon මට කෝල් කරලා කිවුව.
 
විශේෂයෙන්ම හැම පැයකම දළ වශයෙන් 40 දෙනෙක් විතර රටින් පිටවෙන නිසා පාස්පෝට් කන්තෝරුව ලඟ ඉන්න අයගේ අදහස් ගන්නත් Rahulට ඕන වෙලා තිබුණ.
 
s 1
 

සිය ගණනක් මිනිස්සු එතන පෝලිමේ; වැඩිපුරම තරුණ අය. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතුව හැමෝම බලාගෙන ඉන්නේ රට යන්න.
 
දේශපාලකයෝ හපල විසි කරලා දාපු මේ ජරාජීර්ණ රට දාල ගිහින් අනාගතේ සරු කරගන්න.

මම ගිහිල්ල කිහිප දෙනෙකුටම කතා කළා. මුලින් හොඳින් කතා කරන මිනිස්සු "මාධ්‍යයෙන්" කිවුව ගමන් මූණ ඇඹුල් කරගන්නවා; අහක බලාගන්නවා; නැත්නම් ඉංග්‍රීසි බෑ කියනවා.

ගොඩක් වෙලාවට ලංකාවේ බොහෝ මාධ්‍යවල හැසිරීම ගැන ඒ මිනිස්සුන්ට පිළිකුලක් දැනෙනවා නම් ඒක වරදකුත් නෙමෙයි.
 
 
s 2

ඒත් පෝලිමේ හිටපු එක තරුණයෙක් පැනල ඇවිල්ල කතා කළේ හරිම උනන්දුවෙන්. ඒ කොල්ලට කියාගන්න ගොඩක් දේවල් තිබුණ.

ඔහු කතා කලේ කෝපයෙන්; ඔහුගේ අදහස්වල තිබුණේ ලංකාවේ තරුණ පරපුරේ ඉච්ඡා භංගත්වය.

"මම රට යන්නේ මුන් මේ රට ***** විනාස කරලා නිසා," ඔහු කෝපයෙන් කිවුව.

ගොඩක් දෙනෙක් කතාකරන්න බෑ කිවුවට මේ කොල්ල නොනවත්වා දේශනයක් දෙනවා -:)  

"මේ ආණ්ඩුව අන්තිම දූෂිතයි. උන් දුප්පත් මිනිස්සු තවත් හිරකරන්න හදනව. මේ රටේ තවත් ජීවත්වෙන්න විදියක් නෑ. ඒ නිසා හැම දෙනාම, අත දරුවෝ පවා අරගෙන, හැමෝම මේ රට දාල යන්න ඕනේ."

වයස 25යි. හැබැයි ඒ තරුණයා හිටියේ මේ රට විනාස කරපු පාලකයෝ ගැන දැඩි කෝපයකින්.
 
 
"කාටවත් දැන් මේ රට බේරගන්න බෑ."
 
 
තවත් කීප දෙනෙක් එක්ක මම කතා කළා.

සමහරු පාස්පෝට් එක ගත්තට යන්නේ කොහෙද, කරන්නේ මොකක්ද කියලවත් අදහසක් නෑ. හැබැයි බලාපොරෝත්තුව ඉක්මනටම මේ රටින් පිටවෙන්න.
 
s 4
 

එතනින් ඇවිල්ල මම කොළඹ දී තව කිහිප දෙනෙකුට කතා කළා.

කාගිල්ස් සාප්පුවකින් පිටවෙන මැදි වයසේ මධ්‍යම පාන්තික යුවලක් මට හමුවුනා.

කඩේ ගියාට දෙන්නගේ අතේ තිබුණේ බොහොම පොඩි බදු මල්ලක්. කාර් එකට යන අතරේ මහත්තය මට මෙහෙම කිවුව:

"රටේ ආර්ථිකය දැන් කලින් හිතුවටත් වඩා ගොඩක් නරකයි."

කොහොමවුණත් අනාගතේ මිට වඩා හොඳ වේවිද? මගෙන් ප්‍රශ්නයක්.

"මට එහෙම පේන්නේ නෑ."

බිරිඳත් අපේ කතාවට එකතුවුනා.

"කොහොමටවත් තත්වය හොඳ වෙලා නෑ. QR කෝඩ් එක නිසා පෙට්‍රල් නම් ටිකක් better ඒත් බඩු මිල අහස උසට. මිල වැඩි වුණත් සමහර බඩු කඩෙත් නෑ.
මේ තත්වය හොඳ වේවි කියල මට පේන්නේ නෑ."

මහත්තය කාර් එක පැත්තට හැරුණේ මෙහෙම කියාගෙන.
 
 
"අපි බලාපොරොත්තු එක්ක ජිවත්වේවි; සුන්වෙච්ච බලාපොරොත්තු එක්ක මැරිලා යාවි."
 
 
මම තව කිහිප දෙනෙක් එක්කම කතා කළා. එයාල කී දේවලුත් ඔබට කියන්නම් ඉදිරියේදී.

ඒ අතරේ රාහුල්, රටින් පිටවෙලා ගිය අය එක්ක වගේම ව්‍යාපාරිකයින් සහ විශ්ලේෂකයින් එක්කත් කතා කරලා තිබුණ.

අහල බලන්න. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම - Rahul Tandon
 
 
 
ඇත්තටම ලංකාවට මොකද මේ වුණේ?.. - (සරෝජ් පතිරණ)සරෝජ් පතිරණ
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්..)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාටවත් දැන් මේ රට බේරගන්න බෑ - සරෝජ් පතිරණ | The Leader