අල්ලනවා විතරක් නෙමෙයි විඩියෝ කරලා ෆේස්බුක් පේජ් වල ඉන්න රීච් හිඟන්නන්ටත් එවනවා..
මේ තියෙන්නෙ එහෙම එවපු විඩියෝවක්. මේක බැලුවම පොලිසිය මේ කරන්නෙ මොන කුණුහරප වැඩක්ද කියල හිතෙනවා.
පොලිසිය ඉන්නෙ මහජන ආරක්ෂාව සහ සාමය රැකීම පිණිස උනාට මේවා මේ කරන්නෙ ඒවට අදාලව නෙමෙයි. කොහෙ හරි තියෙන ස්පා එකකට පැනලා ඒකෙ ඉන්න උන් ටික කුදලගෙන ඇවිල්ලා නඩු දානවා.
මිට අවුරුදු ගානකට කලින් කොල්ලුපිටියෙ ස්පා එකකට පැනල නඩු දාල අන්තිමට පොලිසිය නඩුව පැරදුනා වගෙ මතකයි. ඒකට හේතුව ලංකාවේ නීතියට අනුව තමන් කා එක්ක හරි සල්ලි වලට නිදාගන්න එක නීතිමය වරදක් නෙමෙයි. වරද වෙන්නෙ මුදලට විකිණීම පමණයි. මම නිවරදිනම් ඒ නඩුවේ පාර්ශව වන්දිත් ගත්තා.
දැන් කියන්නෙපා ස්පා කියන්නේ බඩු පොට් ය සම්බාහන මධ්‍යස්ථාන නෙමෙයි කියල. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැ. රටේ තියෙන සාතිශය බහුතරයක් එහෙම තමයි. ඒවා අදටත් තියෙන්නෙ ඔය පොලිසියේ ඕවයිසිලා ඇතුලු උඩ ලේයර් එකෙ හුඟක් අය ඒවයේ හොද පාරිභෝගිකයෝ නිසා.
එහෙම නැති ඒවට පැනල අල්ලලා උජාරුවෙන් කරා වගේ විඩියෝ කරල ෆේස්බුක් එකටත් දානවා. මොන හිඟන වැඩද බන් මේවා???
ආණ්ඩුවේවත් හරිහමන් කොන්ද පණ තියෙන එකෙක් නැ මේවට තියෙන නීතිමය සීමාවන් අයින් කරන්න කියල ෆයිට් කරන්න. අනෙක් අතට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රිවස් කරගත්ත උන්ගෙන් මීට වඩා එකක් බලාපොරොත්තු වෙන්නත් බැ.
කොහොම උනත් ඉතිම් මේවා අල්ලලා වහලා දාල හන්දි ගානෙ ළමයි රේප් උනාම නාහෙන් අඬනවා. ලිංගික අධ්‍යාපනය දෙන්න හැදුවම එපා කියලා ඒ ළමයි මුකුත් නොදැන අඩන්තේට්ටම් උනාම ටයිපටි වල එල්ලෙනවා.
ඒකටම හරියන්න පොලිසියත් මේ වගෙ දෙකයි පනහේ චූන් ගන්නවා.. ඊයා...
(උපුටා ගැනීම - Sasindu Sahan Tharaka ෆේස්බුක් පිටුවෙන්..)




