The Leader News
BREAKING
Top Ad
Opinion

වි‍රෝධයට Sex අවුල්ද? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 6, 2022 • 10:09 AM

වි‍රෝධයට Sex අවුල්ද?  - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙ මෙතෙක් පැවති අසිරිමත්ම විරෝධතාවය #GoHomeGota බව අවිවාදිතයි.
  • අපි දැකලා තියෙන යටි ගිරියෙන් මොරදෙන වාමාංශික විරෝධතා රැල්ලට වෙනස් විදිහෙ කලර් එකක් මේ අලුත් පරම්පර‍ාවෙ අරගලය ඇතුලෙ තියෙනවා.
  • ඇත්තටම ඒක ගෝටාට ගහනවටත් වඩා දේශපාලනිකයි.
  • මේ ආණ්ඩුව පැය 48 ජාතික මෙහෙයුම් දාලා පෝර්න් හබ් වීඩියෝ හදපු උන් අල්ලපු ආණ්ඩුවක්.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ තරම් විසල් විරෝධයක් ඉතිහාසයේ කිසිදවසක පැවතිලා නෑ. ඒ හින්දම ආණ්ඩුවට විශාල අභියෝගයක් වගේම හුරුපුරුදු විරෝධතා ව්‍යාපාරවලටත් මේක ලොකු අභියෝගයක්.

අපි දැකලා තියෙන යටි ගිරියෙන් මොරදෙන වාමාංශික විරෝධතා රැල්ලට වෙනස් විදිහෙ කලර් එකක් මේ අලුත් පරම්පර‍ාවෙ අරගලය ඇතුලෙ තියෙනවා. ඒ ගොල්ලො සෙල්ෆි ගහනවා, සිංදු කියනවා, නටනවා. අපිට පුරුදු දහම්පාසැල් විරෝධතා වගේ නෙමෙයි මේක විනෝදයි. ඒ නිසාම බෝවෙනසුලුයි. විනෝදයම විරෝධයක් වෙනවා.

 FPgYTQVWUAAJGTt

මේ අතරෙ කිසි දවසක අපි දැකලා නැති සටන්පාඨ ටිකක් බෝර්ඩ්වල කුරුටු ගාලා ඉස්සෙන්න පටන් ගන්නවා. මේවා දැකලා සීරියස් විරෝධතාකරුවො කුපිත වෙනවා. මේක බඩගින්නෙ ප්‍රශ්නයක් ඒ හින්ද විහිලු කරන්න එපා කියනවා. විරෝධය පාවා දෙනවා කියල චෝදනා කරනවා. ඒත් ඒ අය අමතක කරන දෙයක් තමයි මේ විරෝධතාවය අයිති ඒ අලුත් පරම්පරාවට කියන එක.

 

සෙක්ස් ගැන ලියවුනු සටන්පාඨත් මේ අතර තිබුන. ඒවා දැකපු ගමන් සිංහල බෞද්ධ විරෝධතා පිරිස් අපහසුතාවයට පත්වුනා. ඒ අයට ඒ බෝඩ් ඉස්සරහ හිටගන්න අවුලක් වගේ දැනුනා. විරෝධය වල් වේගෙන යනවා වගේ පේන්න ගත්තා.

මං හිතන්නෙ මේ පෝස්ටර් ගෝඨාභය කියන පුද්ගලයාට වඩා රාජපක්ෂ සංස්කෘතිය ඉලක්ක කරගත්තා කියල. මේ වෙලාවෙ ගෝටාට විරුද්ධව හිටගෙන ඉන්න සමහර අයත් දන්නෙම නැතුව රාජපක්ෂ සංස්කෘතියේ උරුමයන් ආරක්ෂා කරනවා. සෙක්ස් කියන්නෙ රාජපක්ෂලා විසින් දැඩිවම යටපත් කරපු, ඒ යටපත් කිරීමේ අසහනයම වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ සැත්කම් විදිහට ජාතිවාදයට හරවලා වැඩට ගත්තු දෙයක්.

රාජපක්ෂ සංස්කෘතියට සෙක්ස්වලින් ගහන එක දේශපාලනිකයි. ඇත්තටම ඒක ගෝටාට ගහනවටත් වඩා දේශපාලනිකයි.


‘පෝර්න් හබ් එකේවත් මෙහෙම අරිනවා දැකලා නෑ හාමුදුරුවනේ!’



Faculty of sex Sex in Protest

එක කෙල්ලෙක් ලියලා උස්සගෙන හිටියා. පෝර්න් හබ් ගැන කතාවක් කෙල්ලෙකුට මහ පාරෙ පෝස්ටරයක් විදිහට උස්සන් ඉන්න පුළුවන් කියන්නෙම මොන තරම් පෙරළියක්ද?

මේ ආණ්ඩුව පැය 48 ජාතික මෙහෙයුම් දාලා පෝර්න් හබ් වීඩියෝ හදපු උන් අල්ලපු ආණ්ඩුවක්. ඒවා තමයි ඒ අය කරපු රට දියුණු කරන වැඩ. මං හිතන්නෙ මේ විරෝධය එන්නෙ එතනින් කියල. ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවෙ පුරුෂමූලික ආධිපත්‍යයටත් මේ කෙල්ලගෙ පෝස්ටරෙන් දමලා අරිනවා.


‘ලයිට් කපන්න එපා යකෝ මිනිහගෙන් වදේ’

 

Sex in the protest 3 351x495මේ පෝස්ටරෙත් අල්ලන් හිටියෙ ලස්සන කෙල්ලෙක්. ලංකාවෙ ලයිට් කැපීමත් එක්ක ජනගහනය වර්ධනය වීම ගැන සංඛ්‍යාත්මක දත්ත වාර්තා තියෙනවා. කරන්න වැඩක් නැතුවට හැදුනු ළමයි ඕන තරම් ඉන්නවා. ඒ වගේ සැලසුමක් නැතුව හැදුනු ළමයි රාජපක්ෂලා වගේ වෙන්න පුළුවන්.

ඒ වගේම ආණ්ඩුව මේ වෙද්දි ඇඳ උඩටම ඇවිත් කියන එකත් මේ ලයින් එකේ තියෙනවා. තවදුරටත් මේක දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි පුද්ගලික ප්‍රශ්නයක්. තමන්ගේ රාත්‍රී නින්දට, නිදහසට බලපාන ප්‍රශ්නයක්.

වැදගත්ම කාරණය වෙන්නෙ මේ පෝස්ටර් කෙල්ලන් විසින් ප්‍රසිද්ධියේ උස්සන ඉන්න එක. ඒක ලොකු සංස්කෘතික වෙනසක යෝජනාවක්.
 
 
 
මේවට විරුද්ධව කතන්දර ලියන අය රිදෙන්නෙ අන්න ඒ සංස්කෘතික යෝජනාවට. කෙල්ලො සෙක්ස් ගැන එලිපිට කතා කරනවා කියන්නෙ රාජපක්ෂ සංස්කෘතියට විරෝධයක් තමයි. ඒ මවාගත්ත සිංහල බෞද්ධ වික්ටෝරියානු සළුපිලි ඉරාදැමීමේ ප්‍රචණ්ඩ ක්‍රියාව මේ කෙල්ලො සිම්පල් පෝස්ටරයකින් කරනවා.
 
 
 
මිනිස්සුන්ට තියෙන්නෙ ජීවිතේ මූලිකම අවශ්‍යතා දෙකයි. ඒ තමයි ආහාර සහ ලිංගික කියන දෙක. කෑම ගැන කතා කරනවා වගේම සෙක්ස් ගැන කතා කරන එකත් රාජ්‍ය විරෝධයක අත්‍යවශ්‍ය ලකුණක් විදිහටයි මං දකින්නෙ.

 රාජපක්ෂ ආණ්ඩුව වැඩියෙන්ම පාලනය කලේ සෙක්ස්. එක පැත්තකින් අසභ්‍ය ප්‍රකාශන පණත්, ලිංගික අධ්‍යාපන තහනම් හරහා ලිංගිකව වැහුනු, අසහනයෙන් පිරුනු ජනතාවක් බිහිකළ අතරම අනෙක් පැත්තෙන් ස්ත්‍රී දූෂණ, බලහත්කාරකම් සහ සමලිංගික භීතිකාව ප්‍රවර්ධනය කළා. ඒ යටපත් කළ ගැහැණිය නැවත තමන්ගේ ලිංගික අයිතිය අතට අරගෙන රාජපක්ෂලාට දමා ගැසීමක් විදිහටයි මට මේ පෝස්ටර් පේන්නෙ.

Sex in the protest 2

‘ඔබේ දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඇයි? නන්දසේන වැනි විපත් නැවත සිදු නොවීමටයි’මේ පෝස්ටරය කෙලින්ම රාජපක්ෂ හිතවාදී මැදගොඩ අබේතිස්සලා විසින් පැහැර ගත් ලිංගික අධ්‍යාපන අයිතිය පිළිබඳ අපිට මතක් කරනවා. ඒ අධ්‍යාපනය අවශ්‍ය වන්නෙම රාජපක්ෂලා වැනි රටකට අනවශ්‍ය උපත් පාලනය කිරීමටයි කියල කනේ පාරකුත් ගහනවා.

මේ ලිංගික කලාපයේ රාජපක්ෂ චින්තනය විසින් පැනවූ සීමාවන් ප්‍රශ්න කිරීම, තල්ලු කිරීම කියන්නෙ විරෝධයේ ප්‍රබල ප්‍රකාශනයක්. මේක විනෝදයක් විදිහට කෙනෙකුට පේන්න පුළුවන්. ඒත් ඊට යටින් තියෙන බරපතල විරෝධය මිස් වෙන්න බෑ.


Sex in the protest 1 363x495එක්ස්ප්‍රස් පර්ල් නැව ගිල්ලන්න ආණ්ඩුව පාවිච්චි කරපු පියුමි හංසමාලිත් අරගලයට එකතු වෙලා තිබුන. පියුමි කියන්නෙ ලංකාවෙ සෙක්ස් රැජින. පියුමි හිටියෙ ලිංගික කුහකත්වයේ ප්‍රතිමූර්තියක් වෙන ඉරාජ්ලා එක්ක. ඒ පියුමි තමයි දැන් පාරට බැහැලා ‘ගෝ හෝම් ගෝටා’ කියන්නෙ. වෙන විදිහකින් ඉරාජ්ට මැද ඇඟිල්ල පෙන්නන්නෙ.

විවිධ මෝස්තර විලාසිතාවලින් ජනතාවගේ අනුරාගය අවුළමින් හිටපු පියුමිත් ගෑස් තෙල් ප්‍රශ්නෙට පාරට බහිනවා කියන්නෙ මේ වෙලාවෙ සෙක්සිම තැන මහපාර කියන එකයි. ඒක දේශපාලනික නැද්ද?
 
 
 
මේ පෝස්ටර් විසින් යම් කෙනෙක්ව කළඹවනවා නම්, එයාගෙ සීරියස් බව ගිලිහෙනවා වගේ දැනෙනවා නම් එයාටත් රාජපක්ෂවාදී ලිංගික කුහකත්වයේ බලපෑම තියෙනවා. ඒක ප්‍රශ්න කිරීමත් මේ විරෝධයේම කොටසක්. අපි එලවන්න හදන්නෙ රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි රාජපක්ෂ සංස්කෘතියක්.
 



රනිල් මොහොත - චින්තන ධර්මදාස(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ facultyofsex
'සැබෑ දේශප්‍රේමියෝ' සාමාජික

vyadhadeva@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...