The Leader News
BREAKING
Top Ad
Opinion

ඔව්. ඇප දිය යුතුය !!! | Shalika Wimalasena

T

The Leader Desk

May 23, 2026 • 4:17 PM

ඔව්. ඇප දිය යුතුය !!!  | Shalika Wimalasena

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදුවීමක් ලෙස ගත් විට, රජය විසින් නිකුත් කර ඇති භික්ෂු හැඳුනුම්පතක් ඇති පල්ලේගම හේමරතන භික්ෂූන් වහන්සේට ඇප දිය යුතු යැයි
  • 10,000ක් රඳවා සිටිය හැකි බන්ධනාගාරවල 30,000කට වැඩි පිරිසක් රඳවා තැබීමෙන්ම, එහි ඇති ගැටලුවත්, අධිකරණයකින් වරදකරු කිරීමට පෙර දඬුවම් දීමේ බරපතළ තත්ත්වයත් පැහැදිලි වේ.
  • ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත්, ගස්වල අතු කැපූ මුත්තයියා සහාදේවන් මියගියේ වසර 15ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට, වකුගඩු රෝගය දරුණු වීමෙනි.
  • ඔහුට එරෙහිව තිබූ එක ම සාක්ෂිය වූයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පහර දීමෙන් සහ පවුලේ සමීපතමයන්ට හිරිහැර කරන බවට තර්ජනය කර ලබාගත් පාපොච්ඡාරණයක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
මම පෞද්ගලිකව විශ්වාස කරමි.

සාක්ෂි විමසා අධිකරණයකින් වරදකරු කරන තුරු, විශේෂ තත්ත්වයන් නොමැති සෑම අවස්ථාවකම ඇප ලබාදෙන්නේ නම් එය වැදගත් ය. දන්නා තරමට ඇප පනතේ ප්‍රතිපාදන ද එයාකාර ය.

10,000ක් රඳවා සිටිය හැකි බන්ධනාගාරවල 30,000කට වැඩි පිරිසක් රඳවා තැබීමෙන්ම, එහි ඇති ගැටලුවත්, අධිකරණයකින් වරදකරු කිරීමට පෙර දඬුවම් දීමේ බරපතළ තත්ත්වයත් පැහැදිලි වේ. රක්ෂිත බන්ධනාගාරගතව වසර ගණනාවක් සිට මියගිය, සාක්ෂි නොමැතිව අධිකරණයකින් දඬුවම් නියම නොකොට දඬුවම් විඳි පුරවැසියන් ප්‍රමාණය කොතෙක් ද?

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත්, ගස්වල අතු කැපූ මුත්තයියා සහාදේවන් මියගියේ වසර 15ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට, වකුගඩු රෝගය දරුණු වීමෙනි. ඔහුට එරෙහිව තිබූ එක ම සාක්ෂිය වූයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පහර දීමෙන් සහ පවුලේ සමීපතමයන්ට හිරිහැර කරන බවට තර්ජනය කර ලබාගත් පාපොච්ඡාරණයක් පමණි.

මේ ආකාරයේ උදාහරණ කොපමණක් ද? දඩ ගෙවාගත නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නන් කොපමණක් ද?

වැරදි කරන්නට පොළඹවන සමාජයක, වැරැද්දක් දුටු තැන අල්ලා හිරේ දැමීම වෙනුවට, වෙනත් පාරවල් සෙවිය යුතුය.

පල්ලේගම හේමරතන භික්ෂූන් වහන්සේට ඇප දීමේ සිද්ධියත් සමග මතු විය යුතු සංවාදයක එක පැත්තකි, එය. එහෙත් මතු වූයේ වෙනත් සංවාදයකි.

ඊට හේතුව කුමක්ද?

ඊට හේතුව බලය අවභාවිත කරමින් කළ සෙල්ලමයි. අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබියදී පොලිසිය සැකකරුවාගේ පැත්ත ගත්තේය. නීතිපති වින්දිතයාගේ පැත්තේ නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. කුප්‍රකට ව්‍යාපාරිකයන්ගේ බවට සැක කළ හැකි ප්‍රචාරක ව්‍යාපෘති මගින් වින්දිත පාර්ශ්වය පීඩාවට පත්කිරීමත්, සැකකාර පාර්ශ්වය ඉහළට එසවීමත් සිදු විය. අත්අඩංගුවට ගැනීමෙන් පසු, රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරුට ප්‍රතිකාර අවශ්‍ය නම්, ජාතික රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ රඳවා තැබිය හැකි බවත්, නවලෝක පෞද්ගලික රෝහලෙන් ඉවත් කළ යුතු බවත් අධිකරණයට යළි-යළිත් මතක් කරමින් නියෝග දෙන්නට සිදු විය.

දුමින්ද සිල්වා ජ'පුර රෝහල මතක් කරමින් බන්ධනාගාරයේ සිට සිනාසෙන්නට ඇත.

මේ සියල්ල අස්සේ සිවුරට යට වූ රාජ්‍ය යන්ත්‍රණය පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

ආණ්ඩුවක් කිරීමත්, තර්ක කිරීමත් දෙකක් බව ඇත්ත ය. ආණ්ඩුව, ආණ්ඩු කළ යුත්තේ මේ දේශපාලන සාක්ෂරතාව සහිත, මේ පොළොවේ බව ද ඇත්ත ය. ජාතික ජන බලවේගය ආණ්ඩු කරනවා කියා ඒ පොළොවේ මේ ජාතියේ කඩිනම් වෙනසක් අපේක්ෂා කළ නොහැකි බව ද ඇත්ත ය.

එහෙත් අධිකරණයේ ක්‍රියාවලිය පහසු කිරීමට රාජ්‍ය ආයතන මෙහෙයවනු වෙනුවට, මෙහිදී වෙනත් දෙයක් සිදු වූ බවට, ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදු කළ බවට සැක කළ හැකි අවස්ථා රැසකි. නීතියේ ආධිපත්‍යය පිළිබඳ, යුක්තියේ තේජස පිළිබඳ අපේක්ෂා දැල්වූ පුරවැසියන්ට මෙවැනි තත්ත්වයක් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. යුක්තිය ඉටු වීම ප්‍රමාද කරන්නට කිසිවකුට අයිතියක් නැත.

මේ තත්ත්වය අනුව ගත් විට,

පල්ලේගම හේමරතන භික්ෂූන් වහන්සේ ඇප ලැබීමෙන් පසු බලය අවභාවිත නොකරනු ඇතැයි මට නම් පෞද්ගලිකව කිසිදු විශ්වාසයක් නැත.

Shalika Wimalasena(සටහන | ශාලික විමලසේන)
Shalika Wimalasena
මාධ්‍යවේදී

answimalasena@gmail.com
ewewre

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...