නාමල් ගැන දැන් මටත් ඇතිවෙලා තියෙන්නේ.
ඒ නාමල් ඝාතකයෙක් කියන පදනමින් නෙමෙයි. විශේෂයෙන්ම කාන්තා මානසිකත්වයම තමයි පීඩනයක් වෙලාවේ පිරිමියෙක් ඒක දරාගන්නේ කොහොමද කියන එක ගැන උනන්දුවීම. ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ අමාරුම දේශපාලනකින දරාගැනීම පහසුවෙන්ම කරන කෙනා තමයි මේ වෙලාවේ නාමල්.
රාජපක්ෂ තත්ත්‍රයේ පරාජය එකසිතින් ප්‍රාර්ථනා කරන කෙනෙක් විදිහට වගේම, මාලිමාව වෙනුවෙන් සරලවම කිව්වොත් කඩේ ගිය කෙනෙක් විදිහට වගේම අරගලයට සහභාගී වුනු කෙනෙක් විදිහට උනත් මේ දරාගැනීමේ දේශපාලනය ගැන වචනයක් නොලියා ඉදීම කුහකකමක්.
මීට සමාන අදහසක් චින්තා බයි තක්සලාව වැඩසටහනෙත් කිව්වා මතකයි. ඒ කියන්නේ 69 ලක්ෂයක ආණ්ඩුව ගහල පණ්නලත්, ගෙවල් ගිණිබත් කරලත්, තමන් එක්ක හිටපු බලවත් සේරම වෙන පක්ෂවලට හේත්තුවෙලා තියෙද්දිත් නාමල් තමන්ගේ දේශපාලනයේ අත අරින්නේ නෑ වගේම, තමන් පෙනී සිටිය ප්‍රතිපත්ති (විශේෂයෙන්ම ජාතිය, ආගම, සංස්කෘතිය, පැරණි දේශපාලන ක්‍රමය) වෙනස් කරන්නෙත් නෑ.
මේ වගේ තත්වයක් ලංකාවේ කිසිම දේශපාලන නායකයෙකුට අත්වෙලා නෑ. මොකද කියනවනම් තමන්ගේ 69 ලක්ෂය 2.5% ට අඩුවෙන්නේ තමන්ගේ පාක්ෂිකයෝ බේරේ වැවේ නාවලා, අයෙම සීයාගේ ආච්ච්ගේ සොහොණපවා කඩා දාපු තත්වයක් යටතේ.
දැන් නාමල් කියන දේ මොකද්ද, නාමල් කියන්නේ මේ ආණ්ඩුවෙන් තමන්ගේ පියා ඇතුළු තමන්ගේ පවුල නිදොස් කරන බව. තමන් උවමනානම් රජය භාරගන්න බව. නාමල්ගේ මූනේ කවදා හරි බයක සේයාවක් දැකල තියෙනවද. නෑ. හැමවෙලේම හිනාවෙලා ප්‍රශ්ණවලට මුහුණ දෙන්නේ. මඩ ගහන්නෙත් නෑ. අනුරට කතා කරන්නෙත් අතිගරු ජනාධිපති කියලා, හරිනිට කතා කරන්නෙත් අතිගරු අග්‍රාමාත්‍යතුමිය කියලා.
නාමල් මේ පෙන්වන දේවල් අනුව පැහැදිලිව පේන දේ තමයි ලංකාවේ නිල නොලත් විපක්ෂ නායක නාමල් බව වගේම ඉදිරියේදී මාලිමාවෙන් කැඩෙන ජන්ද සේරම වගේ එකතුවෙන්නේ පොහොට්ටුවට බව. සජිත් වගේ දුර්වල විපක්ෂ නායකයෙක් නිසා වෙන්නේ ඒ දේ.
විමල්, උදය දෙන්නම මේ වෙද්දි නාමල් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් කියන එක වරින් වර කියලා තියෙනවා. ජාතිකවාදි කදවුර (ඇත්තම නම ජාතිවාදී කදවුර) අයෙම සීග්‍රයෙන් නැගිටිනවා. මේ ආණ්ඩුව ඒ කදවුරට බලයට එන්න දිනපතා උදව් කරනවා. ඒ අනුව නාමල් ගැන පොඩි ලව් එකක් ඇතිවෙන එක සාමන්‍ය දෙයක්. ඒක තමයි ලංකාවේ ගෑණු පිරිමි හැමෝගෙම තියෙන දරාගන්නා වෙනුවෙන් ඇතිවෙන ලිංගික ආසාව.
(සටහන | Shenu Perera)
උපුටා ගැනීම Shenu Perera ගේ ෆේස්බුක් පිටුවෙන්....



