The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

ජනාධිපතිතුමනි කරුණාකර ගස් දෙස නොව වනාන්තරය දෙස බලන්න | Shiral Lakthilaka

T

The Leader Desk

December 10, 2025 • 6:07 AM

ජනාධිපතිතුමනි කරුණාකර ගස් දෙස නොව වනාන්තරය දෙස බලන්න | Shiral Lakthilaka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබතුමන් ගොඩනගන්න අදහස් කරන ආපදාවෙන් මිදීමේ ආර්ථිකය රටට දිගු කාලීනව හිතවාදී නොවන්නට පිලිවන!
  • සැබවින්ම ජනතාවගේ හානිපුරනය කල යුතුව තිබේ.
  • නමුත් ජනාධිපතිවරයා යෝජනා කරනු ලබන හානිපුර්න ක්‍රියාමාර්ගය ගනුලබන්නේ රටේ සැබෑ ශේෂ පත්‍රය නොබලා නම් පෙර කියු පරිදි රටට තරනය කරන්නට අභිමුඛවී ඇති වනාන්තරය තරනය කරනු කෙසේ වෙතත් වනාන්තරය තුලම අතරංමං වීමට සිදුවන අවධානමක් ගෙඩනැගීම බව කිවයුතුව තිබේ.
  • දෛවයේ සරදමකට අනුර ජනාධිපතිවරයාට අද සිදුව ඇත්තේ ඊට වෙනස් මාර්ගයක් ඔස්සේ ගෝඨාභය සිදුකල දෙයම සිදු කරන්නට දැයි ප්‍රශ්න කිරීමට සිදුවන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද පශ්චාත් ව්‍යසන නැවත ගොඩනැගීමේ ප්‍රතිපත්ති රාමුව දෙස බලන කල වර්ථමාන රජය තමන් හමුවේ තරනය කරන්නට අභිමුඛවී තිබෙන වනාන්තරය දෙස නොබලා වනාන්තරයේ පවතින ගස් දෙස බලමින් ඉදිරිපත් කරන ලැබු වැඩපිලිවලක් බව අනුමාන කල හැකිව තිබේ.

අනුර ජනාධිපතිවරයා උත්සාහ කරන්නෙ දැවැන්ත සහනාධාර වැඩපිලිවලක් තුලින් ජනතාව මේවනවිට මුහුන දී ඇති අලාබය හානිපුරනය කරන්නටය. සැබවින්ම ජනතාවගේ හානිපුරනය කල යුතුව තිබේ.

එය අනුර කුමාර ජනාධිපතිවරයාගේ රාජ්‍යමය වගකීමකි.

 



නමුත් එය ඔහුගේ බල දේශපාලනික ව්‍යාපෘතියේ කොටසක් නොකරගත යුතුය.

මිට පෙර ආන්ඩු ජනතාවට පිහිට වන්නට කටයුතු කලේ තමන් දෙස බලා රට සෙස නොබලා ජනතාව පිනවන්නටය. අවසානයේ එය අපට හිමි කරලුයේ බංකොලොත්භාවයයි.

වර්ථමාන ජනාධිපතිවරයා එවැනි පිලිවෙතකට නොයායුතුය. ඒ අන්කිසිවක් නිසා නොව තමන් දුන් ප්‍රතිඤාවට එවැන්නක් පටහැනි වන නිසාය.

නමුත් ජනාධිපතිවරයා යෝජනා කරනු ලබන හානිපුර්න ක්‍රියාමාර්ගය ගනුලබන්නේ රටේ සැබෑ ශේෂ පත්‍රය නොබලා නම් පෙර කියු පරිදි රටට තරනය කරන්නට අභිමුඛවී ඇති වනාන්තරය තරනය කරනු කෙසේ වෙතත් වනාන්තරය තුලම අතරංමං වීමට සිදුවන අවධානමක් ගෙඩනැගීම බව කිවයුතුව තිබේ.

මෙම අවධානම අප හදුනාගත යුත්තේ අතීතය තුලින් අපට ලබා ගතහැකි අත්දැකීම් තුලිනි.

ගෝඨාභය ජනාධිපතිවරයා කලේ රාජ්‍යයේ ආදායම පහල දැමීමට හේතුවන ආදායම් එකතු කිරීම චේතනාන්විතව අතහැර දැමීමය. ඒ නිසා රජයේ ප්‍රාථමික ගිනුමේ ශේෂය සෟන අගයකට වැටුනේය. ඒ අල්ල පනල්ලේ කොවිඩ් ව්‍යසනය රටේ හිස මතට කඩා වැටුනේය.

 

lka covid results 2
ආර්ථිකය කඩාවැටෙන්න් එකී පසුබිමකය.

දෛවයේ සරදමකට අනුර ජනාධිපතිවරයාට අද සිදුව ඇත්තේ ඊට වෙනස් මාර්ගයක් ඔස්සේ ගෝඨාභය සිදුකල දෙයම සිදු කරන්නට දැයි ප්‍රශ්න කිරීමට සිදුවන්නේය. ඒ අනුව එදා මෙන්ම අදටද පවතින අනතුර රජයේ ප්‍රාථමික ගිණුම හිස් කිරීමය.

අයවැය කතාවේදී පෙන්නුම් කල පරිදි ජනාධිපතිවරයා උදම් ඇනුවේද විපක්ෂයේ විකල්ප මුදල් ඇමති වරයා වන හර්ෂ ද සිල්වා තහවුරු කලේද භාන්ඩාගාරය බදු මුදලින් පිරී ඉතිරී ඇති බවටය.



ප්‍රාථමික ශේෂය ධනවීම ප්‍රීතියට කරුනක් වුවද එය රටේ තුන් දොස් නිවාරනයට හේතුවන්නේ නැත.

එසේ කියා ප්‍රීතිවු රජයට සිය අය-වැය තුන්වන වර කියවා සම්මත කරගන්නා මොහොතවන විට එසේ පිරී ඉතිරුන භාන්ඩාගාරය වියලි කරන්නට දිත්වා කුනාටුවේ හානිය හේතු කරගන්නටය.

දැන් ජනාධිපතිවරයා කරන්නට හදන්නේ අතදිගහැර ජනතාවට සහන සපයමින් භාන්ඩාගාරය හිස් කරන්නටය.

ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය රාජ්‍ය නායකයා ලෙස ජනතාව කෙරෙහි දක්වන දේශපාලනික මෙන්ම සදාචාරාත්මක වගකීමක් පිලිඹිබු කරන්නාක් මෙන්ම අතාර්කික ජනකාන්තවාදයක් ගැබ්ව තිබෙන්නේය.

anura budget
එම නිසා එම උත්සාහයේ අදුරු පැතිකඩ පිලිබදව කතා කිරීම මෙම ලියවිල්ලේ අරමුන වන්නේය.

අප දක්වන අදුරු පැතිකඩ නොතකා ක්‍රියාකිරීමේ මුර්ථ ප්‍රථිපලය, ගෝටාබය ජනාධිපතිගේ ක්‍රියාකාරකම නිසා අත්පත් කරගත් අවාසනාවන්ත ප්‍රතිපලයට වෙනස් නොවන ප්‍රතිපලයක් බව මෙහිලා අවධාරනය කරන්නට වන්නේය.

එසේ අවාසනාවන්ත ප්‍රතිපලයක් අත්කර නොදෙනු ඇතයි කියන්නට දන්නේ බුදුන් වහන්සේ විසින් රට රැක ගන්නට වගකීම භාරදුන් විශ්නු දෙවියන් පමනකි.

දැන් මේ සිදුවන්නට ඉඩ ඇති අනතුර දෙස බලමු.

* මෙවර අය-වැයට අනුව රජයේ වියදම ලෙස දැක්වෙන්නේ රු. බිලියන 8980 කි. ඒතුල ණය සේවාකරන වියදම රු. බිලියන 4495 කි. ඉතිරිය රජයේ ප්‍රාථමික වියදම් ලෙස ලැබෙන රු. බිලියන 4495කි.

* අයවැයට අනුව රජයේ ආදායම රු. බිලියන 5305 කි.

* ඒ අනුව අය-වැය හිගය රු. බිලියන 3675 කි.

* නමුත් ප්‍රාථමික ගිණු‌මේ ශේෂය රු. බිලියන 860 කි. එය ධන 2.5% ලෙස සටහන් වන්නේය.

ප්‍රාථමික ගිණුමේ ශේෂය නිර්නය කරන්නෙ රජයේ වෙලද ශේෂය හා රජයේ මුර්ථ ප්‍රාථමික ආදායම එනම් බදු, ප්‍රධාන හා සංක්‍රමනික ශ්‍රම ආදායම මතය.

kandy anura

අනුර කුමාර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාගේ සහන පැකේජය ප්‍රාථමික ශේෂය වන රු. බිලියන 860 ඉලක්ක කොට ගෙන තමන්ගේ ප්‍රාග්ධන වියදම් හා වන්දි වියදම් සකස් කරමින් සිටින බවකි.

නමුත් ජනාධිපතිවරයා නොසිතන බව පෙනෙන්ට තිබෙන්නේ එසේ ප්‍රාථමික ශේෂය ශුන්‍ය කිරීමෙන් සිදුවිය හැකි අනර්ථය පිලිබදවය.

එහි බලපෑම ප්‍රාථමිකව ඇති කරන්නේ රටේ දල ජාතික නිශ්පාදනයේ ප්‍රථිශතයක් ලෙස ගැනෙන දල මුල්‍යනමය අවශ්‍යතාවය (Gross Financial Need) මතටය. මේ වන විට එය 24% වන අතර IMF සමග ගිවිසුම් ගතවී ඇත්තේ එම අගය 13% ට අඩු කරන ලෙසටය.

IMF එක රජයට සිය GFN අගය 13% දක්වා පහත හෙලන්නට යයි කියා සිටින්නෙ 2028 දී විදේශ ණය ගෙවීම ආරම්භ කරන කල එම අගය දල ජාතික නිශ්පාදනයෙන් 4% පමන වන නිසා ඒ වන විට රජයේ GFN අගය 17% ක පවත්වා ගෙන යාම ණය තිරසර භාවයට හේතුවන නිසාය.

අප අමතක කර දමන්නේ 2025 ජුනි මාසය වනවිට රටේ මුළු විදේශ හා දේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 9393 ක් වන බවය.( මුලාශ්‍රය: රාජ්‍ය ණය කලමනාකරන කාර්යාලය)

එම ණය ප්‍රමානයෙන් ඩොලර් මිලියන 952 ( මුලික ණය වාරිකය හා පොලිය) වන්නේය.

 

Loans 2023.07.24
ඒ අතර වන විශාලතම ණය වන්නේ ඩොලර් මිලියන 8441 වන දේශීය ණය ප්‍රමානයයි. මෙවර අය-වැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේදී මෙම දේශීය ණය පියවන ආකාරය ගැන සදහනක් කොට තිබුනේ නැත.

ආපදාව සදහා අළුත් වියදම් ඇති කරන විට මෙම දේශීය ණය ආපසු ගෙවීම පිලිබදවද බරපතල අවධානයක් යොමු විය යුතුව තිබේ.

පසුගිය අයවැයේදී එම වගකීම අතහැර දැමුවා සේම මෙවර නව වියදම් සංස්තාපනය කරන කල්හි එය අමත කරනු ලැබුවහොත් ඇති විය හැක්කේ අමිහිරකි.

ණය කලමනාකරන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2025 ජුනි මස වන විට භාන්ඩාගාර බිල්පත් වල වටිනාකම ඩොලර් මිලියන 5880 කි. ඒ සදහා ගෙවන පොලිය ඩොලර් මිලියන 330 කි.

එසේම භාන්ඩාගාර බැදුම්කර වටිනාකම ඩොලර් මිලියන 1341 කි. ඒ සදහා ගෙවන පොලිය ඩො. මි. 1341කි.

මෙම භාන්ඩාගාර බිල්පත් සදහා වාර්ශිකව ණය සේවාකරනය සදහා පිලිවෙලින් ඩොලර් මිලියන 6210 ක් සහ ඩොලර් මිලියන 2231 ක් අවශ්‍ය වන්නේය. ඒ අනුව බලන කල රටේ වාර්ශික ණය සේවාකරනය සදහා වෙන්කොට තැබිය යුතු මුදල ඩොලර් මිලියන 9393කි.

ditwa suli

එවන් පසුබිමක ජනතාවට ආපදා වන්දි ලබා ගැනීමේ ශුද්ධවු අයිතියක් පවතින අතරේම යම් ආකාරයක වු අරපිරිමැසුම් දායකත්වයක් ඉදිරියේ පවතින මහා අනතුර දෙස බලා කටයුතු කිරීම වගකිව යුතු රජයක වගවීම වන්නේය.

විදේශ මුලාශ්‍රයන් පවසන්නේ දිත්වා කුනාටුව හේතුවෙන් රටට වු හානිය ඩොලර් බිලියන 6-7 පමන වන බවය. එය දල දේශීය නිශ්පාදනයෙන් 3-5% පමන වන බවය. මුදල් අමාතංශයේ ලේකම් වරයා පවසන්නෙ ලැබුනු ආධාර මේවන විට රු. මිලියන 700 ක් පමන වන බවය. එය කෙතරම් විස්තාරනය වුවද ඩොලර් බිලියනයක ආසන්නයට පැමිනිය හොත් රටේ වාසනාවක් වන්නේය.

විදේශ රටවලින් ලැබෙන සහනාදාර දැනට ඩොලර් මිලියන 50 ක සමීපයට හෝ පැමින නැත.

 

gift
ප්‍රාග්ධන ආධාර විදේශ රටවලින් ලබා ගන්නට සමත්වුවද එම අගය කිසි සේත්ම ඩොලර් බිලියනයක හෝ ආසන්නයට පැමිනීමට හේතුවක් ඇත්තේ නැත.

එසේ නම් අප කල යුත්තේ අරපිරිමැස්මෙන් අප සතුව පවත්නා සම්පත් කලමනාකරනය කරගැනීම මිස ජනකාන්තවාදී මුදල් වියදම් කිරීමට යොමුවීම නොවේ. ව්‍යසනයේ හානිය දල ජාතික නිශ්පාදනයෙන් 3-5 % බව සත්‍යයක් නම් ඉන් යෝජනා කරන්නේ මෙරට වර්ධන වේගය ඉදිරි වසර තුලදී අඩපන වන බවය.

IMF එකගතා අනුව ණය තිරසර භාවය ඇති කරගැනීම සදහ 2028 දක්වා පවත්වාගත යුතු වර්ධන වේගය 5% පමන විය යුතු බවය.

Import 241224

විදේශ සංචිතය අවම වශයෙන් ඩොලර් බිලියන 10-12 කට ඉහල නැංවිය යුතු නමුදු එය දැන් ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රවනතාවයක් මේවන විටද පෙන්නුම් කරමින් සිටී. ව්‍යසනය නිසා රටට දරන්නට වන වියදම් ඉහලය. අපට නිසැකවම ආහාර ආනයනය කරන්නට සිදුවනු ඇත.

අපනයන භාන්ඩ සදහා යන වියදම ඉහලයාම නිසා ඩොලර් ඉල්ලුම වැඩි වීම හේතුවෙන් එය රුපියල බාල්දු වීමට පදනමක් සපයනු ඇත.

ඒ කියන්නේ පාරිභෝගික භාණ්ඩ මිලද ඉහල යන බවය. දුගියා කබලෙන් ලිපට වැටෙන බවය.

poor 250816

මේ සියල්ල ලියා තැබුවේ වනාන්තරයේ තිබෙන ගස් පිලිබදව නොව රජයේ සහ අප සැවොම ඉදිරියේ පවතින ඝන වනාන්තරය පිලිබදව වැටහීමක් ඇති කරගන්නටය. එසේ නොමැතිව පෙර රජයන් සේම අරබුදයෙන් මිදීම සදහා ජනකාන්තවාදී විසදුම් මත යැපෙන්නට කටයුතු කරන්නේ නම් අපට කිසිදා අප ඉදිරියේ පවතින ඝන වනාන්තරය තරනය කරන්නට නොහැකි වන්නට ඉඩ තිබෙන බව කියන්නටය.


Shiral lakthillaka
(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

slakthilaka@gmail.com


@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...
දෙසැම්බර් 06

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...