The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමා නීතිඥයින් පෙන්වන්නේද ආණ්ඩුවේ නොහැකියාවයි... | Shiral Lakthilaka

T

The Leader Desk

February 15, 2026 • 3:47 PM

මාලිමා නීතිඥයින් පෙන්වන්නේද ආණ්ඩුවේ නොහැකියාවයි... | Shiral Lakthilaka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින
  • එමගින් කියවෙන්නේ කිසිදු පාලනයකින් තොරව සිදුවන පාතාල භීෂණයට" එරෙහිව නීතියේ සම්පූර්ණ බලය ක්‍රියාත්මක කළ යුතු බවත්, එය අධිකරණමය ක්‍රියාවලියෙන් බැහැර ක්‍රම මගින් නොව ශක්තිමත් සහ වෘත්තීයමය පොලිස් සේවාවක් හරහා සිදු කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.
  • මෙම ප්‍රකාශය ජාතික ජනබලවේග දේශපාලනය මෙතෙක් සිදු කරන ලද වාගාලංකාරයන්හි තවත් දිගුවක් මිස එමගින් ගොඩනැගෙමින් පවතින භයානක රටේ නීතිය හා විධානය පිලිබද අරබුදය බරපතල ලෙස තේරුම් ගෙන සිදු කරන ලද්දක් බව අපගේ අදහසයි.
  • බලයට පැමිනෙන්නට පෙර NPPය කීවේ ජාතික ආරක්ෂාව සම්බන්දව මෙරටට ටියුෂන් දීමට පවා හැකිවන පරිචයක් හා අත්දැකීමක් තමන් සතුවන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරණාත්මක තත්ත්වය පිලිබදව ජාතික ජන බලවේගයේ (NPP) නීතිඥයන් විසින් නිකුත් කරන ලද නිවේදනය නිකුත් කොට තිබේ.

එමගින් කියවෙන්නේ කිසිදු පාලනයකින් තොරව සිදුවන පාතාල භීෂණයට" එරෙහිව නීතියේ සම්පූර්ණ බලය ක්‍රියාත්මක කළ යුතු බවත්, එය අධිකරණමය ක්‍රියාවලියෙන් බැහැර ක්‍රම මගින් නොව ශක්තිමත් සහ වෘත්තීයමය පොලිස් සේවාවක් හරහා සිදු කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

sadaww
මෙම ප්‍රකාශය ජාතික ජනබලවේග දේශපාලනය මෙතෙක් සිදු කරන ලද වාගාලංකාරයන්හි තවත් දිගුවක් මිස එමගින් ගොඩනැගෙමින් පවතින භයානක රටේ නීතිය හා විධානය පිලිබද අරබුදය බරපතල ලෙස තේරුම් ගෙන සිදු කරන ලද්දක් බව අපගේ අදහසයි.

බලයට පැමිනෙන්නට පෙර NPPය කීවේ ජාතික ආරක්ෂාව සම්බන්දව මෙරටට ටියුෂන් දීමට පවා හැකිවන පරිචයක් හා අත්දැකීමක් තමන් සතුවන බවය.

බලය ලබා ගත් පසුව NPPය කීවේ පාතාල අපරාධ වියුක්ත සිද්දීන් බවත් එවැනි ක්‍රියාකාරකම් හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවය.

ඉන් පසු දේශබන්දු/ටිරාන් ගේ “යුක්තිය” පන්නයේ දැවැන්ත මහජන ව්‍යාපාරයක් ආරම්බ කරමින් පාතාලයට අණදුන්නේ වහාම “ඉවත් වෙනු” කියාය.

නමුත් NPP රජය බලයට පැමින වසරකට අධික කාලයක් ගතවී ඇති මේ මොහොතේ අප තවමත් අත්විදින්නේ පෙර පැවති තත්වයමය.

එනම් අධිආරක්ෂක කලාපයක දෙනෝදාහක් බලා සිටියදී මෙරට පුරවැසියන් දෙදෙනකු ඝාතනයට ලක් කොට පලා යන ආකාරයයි.

එම සිදුවීමෙන් පැය 24 යන්නට මත්තෙන්ද තවත් ඝාතන දෙකක් වාර්ථාවී තිබේ. එසේම මෙම වසර ආරම්බවීමෙන් පසුව පමනක් පාතාලය අතින් ඝාතනය වු සංඛ්‍යාව 07 ක් බව පොලීසිය වාර්ථා කරයි.

මෙය ජාතික ව්‍යසනයකි. එම ව්‍යසනය පරාජය කිරීම පවතින රජයේ වගකීමක් වනවා සේම එසේ පරාජය කිරීමට නොහැකිවීමේ බර පුර්න වශයෙන් රජයට භාර කරන්නට අප යුහුසුලු වන්නේ නැත.

නමුත් ප්‍රශ්නය වන්නේ වර්ථමාන රජය තමන් හා රට මුහුනදෙන මෙම භයානක ව්‍යසනය නිසි පරිදි තේරුම් ගෙන තිබේද යන්නයි.

එවන් පසුබිමක NPP නීතිඥයන්ද නිකුත් කොට ඇත්තේ වචන මිස ක්‍රියාකාරී අරුතක් සහිත ප්‍රකාශයක් නොවන බව කිව යුතුව තිබේ.

NPP නීතිඥ කණ්ඩායම කියන්නේ නීතිය ඉදිරියේ ඇති සමානතාවය පලුදු වන්නේ පාතාලයට ලබාදෙන දේශපාලන රැකවරණය නිසා එම "දේශපාලන කුඩය" ඉවත් කිරීමෙන් පොලිසියට ස්වාධීනව ක්‍රියා කළ හැකි මට්ටමකට ගෙන ආයුතු බවය.

නමුත් ඒ බව කිව යුත්තේ රටට හෝ සමාජයට නොව තමන්ගේම රජයට බව ඔවුන් අමතක කොට තිබේ.

වර්ථමාන රජය පිහිටුවා වසරකින් එපිටට ගොස් ඇති මොහොතක පාතාලයට ලබා දෙමින් තිබෙන දේශපාලන කුඩය මේ දක්වා බිදදැමීමට නොහැකිවී ඇත්තේ මන්ද යන්න NPP නීතිඥයන් වත් රටට පැහැදිලි කර දිය යුතුව තිබේ.

NPP නීතිඥ කණ්ඩායම කියන්නේ නීතිය සහ සාමය යනු අපරාධකරුවන් අල්ලා ගැනීම පමණක් නොව, අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව විධායකයේ මැදිහත්වීම්වලින් තොරව පවත්වාගෙන යාම බව ඔවුන් අවධාරණය කරයි.

නමුත් අපිට නීතිය හා පිලිවෙල (law and Order) උපදින්නේ රට තුල ස්ථාපිත කරනු ලබන ජාතික ආරාක්ෂාව පිලිබද විධානයන් තුලින් මිස අධිකරනය, නීතිපති හෝ විධායකයේ මැදිහත්වීමකින් තොරව නිතිය හා පිලිවල පවත්වා ගෙන යාමෙන් පමනක් නොවේ.

මක් නිසාද යත් පතාලය විසින් ජාතික ආරක්ෂාව බිඳ දමන්නේ ක්ෂේත්‍ර හතරක් හරහා ය:

  1. භෞතික ආරක්ෂාව: පුරවැසියන්ගේ ජීවිත අනතුරේ වැටීම.
  2. මූල්‍ය ආරක්ෂාව: සමාන්තර කළු ආර්ථිකයක් නිර්මාණය වීම.
  3. නීතිමය ආරක්ෂාව: නීතියේ ආධිපත්‍යය වෙනුවට 'සවිමත් පුද්ගලයාගේ නීතිය' (Rule of Might) රජ වීම.
  4. මනෝවිද්‍යාත්මක ආරක්ෂාව: රජය කෙරෙහි පුරවැසියා තුළ පවතින විශ්වාසය සහ බිය නැති වීම.

අපට අනුව රාජ්‍යයක් යනු "යම් නිශ්චිත භූමියක් තුළ නීත්‍යානුකූල භෞතික බලය හෝ ප්‍රචණ්ඩත්වය භාවිත කිරීමේ ඒකාධිකාරය (Monopoly on the legitimate use of physical force) දරන ආයතනයයි."

මේවන විට එම ඒකාධිකාරියට අනියමයෙන් අභියෝග කරන තරග කරුවන් මේවන විට පාතාලය හරහා බිහිවී තිබේ.

එම නිසා NPP නීතිඥයන් පවසන ආකාරයට ව්‍යුහගත ප්‍රතිසංස්කරණ තුලින් එනම්, හුදු අත්අඩංගුවට ගැනීම්වලින් ඔබ්බට ගොස් විද්‍යාත්මක අපරාධ පරීක්ෂණ සහ විශේෂිත ඒකක සඳහා ආයෝජනය කිරීම තුලින් පමනක් මෙම අභියෝගය පරාජය කරන්නට හැකි වන්නේ නැත.

NPP නීතිඥයන් යෝජනා කරන ආකාරයට මෙම අභියෝගය ජයගත හැක්කේ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ ආරක්ෂක රාජ්‍යයකට නම් සහ එහිදී රජය අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියා කල යුත්තේ හිතුමතේට නොව, පුරෝකථනය කළ හැකි විද්‍යාත්මක නීති පද්ධතියක් හරහා නම් එසේ කරන්නට වන්නේ පවතින නීතියෙන් එපිටට යන්නාවු out of the box ප්‍රවිශ්ඨයක් තුලින් බව කිව යුතුව තිබේ.

ජාතික ජනබලවේගයට නැත්තේ මෙන්න මේ කියන රාමුවෙන් එපිටට ගොස් සිතමින් රාමුව තුල ක්‍රියා කිරීමේ හැකියාවයි.

NPP නීතිඤයන් පෙන්වන්නේද මෙම නොහැකියාවයි.

අමරිකාවව මෙවැනි අභියෝග ජයගත්තේ 1990 දශකයේදී  (RICO නමැති පනත හදුන්වාදීමෙනි. RICO පනත (Racketeer Influenced and Corrupt Organizations Act).

එම පනත මගින් අමරිකාවේ නීතිය ඉලක්ක කලේ පාතාල නායකත්වය වන අතර එමගින් අපරාධ කල්ලියේ නායකයා සෘජුව අපරාධයට සම්බන්ධ නොවූවද, ඔහුගේ යටතේ සිටින පිරිස සිදුකරන අපරාධ සඳහා නායකයාට දඬුවම් දීමට හැකි විය.

ඉතාලිය මෙවැනි අභියෝග ජයගත්තේ Maxi Trial" සහ 416-bis වගන්තිය හදුන්වාදීම මගින් මාෆියා ආකාරයේ සංවිධානයක සාමාජිකයෙකු වීම" යන්න වෙනම අපරාධයක් ලෙස නම් කරන ලදී. මෙහිදී කල්ලියක සාමාජිකයෙකු වීම පමණක්ම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කොට තිබුනි.

ඉතාලිය සිසිලියානු මාෆියාව (Cosa Nostra) මර්දනය කළ ආකාරය ශ්‍රී ලංකාවට ගත හැකි කදිම ආදර්ශයකි.

ඉතාලිය හදුන්වාදුන් Pentiti පද්ධතිය මගින් රජයේ සාක්ෂිකරුවන් බවට පත්වන පාතාල සාමාජිකයන්ට (Turncoats) දඬුවම් ලිහිල් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමෙන් ඔවුන්ගේ රහස්‍යභාවයේ සංස්කෘතිය බිඳ දැමීමට හැකි විය.

ඒ අනුව අපි NPP නීතිඤයන්ට කියන්නේ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් කාලය ගත කරනවාට එපිටට ගිය නිර්මානාත්මක මැදිහත් වීමකට වහ වහා අවතීර්න වන ලෙසටය.

එසේ නොවන්නේ නම් ඔබේ ආන්ඩුවටත්, පුරවැසි අපටත් අබ සරන බව කිව යුතුව තිබේ.

Shiral lakthillaka(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...