The Leader News
BREAKING
Top Ad
Opinion

මේවා කියන්නේ ආණ්ඩුව පලවා හරින්නට නොවේ... | Shiral Lakthilaka

T

The Leader Desk

April 25, 2026 • 6:35 AM

මේවා කියන්නේ ආණ්ඩුව පලවා හරින්නට නොවේ... | Shiral Lakthilaka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ විද්‍යුත් තැපැල් දත්ත හරහා සිදුවු හොරකම හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතුව තිබු ණය පැහැර හැරීමක් මේවන විට සිදුවී තිබේ.
  • මෙම ණය මුදල ශ්‍රී ලංකාව ලබාගන්නේ 2016 දී ඕස්ට්‍රේලියානු කිරි ගවයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියක් සඳහා මෙම ඇමරිකානු ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් සදහාය.
  • අදාළ මුදල ණය හිමියාට නොලැබීම නිසා එය "තාක්ෂණික ණය පැහැර හැරීමක්" (Technical Default) බවට පත්ව තිබේ.
  • IMF වැඩපිලිවල යටතේ ගැනෙන ණය වර්ගීකරණය සහ ප්‍රතිව්‍යුහගතකරණය යටතේ මෙම ණය ගනුදෙනුව ද්විපාර්ශ්වික ණයක් (Bilateral Debt) ලෙස ගැනෙති.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය රාජ්‍යයක් ලෙස මුහුන දෙන්නට සිදුවන බරපතල තත්වයකි.

දැන් අප ණය පැහැර හරින්නේ Export Finance Australia (EFA) හෙවත් Export Finance and Insurance Corporation - EFIC). ඕස්ට්‍රේලියානු රජයට අයත් අපනයන ණය ලබාදෙන නිල ආයතනයක් මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් නය මුදලෙහි වාරිකයන්ය.


මෙම ණය මුදල ශ්‍රී ලංකාව ලබාගන්නේ 2016 දී ඕස්ට්‍රේලියානු කිරි ගවයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියක් සඳහා මෙම ඇමරිකානු ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් සදහාය.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) විද්‍යුත් තැපැල් පද්ධතිය අවභාවිතා කරමින් බැංකු ගිණුම් තොරතුරු වෙනස් කරමින් ව්‍යාජ උපදෙස් ලබා දීම හේතුවෙන් භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියානු රජයේ නිල ගිණුමට යැවිය යුතු වාරිකය ව්‍යාජ ගිණුමකට බැරවී තිබේ.

අදාළ මුදල ණය හිමියාට නොලැබීම නිසා එය "තාක්ෂණික ණය පැහැර හැරීමක්" (Technical Default) බවට පත්ව තිබේ.

IMF වැඩපිලිවල යටතේ ගැනෙන ණය වර්ගීකරණය සහ ප්‍රතිව්‍යුහගතකරණය යටතේ මෙම ණය ගනුදෙනුව ද්විපාර්ශ්වික ණයක් (Bilateral Debt) ලෙස ගැනෙති.


මක් නිසාද යත් එම ණය ගනුදෙනුව ඕස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් ගිවිසුමක් නිසාය.

IMF 250726
IMF වැඩපිලිවල යටතේ ඕස්ට්‍රේලියාව 'පැරිස් සමාජයේ' (Paris Club) සාමාජිකයෙකු ලෙස 2025 ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකාව සමඟ නිල වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹ තිබුනි. එම ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 39 ක සමස්ත ණය මුදල ගෙවීම සඳහා සහන කාලයක් සහ නව කොන්දේසි පනවා තිබුණි.
දැන් භාන්ඩාගාරයේ නොසැලකිලිමත් භාවය නිසා වාරිකය ගෙවීමට නොහැකි වීම, එම එකඟතාව උල්ලංඝනය වීමක් ලෙස සැලකේ.

එය IMF වැඩසටහනට අහිතකර ලෙස බලපා තිබේ.

භාන්ඩාගාර නිලධාරීන් 13 දෙනකුගේ බලවත් නොසැලකිල්ලමත ශ්‍රී ලංකාව නැවතත් ණය පැහැර හරින ලද රාජ්‍යයක් ලෙසට නිල වශයෙන් පිලිගැනීමට ලක් වන්නේය.

රටක් ලෙස අගතියට පත්වීම අතිශය කනගාටුදායක තත්වයක්...


Government Instant Loan Scheme for Public Service
රාජ්‍ය නිලධාරීන්ගේ බරපතල නොසැලකිලිමත්කම හමුවේ රටක් ලෙස අගතියට පත්වීම අතිශය කනගාටුදායක තත්වයක් බව කිව යුතුව තිබේ.

මෙම ණය මුදලට අදාලව ගත් කල ලංකාවට සිදුවී ඇත්තේ බරපතල විපතකි.

එමගිනි පෙන්වන්නේ අපි ගහපු බෙර පදයක් හෝ නටපු නැටුමක් නැති බවය.

රටේ දුක කාට කියන්නද?

* ණයක්  ගත්තද ඒ තුලින් ලංකාව තුල ව්‍යාප්තවු කිරි හරකෙකු හෝ කිරි කර්මාන්තයක් ඇත්තේ නැත. ( එය සිදුවන්නේ අපද අයත් යහපාලන රජය යටතේය)
 
Hacker 260422

* එසේ වැඩකට නැති දෙයකට ගත් ණය ගෙවන්නට ගිය ඩොලර් මිලියන 2.5 ක් ණය හොරුන් විසින් කොල්ලකා තිබේ. ( එය සිදුවන්නේ රාජ්‍ය මුල්‍ය සංඝික දේපලක් බව කී අනුර පාලනය යටතේය)

* දැන් ශ්‍රී ලංකා ජාතික රාජ්‍යයේ ණය තිරසර භාවය රජයේ නොසැලකිල්ල නිසා බලවත් අරබුදයට ලක්ව තිබේ.


අපි සැමදා දෙස් දෙවොල් තැබු සහචර රාජ්‍යයේ තරම එයයි..

ඛේදය සහචර රාජ්‍ය බිදින්නට පැමිනි අනුර පාලනය එය එලසින්ම රැකගෙන තව තවත් පුළුල් කොට ඉදිරියට ගෙන යාමය.

මේවා කියන්නේ ආණ්ඩුව පලවා හරින්නට නොවේ.

අපි රටක් ලෙස මුහුන දෙමින් සිටින දේශපාලනික ඛේදවාචකය පෙන්වා දෙන්නටය.


Shiral lakthillaka
(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

slakthilaka@gmail.com


@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...