The Leader News
BREAKING
Top Ad
Opinion

''ශ්‍රී ලංකාව ණය ගෙවීමට අපහසු රටවල් අතරින් 07වන ස්ථානයේ'' - ආර්ථික හා මුල්‍ය විශ්ලේෂක සේන සුරියප්පෙරුම

T

The Leader Desk

February 13, 2020 • 5:59 PM

 ''ශ්‍රී ලංකාව ණය ගෙවීමට අපහසු රටවල් අතරින් 07වන ස්ථානයේ'' - ආර්ථික හා මුල්‍ය විශ්ලේෂක සේන සුරියප්පෙරුම 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ අවධානයට ලක් වී ඇත්තේ ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට ගෙවිය යුතු විදේශ ණය වසර තුනකින් කල් දමන ලෙස කරන ලද ඉල්ලීමයි.
  • 2015 වන විට අප සිටියේ ලෝකයේ ණය ගෙවීමට අපහසු රටවල් අතරින් හත්වන ස්ථානයේය.
  • මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13කි: ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13කි, එනම් බිලියන 13000 කි.
  • එය දේශීය වශයෙන් 50ක් ද විදේශීය වශයෙන් 50ක් වශයෙන් සටහන් වෙයි.  දළ ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2019 වර්ෂයේ ජාත්‍යන්තර මූලය අරමුදල ගණනය කල ප්‍රමාණය 91.4 % කි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ප්‍රවෘත්තීයට අදාලවම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ ඉන්දීයානු ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් චීනයට ගෙවීමට ඇති ණය මුදල්ද කල් දැමීමට ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

යම් කිසි පාර්ශවයක් යම් කිසි එකඟ වූ කාල සීමාවක් සදහා එකඟ වූ පොළියක් සමඟම නිශ්චිත කාල සීමාවක් තුළදී නැවත පියවීම සඳහා ලබාගන්නා ලද ණයක් ගෙවීම කල් දැමීම (Moratorium ) හෝ ප්‍රතිව්‍යුහ ගත කිරීම ( Rescheduling ) කරනු ලබන්නේ අදාල ණය ගෙවීමට ණය ගැතියාට නොහැකි වු අවස්ථාවකදීය.

මේ අනුව ශ්‍රී ලංකාව හසුවී ඇති ණය උගුලෙන් ( Debt trap ) තවත් පියවරක් ඉදිරියට ගොස් ණය නොගෙවිමට තීරණය කිරීමයි. 

ණය ගෙවීම සදහා කල් ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ අප රට කෙරෙහි තිබු විශ්වාසනීත්වය කෙරෙහිද දැඩි ලෙස බලපානවා ඇත. suri text1

යම් කිසි පුද්ගලයෙකුට, රාජ්‍ය සමාගමකට හෝ රාජ්‍යකට ලබාගත් ණය ගෙවීමට නොහැකි වන්නේ අදාල පාර්ශවයේ අදායම් අඩු වීම ව්‍යාපරය අලාභ ලැබීම හෝ වෙනත් ස්වාභාවි ව්‍යවසනයන් නිසාය. 

ශ්‍රී ලංකාවේ අප හසු වී ඇති ණය උගුල පිළිබඳව මීට වසර පහකට පෙරද එනම් යහපාලනය රජය බලයට පත් වු විට ද අප විසින් රටට හෙලි කරන ලදී. 2015 වන විට අප සිටියේ ලෝකයේ ණය ගෙවීමට අපහසු රටවල් අතරින් හත්වන ස්ථානයේය.

මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13කි:


ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13කි, එනම් බිලියන 13000 කි. එය දේශීය වශයෙන් 50ක් ද විදේශීය වශයෙන් 50ක් වශයෙන් සටහන් වෙයි. 

දළ ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2019 වර්ෂයේ ජාත්‍යන්තර මූලය අරමුදල ගණනය කල ප්‍රමාණය 91.4 % කි. ශ්‍රී ලංකාව වැනි මධ්‍යම අදායම්ලාභි රටකට ණය ප්‍රමාණය දල ජාතික නිශ්පාදනයෙන් 91.4 % යනු පාලනය කළ නොහැකි ප්‍රමාණයකි.

suri text2වර්ථමාන රජය පසුගියදා ලබා දුන් සහන පැකේජය නිසා රජයට 2020 වර්ෂයේදී අහිමි වන රුපියල් බිලියන 550 -600 ආසන්න මුදල් ප්‍රමාණය නිසාද ණය ගෙවීම තවත් අපහසු විය හැකිය. 

තවද එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය දර්ශකයන් ඉදිරිපත් කරන ආයතනයන් විසින් අපගේ ආර්ථික දර්ශකයන් පහතට දමා ඇත. ( Down graded ) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද රජයේ ගමන් මග පිළිබඳව අනතුරු හගවා ඇත.

ග්‍රීසිය හා ආජන්ටිනාව වැනි රටවල තත්වයට !

කොරෝනා වෛරසය මෙන් මෙම ආර්ථික දර්ශකයෙන් පෙන්වා සිටින්නේ ආර්ථික අර්බුදයේ ගමන් මගයි. මේ සඳහා වහාම ප්‍රතිකාර නොකලහොත් එය සමස්ථ ආර්ථිකයේම කඩා වැටීමක් දක්වා ගමන් කිරීමට හැකිය. 

මෙම තත්වය ග්‍රීසිය, ආජන්ටිනාව වැනි රටවල් දැනටත් අත්විදින තත්වයකි. 

එසේනම් මෙම මහා ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒම සඳහා වහාම ගත යුතු ක්‍රියාමාර්ග නව රජයේ ප්‍රතිපත්තී තුළින් ඉදිරිපත් කළ යුතුය.

මේ වන විට දේශීය සහ ජාත්‍යන්තර ණය ගෙවීම පැහැරහැර ඇති රටවල් අතරට ග්‍රීසිය, සුඩානය , සොමාලියාව , සිම්බාබය සහ ආර්ජන්ටිනාව වැනි රටවල් අයත් වන අතර ණය පැහැර හරිමින් සිටින රටවල් අතරට පකිස්තානය, යුක්රේනය, අයිවරිකෝස්ට් , මොල්ඩෝවා ,උරුගුවේ , නිකරගුවා සහ ශී ෂෙ‍ල් රාජ්‍යන්ද අයත් වෙනවා ඇත.

(සේන සූරීයප්පෙරුමගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී) 
 
745f948a440eaae66259bd26b8bf7447 XL




 

 

 

 

 

 

සබැඳි පුවත් :

අගමැතිවරයා 'රට බංකොලොත් බව' පිළිගැනීමෙන් අර්බුද රැසක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

''ශ්‍රී ලංකාව ණය ගෙවීමට අපහසු රටවල් අතරින් 07වන ස්ථානයේ'' - ආර්ථික හා මුල්‍ය විශ්ලේෂක සේන සුරියප්පෙරුම | The Leader