The Leader News
BREAKING
Top Ad
Opinion

ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)

T

The Leader Desk

June 30, 2024 • 10:47 AM

ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මේ රට තවදුරටත් ගත්ත ණය ගෙවන්න බැරි රටක් නෙවෙයි.
  • ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බව ජාත්‍යන්තරව පිළිගෙන තිබෙනවා.
  • ගෝඨාභය පාලනය අරගත් තීන්දු තීරණ හමුවේ වගේම, ඊට පෙරත් එක්සත් ජාතික පක්ෂය විදිහට අපි, විදෙස් ණය ගෙවීමේ අභියෝගය සහ එය ජය නොගතහොත් ඇතිවන අර්බුදය සම්බන්ධයෙන් නිවැරැදි පුරෝකතනයක හිටියා.
  • ඒ නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පවා, විදෙස් සංචිත අවධානම පෙන්වා දුන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


RKඒ අනුව මේ රට තවදුරටත් ගත්ත ණය ගෙවන්න බැරි රටක් නෙවෙයි. ශ්‍රී ලංකාව තවදුරටත්  බංකොලොත් රාජ්‍යයක් නොවන බව ජාත්‍යන්තරව පිළිගෙන තිබෙනවා. හරියට යම් පුද්ගලයකු ගත්ත ණය ගෙවාගන්න බැරුව ක්‍රිබ් එකට වැටිලා, ආයෙත් එයින් නිදහස් වුණා වගේ. සරල තේරුම් ගැනීම එහෙම වුණත්, රටක් වශයෙන් ගත්තාම, රටක් ණය ගෙවීමට බැරුව බංකොලොත් ලේබලය ලබන තත්ත්වය ඉතාම බරපතළයි.

ගෝඨාභය පාලනය අරගත් තීන්දු තීරණ හමුවේ වගේම, ඊට පෙරත් එක්සත් ජාතික පක්ෂය විදිහට අපි, විදෙස් ණය ගෙවීමේ අභියෝගය සහ එය ජය නොගතහොත් ඇතිවන අර්බුදය සම්බන්ධයෙන් නිවැරැදි පුරෝකතනයක හිටියා. ඒ නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පවා, විදෙස් සංචිත අවධානම පෙන්වා දුන්නේ. නමුත් අපි කියපු ඒ ඇත්ත, ඒ මොහොතේ ජනතාව පිළිගත්තේ නෑ .

2022 වන විට තත්ත්වය බරපතළ වුණා. ලංකාවේ රුපියල් ආර්ථිකය වගේම ඩොලර් ආර්ථිකයත් හැකිළුනා. ආර්ථික පීඩනය දරාගන්න නොහැකිව ජනතාව පාරට බැස්සා. රට බේරගන්න කියලා 69 ලක්ෂයක ජනවරමක් ගත්ත ජනාධිපතිට තමන්ගේ පණ බේරගන්න රටින් පැනලා යන තැනට තත්ත්වය දරුණු වුණා.

2022 අප්‍රේල් මාසයේ අපේ රට ගෙන තියෙන ණය ගෙවීමට හැකියාවක් නැති බව මහ බැංකුවේ අධිපති බොහොම පහසුවෙන්, ලෝකයටම දැනුම් දුන්නා. එතැන් පටන් අපි බංකොලොත් රටක් වුණා. නමුත් ඒ කිව්ව තරම් පහසුවෙන් බංකොලොත් බවෙන් නිදහස් වීමේ සහතිකය ගන්න බෑ. ඊට අදාළ ජාත්‍යන්තර නිදර්ශන ඕන තරම් තියෙනවා.

 

ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැක්කේ පරිපූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණවලින්  පමණි ; පැලැස්තර විසඳුම් නැත – ඩැනියෙල් ඇල්ෆොන්සස්2022 වන විට තත්ත්වය බරපතළ වුණා. ලංකාවේ රුපියල් ආර්ථිකය වගේම ඩොලර් ආර්ථිකයත් හැකිළුනා. 

ග්‍රීසියේ වගේම  ආර්ජන්ටිනාවේ අත්දැකීම් ඊට සාක්ෂි දරනවා. ආර්ජන්ටිනාවේ මේ වගේම තත්ත්වයක් ඇතිවූ විට ඔවුන් ඊට විසඳුම් දෙන්න ගියේ, රාජ්‍ය වියදම් 50%කින් කපා දමමින්, සුබසාධක වියදම් නවත්වමින්, රාජ්‍ය සේවකයින් 25%ක් ඉවත් කරමින්. සේවක වැටුප් අඛණ්ඩව කප්පාදු කරමින්. මේ වගේ දරුණු ආර්ථික අර්බුද විසඳීමට ලෝකයේ තිබුණේ ඒ විදිහේ අත්දැකීම්.

අද විපක්ෂයේ ඉඳලා පම්පෝරි ගහන කවුරුත් ඒ වෙලාවේ වැටුණු ආර්ථික අඝාධයෙන් රට ගොඩගන්න අභියෝගය භාරනොගත්තේ ඒ නිසයි. රට ගිය අත තිබුණේ මිහිපිට අපායක් 

වැටුණු රට ගොඩගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පවා ලැබෙයිද කියලා තිබුණේ දැඩි අවිශ්වාසයක්. මොකද රටක් හැටියට ඒ වෙනකොටත් අපි 16 වතාවක් IMF ට පොළු තියලා තිබුණේ. 

 

ආර්ථිකය දේශපාලනයෙන් වෙන්වෙන්න ඕනෑ - ජනාධිපතිරනිල් වික්‍රමසිංහ මහතා වැටුණු තැනින් නැගිටින්න අත්‍යවශ්‍ය වූ ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුවා.
නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ මොහොතේ අභියෝගය බාරගත්තා. ජනප්‍රිය දේශපාලන සටන් පාඨ හමුවේ රැවටුණු ජනතාව ප්‍රතික්ෂේප කළ, නමුත් වැටුණු තැනින් නැගිටින්න නම් අත්‍යවශ්‍ය වූ ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුවා.

විපක්ෂය දිගින් දිගටම මේ උපායමාර්ගික සැළසුම ක්‍රියාත්මක වීමට බාධා කළා. IMF සහාය ලැබෙන්නේ නෑ කිව්වා. ගිවිසුම් ගතවෙන්න එපා කියලා IMF එකට තර්ජනය කළා. පළමු සමාලෝචනය සාර්ථක නැති නිසා දෙවැනි වාරිකය ලැබෙන්නේ නෑ කිව්වා. ණය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහනට ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් වල සහාය ගැනීම ගැන කිව්වේ , "ලංකාවේ මෙච්චර ආර්ථික විශේෂ‍ඥයන් ඉන්නකොට ඒකත් සුද්දන්ට දීලා" කියලා. ණය ගෙවීම කරන්න විදෙස් ශ්‍රමිකයන්ට වැඩිපුර ඩොලර් 500ක් එවන්න කීම විසඳුම හැටියට ඉදිරිපත් කළා. " මචං අපි පුළුවන් වෙලාවට පුළුවන් විදිහට දෙන්නම් " කියලා වැඩේ ගොඩින් බේරගන්න පුළුවන් කිව්වා. ඔය විදිහට ගොඩක් කතා කිව්වා. 2023 දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කරන විට, විදෙස් ණය ප්‍රතිව්‍යුහකරණය වෙන්නේ නෑ කිව්වා.

 

විදෙස් ණය ප්‍රතිව්‍යුහකරණයට අදාළ මේ සුබ ආරංචිය ලැබීම පවා විකෘති කරන්න විපක්ෂය මොනවද නොකළේ
විදෙස් ණය ප්‍රතිව්‍යුහකරණයට අදාළ මේ සුබ ආරංචිය ලැබීම පවා විකෘති කරන්න විපක්ෂය මොනවද නොකළේ ? 

නමුත් මේ රටේ ජනතාව එතරම් අවාසනාවන්ත නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කියපු විදිහට රට ගොඩ දැම්මා. මිලියන 22 ක ජනතාවක් අවධානම් වැල් පාලමෙන් සැලකිය යුතු දුරක් පරිස්සමෙන් ගෙන ආවා. 

දැන් තියෙන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඒ ණය ප්‍රතිව්‍යුහකරණය වෙනුවෙන් එකඟත්වයකට එන්න විතරයි. නමුත් දැන් මේ ප්‍රධාන ද්වීපාර්ශ්ව්ක හා බහු පාර්ශ්වික ණය හිමියන් සමඟ ණය  ප්‍රතිව්‍යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා රටේ ආර්ථිකයට නව ප්‍රබෝධයක් වගේම  ජවයක් ලැබෙනවා.

 

ආර්ථික හැකියාව සහ මැතිවරණ පොරොන්දු - ( සාගල රත්නායක)රට බංකොලොත් වීම නිසා ඇනහිටි විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති යලි ආරම්භ කරන්න හැකි වන නීත්‍යානුකූලත්වය හිමිවෙනවා.

 

2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය කිරීමට අපට සිද්ධ වුණා. නමුත් නව තත්ත්වය හමුවේ 2027 සිට 2032 දක්වා ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කට හෝ ඊට අඩු ප්‍රමාණයක පවත්වාගෙන යාමට අවස්ථාව හිමිවෙනවා.

2022 දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.6 % ක් වුණා. නමුත් මේ එකඟතාවයන් නිසා එය 2027 – 2032  වන විට මෙම අවශ්‍යතාවය 13% කට වඩා අඩු වෙනවා.

ඒ විතරක් නෙවෙයි විදෙස් රටවල් ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ සංවිධාන සමඟ නැවත ගනුදෙනු කිරීමේ අවස්ථාව හිමිවෙනවා. රට බංකොලොත් වීම නිසා ඇනහිටි විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති යලි ආරම්භ කරන්න හැකි වන නීත්‍යානුකූලත්වය හිමිවෙනවා. 

ගුවන් තොටුපළ වෘත්තීය සමිති නායකයින් 28කගේ සේවය අත්හිටුවයිතවත් නව සංවර්ධන ව්‍යාපෘති රැසක් රටට හිමිවෙනවා.

 

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගි මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. ඒ වගේම තවත් නව සංවර්ධන ව්‍යාපෘති රැසක් රටට හිමිවෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය නිසා රටේ දුගී බවට පත්වීමේ ප්‍රතිශතය 6% සිට 23% දක්වා ඉහළ ගියා. නමුත් නව තත්ත්වය ඇතුලේ දුගී බව වගේම , 60% ක් වූ අවිධිමත් ලෙස ආර්ථිකයට බද්ධව පාර්ශවයන්ගේ ආර්ථික අන්තරාව පහව යනවා.

මේ වෙනකොට උද්ධමනය 0.9% යි. පොලී අනුපාත අඩුවෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ක්‍රමයෙන් අඩු වෙනවා. පොසොන් පොහොයට තිබුණ දන්සල් ප්‍රමාණය පවා සාක්ෂි දරන්නේ ආර්ථික පීඩනය සමනය වෙමින් ඇති බවයි. ඒ කියන්නේ 2020 වසරට සමාන තැනකට අපි ඇවිත් තියෙනවා. 

 

රටේ ආර්ථික තත්වය අතිශයින් ම බරපතලයි : 'ගෙවුම් ශේෂ අර්බුදයට' පෙනෙන තෙක්  මානයක විසඳුමක් නැත -රජිත් කීර්ති තෙන්නකෝන්ආරංචිය සුබයි : Sri Lanka Won කියන්නේ ඒකටයි. විපක්ෂය මෙච්චර කලබලත් ඒකයි.

මේ වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට ගියොත් 2025 වසර වන විට අපට 2018 රට තිබූ තත්ත්වයට යන්න පුළුවන්. ඒ එක්කම අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාවට නංවමින් ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වෙන්න පුළුවන්. ආරංචිය සුබයි : Sri Lanka Won කියන්නේ ඒකටයි. විපක්ෂය මෙච්චර කලබලත් ඒකයි.

ඒ නිසා මේ වෙලාවේ හැඟීම් පැත්තකින් තියලා බුද්ධිම තීන්දු තීරණ ගන්න ඕන. කාලයක් ක්‍රිකට් තරග පැරදුණු ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් වුණා. ඊට පස්සේ හොඳටම පැරදුණා. නමුත් නැවත T20 ශූරයන් වුණා. ඒ වගේ තමයි රටක් ලෙස වැටෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය වෙන්නේ හිටියටත් වඩා ශක්තිමත් ලෙස නැගී සිටීමයි. ඒ වෙනුවෙන් වන වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අවශ්‍ය සියලු දෙනා එකමුතුව විනයක් ඇතිව ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීම. 


(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk

[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]


සබැඳි ලිපි:

වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම  ! - (රවි කරුණානායක)

ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)

හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...