The Leader News
BREAKING
ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●ජනතා හිතවාදී රාජ්‍ය සේවයකට බිලියන 371.8ක ආයෝජනයක්●දෙදහසක් රැවටූ බවට චෝදනා ලැබූ මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට●
Top Ad
Opinion

යෞවනයන්ගේ යහපැවැත්ම ගොඩනැගීමට ආගමට කල හැකි මැදිහත් වීම සීමිතයි - ආචාර්ය තනුජා වන්නිආරච්චි

T

The Leader Desk

February 17, 2020 • 10:04 AM

 යෞවනයන්ගේ යහපැවැත්ම ගොඩනැගීමට ආගමට කල හැකි මැදිහත් වීම සීමිතයි - ආචාර්ය තනුජා වන්නිආරච්චි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය ආගම හා යොවුන්විය පිලිබදව සිදුකල අදහස් දැක්වීමක් පහත පළවේ.
  • ''ලෝකයේ අප හදුනාගෙන ඇති සියලුම ජනප්‍රිය ආගම් අඩුම තරමින් වසර දෙදහසකට වඩා පැරණි වේ.
  • වසර දෙදහසකට පෙර තිබු සියලුම නීති සම්ප්‍රදායන් දැනුම හා භාෂාවන් මෙන්ම භෞතික දේවල් තවදුරටත් වලංගු නොවන තත්වයකදී ආගමික දැනුම පමණක් වලංගු වීම එක්තරා ආකාරයක ආගන්තුක බවක් දැකිය හැකිය . අතීතයේදී දේශපාලනය හා ආගම සමාජය පාලනය ප්‍රධානම උපකරණ දෙක වුවත් දේශපාලන දැනුම බොහෝ නවීකරණය වී තිබේ.
  • විශේෂයෙන් යහපත් ලෙස ලෝකය වෙනස් කල කිසිවෙකු පසුගිය සියවස් ගනනාව තුල ආගමික සංස්ථාවෙන් බිහි වී නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය ආගම හා යොවුන්විය පිලිබදව සිදුකල අදහස් දැක්වීමක් පහත පළවේ.
''ලෝකයේ අප හදුනාගෙන ඇති සියලුම ජනප්‍රිය ආගම් අඩුම තරමින් වසර දෙදහසකට  වඩා පැරණි වේ. ලෝක ඉතිහාසය සමග ගත් විට එය ඉතා සුළු කාලයක් වුවත් මානව ඉතිහාසයට සාපේක්ෂකව එය ඉතා විශාල කාලයකි .

වසර දෙදහසකට පෙර තිබු සියලුම නීති සම්ප්‍රදායන් දැනුම හා භාෂාවන් මෙන්ම  භෞතික දේවල් තවදුරටත් වලංගු නොවන තත්වයකදී  ආගමික දැනුම පමණක් වලංගු වීම එක්තරා ආකාරයක ආගන්තුක බවක් දැකිය හැකිය . 

අතීතයේදී දේශපාලනය හා ආගම සමාජය පාලනය ප්‍රධානම උපකරණ දෙක වුවත් දේශපාලන දැනුම බොහෝ නවීකරණය වී තිබේ. නමුත් ආගම සම්බන්දයෙන් එසේ නොවේ. 

අපි අපේ අදාල  ප්‍රපන්චයට අවොත් ආගමට නව යොවුන් වියේ දරුවන්ගේ යහපැවැත්මට සිදුකල හැකි ධනාත්මක මැදිහත් වීම අවමය. විශේෂයෙන් යහපත් ලෙස ලෝකය වෙනස් කල කිසිවෙකු පසුගිය සියවස් ගනනාව තුල ආගමික සංස්ථාවෙන් බිහි වී නැත.Wani text1
එසේම දැනට ලෝකයේ සියලුම සාමකාමී ශිලාචාර සමාජ සියල්ලම පාහේ ආගමික සංස්ථාවේ බල අධිකාරියෙන් මිදුණු නිදහස් සමාජ වේ. 

විශේෂයෙන් සංවර්ධන දර්ශකයක් ලෙස සතුට මනින තත්වයක් තුලදී ලෝකයේ වඩාත් සංවර්ධිත සමාජ වන නොර්වේ නවසිලන්තය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල් එම රටවල ජනයාගේ ජිවිත වලට අඩුම ආගමික මැදිහත් වීමක් දැකිය හැකිය.

නමුත් වැඩිම මැදිහත් වීමක් ඇති රටවල මෙම තත්වය සම්පුර්ණයෙන් ම වෙනස් වේ. නව යොවුන් ප්‍රජාව අතර අද තොරතුරු හා දැනුම ගලා යාමේ ඇති සරල බව නිසා වසර 2000 පැරණි දැනුමට ඔවූන්ගේ ජිවිත වලට කල හැකි බලපෑම සීමිතය.

විශේෂයෙන් නව යොවුන් වියේ අය අනවශ්‍ය ලෙස ආගම කෙරෙහි යොමු කිරීමෙන් ඔවූන් වෙත ලගා වන නව දැනුම හා පැරණි  ආගමික දැනුම අතර සුවිසල් ගැටුමක් ඇති වේ.

මේ තුල ලෝකයේ ඇති විවිධ අතාර්තික දුෂ්ට බලවේග වලට ඔවූන් දිනා ගැනීමට හෝ රැවටීමට ලක් කිරීමට ඇති ඉඩ කඩ වැඩි වේ. ඇෆ්ගනිතානය ප්‍රමුඛ මුස්ලිම් ලෝකය අද මුහුණ දෙන අබියෝගය එයයි.

wani text2එසේම ලෝකය පුරා ආගමික නැඹුරුවකින් යුත් සංක්‍රමික පවුල් අතර අද බරපතල අර්බුදයක් බවට මෙම අභියෝගය පත්ව තිබේ.

හැකිතාක් ආගමික අධ්‍යාපනය අඩු කොට දරුවන් විදිමත් අධ්‍යාපනයට යොමු කිරීමත් දරුවන්ගේ ජිවිතයට ආගමික සංස්ථාවේ බලපෑම හා මැදිහත් වීම  වෙනුවට පවුලේ  ආරක්ෂාව හා මැදිහත් වීම වැඩි කිරීමත් සිදු කල යුතුය.

(ආචාර්ය තනුජා වන්නිආරච්චි)

47542 1457155783819 7554964 n


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...