වැට් බදු සීයට 20 කරලා කියන එක කමෙන්ට් එකක පෙන්වලා මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ කබ්රාල් ගැන කලින් දාපු පෝස්ට් එකේ. ඒ ගැන පැහැදිලි කරගෙනම අදහසක් කියන්න ඕනෑ.
*පළවැනි දේ මේක පනත් කෙටුම්පතක්. පනතක් නෙවෙයි. ඒ නිසා වැට් බදු වෙනස් කරලා නෑ. ඉස්සරහට වෙනස් කරන්න කෙටුම්පතක් දාලා තියෙනවා. මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි.
*දෙවැනි දේ තමයි මේක සමස්ත වැට් බදු නෙවෙයි, මූල්‍ය සේවා මත තියෙන වැට් බද්ද තමයි සීයට 18 සිට 20 කරන්නේ.

මූල්‍ය සේවා මත බද්ද සීයට 20.5 දක්වා වැඩි කිරීමෙන් සාමාන්‍ය මිනිස්සු කරන බැංකු ගනුදෙනු සහ අනෙකුත් මූල්‍ය කටයුතු වලට යන වියදම ඉහළ යනවා. ඒ වගේම ඩිජිටල් සහ ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම්වලින් කරන සේවාවන් වලටත් අලුතින් බදු හඳුන්වා දෙන නිසා, සමස්ත බදු බර ජනතාව මත පටවන එකක් මේකෙන් සිද්ධ වෙනවා. කෙටියෙන් කිව්වොත්, බදු ප්‍රතිශතය හැම දේටම සීයට විස්සක් නොවුණත්, බදු දැලට අහුවෙන ප්‍රමාණය සහ මූල්‍ය සේවා වල බද්ද වැඩි කිරීම හරහා ආණ්ඩුව තමන්ගේ ආදායම වැඩි කරගන්නයි හදන්නේ.
*තුන්වැනි දේ අපි දූෂණ විමර්ශනවලදී හොද දෙයකදී ඒ ගැන පොසිටිව් කතා කරන එකෙන් කියන්නෑ අපි කරන හැම එකකදීම සපෝට් කරනවා කියලා. ප්‍රතිපත්ති කියල එකක් තියෙනව නම් එකග විය හැකි දෙයකදී එකග වෙන්නත්- විරුද්ධ තැන්වල විරුද්ධ වෙන්නත් පුලුවන්.
මැයි දිනේ කම්කරු අයිතිවාසිකම් ගැන ලොකු ලොකු කතා කියලා, දවස් දෙකක් යන්නත් කලින්ම මිනිස්සුන්ගේ බඩට ගහන බදු පනත් කෙටුම්පතක් ගේන එක ඇස් රතුවෙන විහිලුවක්. කාගෙ කාගෙත් ඇස් ඒ විහිළුවෙන් රතුවෙනවා. බස් වල නැගගෙන ආන්ඩුවේ මැයි දින රැලිවලට ගිය අයගේත් ඇස් රතුවෙනවා.
ආණ්ඩුව ලොකුවට මැයි දින රැළි පැවැත්වුවේ මිනිස්සු අපි එක්ක ඉන්නවා කියල පෙන්වන්න. ඒ ඇයි? බදු ගහන්නද? ආණ්ඩුවක්- ආණ්ඩුවක් පොදු ජනයගෙ ආණ්ඩුවක් කියල ගියාම- ඒ මිනිස්සුන්ට අරින එක හරි නෑනේ.
මේකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වැට් බද්ද වගේ වක්‍ර බදු වැඩිකරලා ආණ්ඩුවේ ආදායම හොයාගන්න හදන එක. මූල්‍ය සේවා මත වැට් බද්ද සියයට 18 ඉඳලා සියයට 20.5 දක්වා වැඩිකරන්න තමයි මේකෙන්වා යෝජනා කරලා තියෙන්නේ.
ඒ වගේම බදු ලියාපදිංචි වෙන්න ඕනෑ ආදායම් සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කරන එකෙන් වෙන්නේ අන්තිමට ඒ බරත් පාරිභෝගිකයාගේ කරපිටටම වැටෙන එකයි.
මේ විදිහට බදු දැල පුළුල් කරලා පොඩි ව්‍යාපාර පවා අමාරුවේ දාන එක ඇත්තටම ප්‍රගතිශීලී වැඩක් නෙවෙයි.
මතක තියාගන්න! අපි කියන්නේ බදු එපා කියලා නෙවෙයි !
මතක තියාගන්න! අපි කියන්නේ බදු එපා කියලා නෙවෙයි. කාලයක් තිස්සේ ලංකාවේ වගේම ලෝකයේත් සාකච්ඡාවට ලක් වෙන විකල්ප බදු ක්‍රම තියෙනවා. වෙල්ත් ටැක්ස් වගේම ලංකාවේ දැනට කිසිම තේරුමක් නැතිව දීලා තියෙන බදු සහන මොන තරම් ඉවත් කරන්න පුලුවන්ද?
ඒ වගේම තාවකාලිකව ගත්තොත් ලංකාවේ බදු පැහැරහැරපු මහා පරිමාණ ව්‍යාපාරිකයන් තොගයක් ඉන්නවා. ඒවා අය කරගන්න ක්‍රමවේද හදන්නැද්ද? සරලම දෙයක් කීවොත් දැනට රේගු නිලධාරීන්ට දෙන රේගු ත්‍යාග අරමුදල අහෝසි කරන්න ආන්ඩුවට බැරි ඇයි? රේගුවෙ ලොක්කෙක් ඉන්නවනෙ ජනාධිපති ලේකම් විදියට. බිලියන ගණන් රේගු ත්‍යාග අරමුදල කියලා රේගු නිලධාරීන්ට අල්ලස් විදියට ගෙවන්නේ? වැටුපට අමතරව? ඒවා නවත්වන්න පුලුවන් නේද?
මේක අමු අමුවේම, අයි.එම්.එෆ් එකේ කොන්දේසි සපුරාලන්න ජනතාව පීඩාවට පත් කරන බදු ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනයෑමක්.
ඇත්තටම වැඩකරන මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නව නම්, මැයි දින රැළි නෙවෙයි මෙහෙම බදු ගහන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ.
ඉස්සර අය වගේම මෙයාලාත්, හැම වෙලේම බලන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටම කෙළින්න තමයි.
අපි කියන්නේ බදු ගන්න එපා කියලා නෙවෙයි, බදු ගන්න ක්‍රමය සාධාරණ වෙන්න ඕන කියලයි.
රට අමාරුවෙ වැටෙන වෙලාවකදීවත්- එච්චරකල් රටේ සාරය උරා බීපු ප්‍රකෝටිපතින්ගෙන් වැඩියෙන් බදු අරගෙන, නැති බැරි මිනිහට සහනයක් දෙනවා වෙනුවට මේ කරන වැඩෙන් වෙන්නේ සමාජ අසමානතාවය තවත් වැඩිවෙන එක.
මම එකපාරක් වෙනුවට තුන්පාරක් කියන්නම්. මොකද මිනිස්සු විදින දුක දන්නේ පහළට එන මිනිස්සු විතරයි. ලොකු ලොකු ගෙවල්වල ඉන්න මධ්‍යම පාන්තිකයන්ට ඒවා පේන්නේ නැතිව ඇති. අපට අපේ මිනිස්සු විදින දුක පේනවා.
අපේ මිනිස්සුන්ට....!
මේක දරාගන්න අමාරුයි!
මේක දරාගන්න අමාරුයි!
මේක දරාගන්න අමාරුයි!
අයිඑම්එෆ් බැරිනම් යක්ෂයා එක්ක හරි ෆයිට් කරලා මේක වෙනස් කරන්න!
| තරිඳු උඩුවරගෙදර
journalist
whatnews.lk
උපුටා ගැනීම - Tharindu Uduwaragedara ෆේස්බුක් පිටුවෙන්..




