The Leader News
BREAKING
Top Ad
Opinion

නලින්ද තාම 'The මංගල' වෙලා නෑ... වෙන ගමන් ඉන්නේ.... | Laka Darmarathna

T

The Leader Desk

January 8, 2025 • 9:41 AM

නලින්ද තාම 'The මංගල' වෙලා නෑ... වෙන ගමන් ඉන්නේ.... | Laka Darmarathna

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක තමයි මංගලගේ සම්පූර්ණ නම.
  • ඇයත් මාතර මහනගර සභාවේ මන්ත්‍රීවරියක්. ඇත්තටම මංගල කියන්නේ එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ ෆැෂන් ඩිසයිනර් කෙකෙන්.
  • පින්සිරි 1994 චන්ද්‍රිකා රැල්ලත් එක්ක තමයි මංගල කැබිනට්ටුවට ගොඩවෙන්නේ.
  • මුල්වරට පාර්ලිමේන්තු ආපු මංගල 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කියවෙන නමක් බවට පත්වෙනවා. ඇත්තටම ගත්තොත් මංගල චන්ද්‍රිකාගේ "පින්සිරි" බවට පත්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේක තමයි මංගලගේ සම්පූර්ණ නම. මංගලගේ දේශපාලන ජීවිතේ දිහා මංගල නැතිවෙලා කාලෙකට පස්සේ හැරිලා බැලුවම මංගලගේ දේශපාලනය මංගලගේ නමින්ම පර්ච්ඡේද තුනකට වෙන්කරගන්න පුළුවන්. අපි අග ඉඳලා පටන්ගමු...

සමරවීර

මංගලගේ තාත්තා මහානාම සමරවීර... එයා සිරිමාවෝගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්. අම්මා ඛේමා සමරවීර. ඇයත් මාතර මහනගර සභාවේ මන්ත්‍රීවරියක්. 

ඇත්තටම මංගල කියන්නේ එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ ෆැෂන් ඩිසයිනර් කෙකෙන්. එයා ලංකාවට ඇවිල්ලා ටික කාලයක් ෆෑෂන් ඩිසයිනර් කෙනෙක් විදියට වැඩකරලා දේශපාලනයට එනවා.

 

ඛේමාගේ කොලුවත් ගිය වගයි - කුසල් පෙරේරා

මංගල දේශපාලනයට එනකොට ඒ කව්ද කියලා නාමයෝජනා මණ්ඩලයද කොහෙද අපහු වෙලාවේ (මගේ මතකයට අනුව) සිරිමාවෝ දීල තියන උත්තරය "ඔය ඛේමගේ කොලූනේ" කියලා. 

ඉතිං මංගලගෙත් දේශපාලනයේ ආරම්භය මංගල විසින්ම දැඩිව විවේචනය කරපු පවුල්උරුමයෙන් තමයි පටන්ගන්නේ. මංගලගේ දේශපාලනයේ පළවෙනි චැප්ටර් එක තමයි "සමරවීර"... ඒ කියන්නේ පවුලේ දේශපාලන පුතා...

පින්සිරි 

1994 චන්ද්‍රිකා රැල්ලත් එක්ක තමයි මංගල කැබිනට්ටුවට ගොඩවෙන්නේ. 89 මුල්වරට පාර්ලිමේන්තු ආපු මංගල 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කියවෙන නමක් බවට පත්වෙනවා. 

 

CBK Mangala 300x166
ඇත්තටම ගත්තොත් මංගල චන්ද්‍රිකාගේ "පින්සිරි" බවට පත්වෙනවා. චන්ද්‍රිකා ආණ්ඩුවේ චන්ද්‍රිකාගේ දකුණු වම් සව්වන් බවට පත්වෙන්නේ මංගල, එස්.බී වගේ අය. 

පසුකාලීනව දැඩි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන පෙනී හිටපු හඬනගපු මංගලට චන්ද්‍රිකා කෙලපු පිස්සු දිහා "පින්සිරි" කෙනෙක් වගේ බලාගෙන ඉන්න වෙනවා. 

වයඹ චන්දය, රූකාන්තලාගේ කොණ්ඩ කපපුවා, බැද්දගානේ සංජීවලා ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපුවා වගේ ඒවාවලදී මංගල අභ්‍යන්තර හඬක් නැගුවද නැද්ද කියලා අපි දන්නෑ. 

නමුත් දැනුවත් එළිපිට මංගල කළේ ඒවා ආරක්ෂා කරපු එක. මංගලගේ "පින්සිරි" කොටස අවසන් වෙන්නේ 2005 මහින්ද කරළියට ඒම එක්ක. මහින්දට මංගල කියන්නේ මහින්ද අයියා....

මංගල

Mangala mahinda 2
මහින්ද අයියාගේ 2005 කැම්පේන් එකේ කැම්පේන් මැනේජර් මංගල. කාගෙන්වත් කිසිම සහයක් නැති මහින්දව කරේ තියාගෙන දුවන්නේ මංගලලා ජෙයරාජ්ලා. 

පස්සේ මහින්ද කරේ තියාගත්තු ගොඩදෙනෙක් හිටියේ මහින්දට වැටෙන්නම ගහන ස්තාවරයක. 2005 ජනාධිපතිවුණ මහින්ද මංගල අගමැති කරගන්නෑ... ටැංට ටෑං... ඒ වෙනුවට අගමැතිකම දෙන්නේ රත්නසිරි වික්‍රමනායකට. මංගල විදේශ කටයුතු වරාය සහ සිවිල්ගුවන් සේවා.... 

මම හිතන්නෙ මංගලට මහින්ද යන පාර පෙන්න ගත්තේ එතකොට. විශාල අභ්‍යන්තර ගැටුම් ගානකට පස්සෙ 2007 මංගල විසිවෙනවා මහින්දගේ පක්ෂෙන් එළියට. මංගලයි, ශ්‍රීපතියි.... ශ්‍රීපති මැරෙනවා පාරේ...  මංගල නවතිනවා රනිල් ළඟ....

මෙන්න මෙතනින් පස්සේ තමයි හරියටම අපි දන්න සහ බොහෝදෙනෙක් ආදරේකළ, ඒ ප්‍රමාණයටම පිරිසක් වෛර කළ "The මංගල" කරළියට එන්නේ. මේ "The මංගල" මේ වෙනකොට සමරවීර - පින්සිරි- මංගල කියන චැප්ටර්ස් තුනම හොඳම එකෙන් පහුකරලා තිබ්බ නිසා තමන්ගේ විසාල අත්දැකීම් කලාපය ලංකාවේ සාමාජීය, දේශපාලනික සාම්ප්‍රදායික ක්‍රමවේදය හොල්ලන්න පාවිච්චි කරනවා.

මංගල තමයි මීඩියා තමන්ගේ න්‍යායපත්‍රය ඇතුලේ කරකවන්නේ. ඒක මංගල කලේ බලයෙන් නෙවෙයි. ට්‍රික්ස් වලින්....

 

202973826 10220718582574604 3440614649667933607 n
මහින්දලා එක්ක ඉන්න කාලේ රනිල්ගේ ලිංගික ජීවිතය ගැන, පංති ප්‍රශ්නය ගැන රට පාවාදීම් ගැන මීඩියා ටොපික්ස් හැදුවේ මංගල. ඊටපස්සේ රාජපක්ෂලා හොරු කළේ මංගල... මේක "සිංහල බෞද්ධ" රාජ්‍යක් නෙවෙයි කිව්වේ මංගල... ආගමික ව්‍යාපෘති එක්ක දරුණුවටම පැටළුනේ මංගල.... මංගල තමයි මිලේනියල්ස්ලාට ලෙසටම කතාකරපු ටොක්සික්ම දේශපාලකයා.... අන්න එයා තමයි "The මංගල"  කියලා අඳුනගන්න පුළුවන් වෙන්නෙ....

ඉතිං "The මංගල" කියන්නේ Universal Political චරිතයක්....

 

මංගල තලේබාන්කරණය නොවුණේ ඇයි? - (Mahesh Hapugoda)

මංගල දේශපාලනයෙනුත්, ජීවතයෙනුත් අයින්වෙලා යනකොට මංගල හදලා ගියපු "The මංගල"  කියන කැරැක්ටර් එක මේ දේශපාලන පොළවේ අත්‍යාවශ්‍ය අංගයක් වෙලා ඉවරයි. නරකම දේවල් කෙලින්ම කියන, චූටි හිත් තලන, ටොක්සික්, තමන්ගේ ආණ්ඩුවේ ව්‍යාපෘති වෙනුවෙන් බෙල්ලම තියන, "The මංගල" කියන්නේ දැන් ආණ්ඩුවක අත්‍යවශ්‍යම චරිතයක්....

මේ ආණ්ඩුවේ "The මංගල"  චරිතයට සුදුසුම කෙනා මම හිතන්නේ නලින්ද ජයතිස්ස. දැනට මනුස්සයා වේගෙන් ඒක අතට ගනිමින් යන්නේ. කීපදෙනෙක් "The මංගල" වෙන්න ට්‍රයි කළත් මම හිතන්නේ ඒකට අවශ්‍ය සුදුසුකම් තියෙන්නේ නලින්දට. ඔය "The මංගල" ට පුළුවන් ආණ්ඩුවක් ගෙනියන්නත්, කෙලවලාම දාන්නත්... යහපාලනය දිහා බැළුවොත් ඒක තේරුම්ගන්න පුළුවන් හොඳටම... 

දැනට නලින්ද දිහා බලං ඉන්න එක ඉතාම ඉන්ටරස්ටින්. ආයෙම චන්දයක් එන්න නියමිතව තියෙන්නේ (ප්‍රාදේශීය සභා, පළාත් සභා සමූපාකාර වගේ ඒවනං අදාලම නෑ) අඩුම තව අවුරුදු හතර හමාරකින්. ආණ්ඩුව ඉංදියාව එක්ක, ඇමරිකාව එක්ක, අයි.එම්.එෆ් සහ ලෝක බැංකුව වගේ සංවිධාන එක්කත් දැනට හැසිරෙන ඉතාම පරෙස්සම් විදියට ඊටමෙහා චන්දයක් එන්නෑ කියලා සෑහෙන ෂුවර්....

 

ජනතාවගේ විශ්වාසය යළි ප්‍රතිශ්ථාපනය කරනවා - වෛද්‍ය නලින්ද සෞඛ්‍ය  අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි

ඉතිං නලින්දට "The මංගල" චරිතය කරගෙන යන්න අවම අවුරුදු හතරක් තියනවා. ඔය Clean Sri Lanka, නීතියේ ආධිපත්‍ය, රාජ්‍ය ආයතන පුනරුත්ථාපනය, ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණ වගේ ඒවා ආණ්ඩුව හරියටම කරන්න හිතාගෙන ඉන්නවානං ඒ වෙනුවෙන් අත්‍යවශ්‍යම චරිතය තමයි "The මංගල". හේතුව රිදෙන ඇත්ත දෙකට නැවෙන්නේ නැතුව කෙලින්ම කියන්න පුළුවන් එකෙක් තමයි ආණ්ඩුවකට අත්‍යවශ්‍යම....

මේ ආණ්ඩුව තවම හරියටම ආණ්ඩුවක් වෙලා නෑ.... වෙන ගමන් ඉන්නේ. තවම ඉන්න ගමන් ඇඳුම එහෙම තෙමාගන්නවා. ඒක කමක් නෑ ඉතිං... මුලනේ.... ඉතිං නලින්දත් තාම "The මංගල"  වෙලා නෑ... වෙන ගමන් ඉන්නේ.... 

සුබ පැතුම් ලොක්කා.... ගුටිපූජා මැදින් ඉදිරියට යන්නටත්‍්, ඉස්සරහට තියපු කකුල ආපස්සට නොගන්නටත් හයිය ලැබේවා..... දේශපාලනේදී ඉස්සරහට යන එක අමාරුයි, රිවස් කිරිල්ල ලේසියි....  මේක ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවටත් විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රකාශක නලින්දටත් ඉතාම අදාලයි... 

ලේසියට රිවස් කළාම සොමිය මොනවගේද කියලා දැනගන්න අවශ්‍යනං පළවෙනි එක රිවස් කරන්න කලිං 2019 - 2022 දිහා ආපහු හැරලා බලන්න....

ලකා ගෙන් 'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් (VIDEO)(සටහන | ලකා ධර්මරත්න )
චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ 

Laka Darmarathna ගේ ෆේස්බුක් පිටුවෙන්. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...