The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨා ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ - මහාචාර්ය නලින් ද සිල්වා

T

The Leader Desk

September 6, 2019 • 5:31 AM

ගෝඨා ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ - මහාචාර්ය නලින් ද සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාබය ගෙන් යමක් බලාපොරොත්තු විය හැක්කේ ඔහු ජාතික අපේක්‍ෂකයා නම් පමණක් බවත්, ඔහු පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් තබාගත නොහැකි බවත් මහාචාර්ය නලින් ද සිල්වා අවධාරණය කර සිටියි.
  • ''ගෝඨාභය මොන පක්‍ෂෙන් ඉදිරිපත් වුණත් ඔහු ජාතික අපේක්‍ෂකයා ලෙස සංධානයත් එක්කයි ඉන්න ඕන.
  • 'ගෝඨාභය හා ඡන්ද කෙළිය' නමින් පළකර ඇති එම විචාරයේ මෙසේද සඳහන් වේ.
  • ඔවුන් ශ්‍රී ල නි පක්‍ෂයට එකතු වුණේ කොමියුනිස්ට් හා සමසමාජ පක්‍ෂ කල් ඉකුත් වූ පක්‍ෂ බව තේරුම් ගැනීම නිසයි.  තිස්ස විතාරණත් ඩිව් ගුණසේකරත් තවමත් ඒ බව තේරුම් ගෙන නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෝඨාබය ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම සඳහා 'මහින්ද -බැසිල්' දෙදෙනා ඇතුළු රාජපක්ෂ පවුලට දැඩි සමාජ බලපෑමක් ඇති කළ ජාතික චින්තයේ නායක, මහාචාර්ය නලින් ද සිල්වා 'කාලය' FB පිටුව තුල කල විචාරයක එබව සඳහන් වේ.

''ගෝඨාභය මොන පක්‍ෂෙන් ඉදිරිපත් වුණත් ඔහු ජාතික අපේක්‍ෂකයා ලෙස සංධානයත් එක්කයි ඉන්න ඕන. ඒත් අද ඔහු චාරිකා කරන්නෙ පොහාට්ටුව සමග. ඒක නම් එච්චර හොඳ දෙයක් නො වෙයි.'' මහාචාර්ය වරයා පෙන්වා දෙයි.

'ගෝඨාභය හා ඡන්ද කෙළිය' නමින් පළකර ඇති එම විචාරයේ මෙසේද සඳහන් වේ.

''මගෙන් සමහරු අහනව ගෝඨාභයගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනව ද කියලා. ඔවුන් සමහරකුට ලොකු බලාපොරොත්තු තියෙනවා. මට නම් එහෙම නැහැ. ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් නැහැ. 

ගෝඨාභයගෙන් යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔහු ජාතික අපේක්‍ෂකයා නම් පමණයි. ඒත් ලොකු දෙයක් නම් නොවෙයි. 

රට තව තවත් අගාධයට යෑම වැළැක්වීමත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට පියවරක් දෙකක් ගැනීමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අගාධයට නොවැටී අල්ලා ගෙන සිටීම තමයි වැඩිපුර ම බලාපොරොත්තු Nalinda text 2019.09.06වෙන්න තියෙන්නෙ. 

මේ ටික දැක්ක ගමන් සමහර පොහොට්ටු හිතවතුන් කැළඹෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යය ගැන මතක් කරල අබෞද්ධ ඡන්ද දිනාගන්නෙ කොහොම ද කියල ඒ අය අහන්න ඉඩ තියෙනවා. ඔවුන් කතෝලිකයන්ට කතා කළොත් ඒ ප්‍රශ්නයට පිළිතුරු හොයා ගන්න පුළුවන් වේවි. අද බොහෝ කතෝලිකයන් දන්නවා තම ආගමික හා සංස්කෘතික අනන්‍යතා ආරක්‍ෂා කර ගනිමින් සිංහල බෞද්ධ ධජය සෙවණේ ඉන්නෙ කොහොම ද කියන එක.

ඒත් මා දන්නා හැටියට අබෞද්ධ පවුලක උපන් ඩිලාන් පෙරේරාවත් මාක්ස්වාදයෙන් ඔළුව නරක් කරගත් එස් බී දිසානායකවත් සිංහල බෞද්ධ රාජ්‍ය කතාවට එකඟ වෙන එකක් නැහැ. අද ඔවුනුත් ඉන්නෙ පොහොට්ටුවෙ.

කැලේ මාරු කළත් පුල්ලි මාරු වෙන්නෙ නැහැ
IMG 3080 එස් බී දිසානායක නම් ශ්‍රී ල නි ප හා පොහොට්ටුව එකතු කිරීම වෙනුවෙන් යම් වැඩක් කළා. ඒ ගැන ඔහුට පින්. ඒ ස්තුති කිරීම යන අර්ථයෙන්. ඔහු ජාතිකවාදියකු නො වෙයි. ඔහු තවමත් කොමියුනිස්ට් කාරයෙක්. ඔවුන් ශ්‍රී ල නි පක්‍ෂයට එකතු වුණේ කොමියුනිස්ට් හා සමසමාජ පක්‍ෂ කල් ඉකුත් වූ පක්‍ෂ බව තේරුම් ගැනීම නිසයි. 

තිස්ස විතාරණත් ඩිව් ගුණසේකරත් තවමත් ඒ බව තේරුම් ගෙන නැහැ. ඒත් ඔවුන් හා එස් බී දිසානායක ඩිලාන් පෙරේරා වැන්නවුන් අතර විශාල වෙනසක් නැහැ.

ඩිලාන් කලක් විජය කුමාරතුංගගේ මහජන පක්‍ෂයේත් හිටියා. දැන් කොහොම වෙතත් එකල මහජන පක්‍ෂය සිංහල විරෝධී පක්‍ෂයක්. ඩිලාන් පෙරේරාල එස් බී දිසානායකලා ගැන කියන්න තියෙන්නේ කැලේ මාරු කළත් පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියන කතාව.

අද ඇතැමුන් අහන ප්‍රශ්නයක් තමයි පොහොට්ටුව ජාතිවාදීවූත් ආගමිකවාදීවූත් අන්තවාදීන් රකින්නාවූත් ඊනියා සුළු ජාතික පක්‍ෂ සමග එකතු වෙන්නෙ කවද ද කියන එක. වැඩියෙන් ම ඒක අහන්නෙ මහින්ද පොහොට්ටුවෙ අයට බද්‍යුද්දීන්ලා විවේචනය කරන්න එපා කිව්ව දවසෙ ඉඳන්.

 මහින්ද පොහොට්ටුවෙ කාන්තාවන්ට කිව්ව කාන්තාවන්ට බොරු පොරොන්දු දෙන පිරිමි ඉවරයි කියලා. මට කියන්න තියෙන්නෙ සිංහලයන්ට බොරු පොරෙන්දු දෙන බව අඟවන පක්‍ෂත් ඉවරයි කියලා. 

කාව හරි කොහොම හරි සතුටු කරල ඡන්දෙ ගන්න එක තේරුම් ගන්න බැරි දෙයක් නො වෙයි. ඒත් හැමෝ ම සතුටු කරල ඡන්දෙ ගන්න එක නම් පහසු දෙයක් නො වෙයි. 

අදත් මා සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවක දැක්කා දෙමළ ජාතිවාදී පක්‍ෂ මෙරට රජුන් තනන්නා ලෙස හඳුන්වා තියෙනවා. සිංහලයන් මෙරට රජුන් තනන්නන් නොවන්නේ ඇයි? ජනගහනයෙන් Nalinda text 1 2019.09.0675%කට රජුන් තනන්න බැහැ කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සිංහලයන් රජුන් තනන තෙක් මෙරටට වගුතුවක් වෙන්නෙ නැහැ. 1948න් පසු අපට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම එයයි.

අර සංධානය හදන්න මෙතරම් පරක්කු වෙන්නෙ ඇයි? ගෝඨාභය මොන පක්‍ෂෙන් ඉදිරිපත් වුණත් ඔහු ජාතික අපේක්‍ෂකයා ලෙස සංධානයත් එක්කයි ඉන්න ඕන. ඒත් අද ඔහු චාරිකා කරන්නෙ පොහාට්ටුව සමග. ඒක නම් එච්චර හොඳ දෙයක් නො වෙයි.''

මහාචාර්ය නලින් ද සිල්වා ගේ සම්පුර්ණ විග්‍රහය මෙතනින් කියවන්න 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...